READ ONLINE MAGAZINE
CLICK HERE
Doctor Magazine


කුරුලෑ ගැන වද වෙන්න එපා

February 09,2024 4 0


සමට හිතැති ශාක ශාකසාර විසඳුම
ක්‍රීමිරජා වෙතින්
මහාචාර්ය ආයුර්වේද වෛද්ය සුමනරත්න අමරතුංග DASC, BA pg PhD
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්ය විද්යාලයේ හිටපු විදුහල්පති
ලස්සනට ඉන්න අපි කවුරුත් කැමතියි. පිරිමින්ට වඩා කාන්තාවන් ලස්සනට ඉන්න දරන උනන්දුව කාටත් රහසක් නොවෙයි. ඒ නිසාම තමයි, කොයි තරම් වයසට ගියත් තමන් වයසයි කියලා තමන්ට වගේම බාහිරින් බලන කෙනෙකුට වුණත් පේන්නේ නැතිවෙන තරමට කාන්තාව තමන්ගේ රූපය ගැන සැලකිලිමත් වන්නේ. සිරුරේ ලාලිත්යය නිසාම කාන්තාව හැඩකාරියක්. උපතින්ම හිමිවන ගැහැනුකමත් සමග වැඩෙන රුව වඩාත් සුන්දර වන්නේ ඔබ ඒ වෙනුවෙන් කරන කැපකිරීම් මතයි. එහෙම නොවුනොත් තිබෙන රුවත් අකාලෙ වියැකී යාමට ඔබේ කරියාකාරකම් හේතුවක්ද වෙනවා.
පැහැපත් මුහුණක් ඇති රුවක් එක් කුරුළෑවකින් හෝ තම මුහුණ අවලස්සන වී ඇත්නම් එම තරුණිය අසහනයට පත්වීම අද දවසේ සරල කාරණාවක්. නව යොවුන් විය සුන්දරය, සැහැල්ලූය, නවතාවයන් කෙරෙහි උනන්දු වන ඔවුන් බොහෝ විට අභියෝග හමුවේ නොසැලේ. නමුත් මුහුණ මත මෝදු වන පුංචි කුරුළෑවක් නිසා ඔවුන් සමහර විට සිත් තැවුලකට පත් වන්නේය. කුරුලෑවක් මෝදුවීම කියන්නේ කම්පා විය යුතු කාරණයක් නොවෙයි. හැබැයි, ඔබ නැණවත්ව කටයුතු නොකළොත් ඊට සුදුසු පරතිකාරය නොකළොත් ඇත්තටම එය ඔබේ සිරුර අවලක්ෂණ කරන හේතුවක් වන්නටත් පුළුවන්.
කුරුලෑ ඇතිවීමට හේතු
ගැටවර විය ඉක්මවා තාරුණ්යයට පා තබන විට ශරීරයේ ඇතිවන පිරිමි හෝමෝනයක් වන ටෙස්ටස්ටරෝන් වල කරියාකාරිත්වය නිසා තරුණ තරුණියන්ට කුරුළෑ ඇතිවෙනවා. මේ හේතුව නිසා සමෙහි තෙල් සහිත තත්ත්වයක් ද ඇති වෙනවා. සුදු හා කළු පැහැති බිබිලි මතුවෙනව. රතු පැහැති බිබිලි හටගන්නවා. කුඩා සැරව බිබිලි හටගන්නවා. විශාල ගෙඩි හටගන්නවා. මේවා පොදුවේ කුරුළෑ ලෙස හඳුන්වනවා.
* කෙනෙකුට කුරුළෑ පරම්පරාවෙන් පැවත එන රෝගයක් ලෙසද ඇති වන්නට පුළුවන්.
* කාන්තාවන්ට ඔසප් චකරය හෝ ගර්භණී සමයේදී ඇතිවන හෝමෝන වෙනස්කම් කුරුළෑ වලට හේතුවක් විය හැකියි.
* ඔබ ලබා ගන්නා ඇතැම් ඖෂධ වර්ග වල අතුරු ආබාධ නිසාත් කුරුළෑ ඇතිවන්නට පුළුවන්.
* ඔබ විසින් සිදු කරන වැරදි භාවිතයන් හේතුවෙන් කුරුළෑව වැඩිවී අවලක්ෂණ වීමට ඉඩ තිබෙනවා.
* වැරදි කරීම් වර්ග ආලේප කිරීම අධික රසායනික ද්රව්ය අඩංගු සති දෙකෙන් ඔබ සුදු කරන බව පවසන කරීම් වර්ග දැන් සුලබව වෙළඳපොලේ තිබෙනවා. මේවාට රැවටි බොහෝ තරුණියන් ඔබේ මුහුණ, සම අවලක්ෂණ කරගන්නවා.
* හිස්කබලේ සම වියළී හිස්හොරි ඇතිවී ඒවා මුහුණ මතට වැටෙනවා. ඉන්පසු හිස්හොරි කැබලි මුහුණේ සම මත තැන්පත් වීම නිසාත් කුරුළෑ ඇතිවන්නට පුළුවන්.
* අපගේ වැරදි ආහාර රටාව නිසාත් කුරුළෑ ඇතිවන්නට පුළුවන්. තවද අධික සීතල හා අධික උණුසුම් ජලය පානය හේතුවෙනුත් කුරුළෑ ඇතිවෙනවා. මේ නිසා සමේ ච්ය අගය වෙනස්වීම හේතුවෙන් මේ තත්ත්වය හටගන්නවා.
* මානසික පීඩනය නිසා සිරුරේ හෝමෝන කරියාකාරිත්වය වෙනස්වීම් වලට භාජනය වෙනවා. මේ නිසාත් කුරුළෑ ඇතිවන්නට පුළුවන්.
* අපිරිසිදුකම. ඔබේ දෑත්, තුවා, කොට්ට උර, ඇඳ ඇතිරිලි අපිරිසිදු නම් ඒ නිසාත් කුරුළෑ ඇතිවන්නට අවස්ථාවක් තිබෙනවා.
* කුරුළෑ අතගෑම නිසාත්, මිරිකීම නිසාත් තව තවත් කුරුළෑ වර්ධනය වන බව හෙළිදරව් වී තිබෙනවා.
* දුම්පානය කුරුළෑ ඇතිවීම පරවර්ධනය කරනවා. දුම්වැටි වල තිබෙන රසායනිකයන් සම තව තවත් වියලනවා. ඒ හේතුවෙන් තෙල් ගරන්ථි තව තවත් තෙල් එකතු වීමට, නිපදවීමට කරියා කරනවා. එසේම දුම්වැටි වල තිබෙන රසායනිකයන් සමෙහි අඩංගු කොලැජන හා ඉලස්ටින් කියන හිතකර දෑ බිඳ දමනවා. ඒ හේතුවෙන් සමේ ඇති සිදුරු විශාල වී කුරුළෑ ඇති වෙනවා.
කුරුළෑ වලින් මිදෙන්න උපදෙස්
* දිනකට කිහිප වරක් මුහුණ මඳ උණුසුම් ජලයෙන් මුව සෝදන්න. මුහුණ තදින් පිස දමන්න එපා. ඒ වෙනුවට තෙත මාත්තු කරන්න.
* දිනකට ජලය වීදුරු හත අටක් පමණ පානය කරන්න.
* ඔබේ ආහාර වේලට එළවලූ, පළා වර්ග හා පලතුරු වර්ග එකතු කරගන්න.
* පැණි බීම, කෝලාබීම, ක්ෂණික ආහාර, අධික තෙල් සහිත ආහාර, පාන්පිටි බහුල ආහාර වලින් හැකිතාක් ඉවත්වන්න.
* සතුටින් සිනහවෙන් සැමවිටම ඉන්න පුරුදු වෙන්න.
* ඔබ සියලූ දෙනාගේම සම එක හා සමාන නොවේ. ඒ නිසාවෙන්ම කිසිදු වෛද්ය උපදෙසක් නොමැතිව හිතුමතේ රසායනක ආලේපන ගැල්වීම සුදුසු නැහැ. මේවායේ අතුරු ආබාධ රාශියක් තිබෙනවා.
අපේ රටේ ශාකසාර භාවිතා කර නියම වට්ටෝරු අනුව පරමිතියට නිෂ්පාදනය කරන ආයුර්වේද නිෂ්පාදන කිසිවිටෙකත් සමට හානියක් ගෙන එන්නේ නෑ. අද දවසේ ආයුර්වේද නිෂ්පාදන කියා වෙළඳපොළ රවටන නිෂ්පාදන රාශියක් හතු පිපෙන්නා සේ පැමිණ තිබෙනවා. ඔබලා ආලේපනයක් මිලදී ගන්නා විට හොඳින් පරීක්ෂා කර බලා දැනුවත් වී මිලදී ගන්න.
වසර 75 ක පමණ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අද දවසේ ශරී ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන අතරේ පළමු ස්ථානයේ සිටින හෝමාගම කිරිවත්තුඩුවේ ඇම් ඞී ලිවේරිස් අමරතුංග සහ පුතරයෝ සමාගම නිෂ්පාදනය කරන කරිමිරාජ කුරුලෑ සුවය ඔබේ සමේ කුරුළෑ ලප හා කැළැල් ඉවත් කර සුසිනුදු සමක් සැමදාම පවත්වාගෙන යාමට උපකාරී වන විශිෂ්ට ආයුර්වේද නිෂ්පාදනයකි.
රිමිරාජ කුරුලෑ සුවය ඔබේ මුහුණට දීප්තිමත් රන්වන් පැහැයක් ලබාදෙයි. 75 වසරක අනභිභවනීය දේශීය නිෂ්පාදනයකි. ආයුර්වේද වෛද්ය සභාවේ අනුමැතිය හිමි වී ඇති නිෂ්පාදනයකි. ඔබත් පාවිච්චි කර වෙනස වටහාගන්න. දැන් ඔබට කරිමිරාජ නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැක.
www.krimiraja.lk වෙබ් අඩවියට පිවිස ඇණවුම් කළ හැකියි. නැතිනම් 0742930062 වට්ස්ඇප් අංකයට අමතා නිවසටම ගෙන්වා ගත හැකියි. කරිමිරාජ නිෂ්පාදන දශක හතක් පුරාවට ඔබේ විශ්වාසය එලෙසින්ම තහවුරු කළ ශරී ලංකාවේ අංක එකේ ආයුර්වේද නිෂ්පාදන සමාගමයි.
රිමිරාජ නිෂ්පාදන සඳහා විමසීම්
මහාචාර්ය වෛද්ය සුමණරත්න අමරතුංග
ඇම් ඞී ලිවේරිස් අමරතුංග සහ පුතරයෝ
බාලෟෂධාගාරය
කිරිවත්තුඩුව - හෝමාගම
දුරකථනය/ෆැක්ස් : 0112 753 889
ඊමේල් : contact@krimiraja.lk
වෙබ් අඩවිය : www.krimiraja.lk
දුරකථන : 074 2930 062




Pregnancy

Pregnancy
දරු සම්පත් ප්‍රමාද වීමට හේතු
ඩිම්බ සංචිතය අඩුවීම හා ඊට යොදන පිළියම්WISH Fertility & IVF Hospital හි සායනික කළලවේද විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන්කුමාර MBBS (Sri Lanka) MD (Gyn. & Obs) Infertility China Pg. Dip(Andrology) Monash, OUSL Master of Clinical Embryology Monash, Australia. SLMC Reg. No. 20800කාන්තාවක ගැබ් ගැනීමට ඇති හැකියාව ඇය කෙමෙන් වයස්ගත වත්ම අඩු වන බව අද කවුරුත් දන්නා කරුණකි. වයසට යන විට ස්ත්‍රි බීජ වල ගුණාත්මකභාවය හීන වෙයි. ඒවායේ ඉතාම වැදගත් කොටස වන ප්‍රවේණික පදාර්ථ වල වර්ණදේහ කිසියම් වූ අසාමාන්‍ය වෙනස්කම් රැසකට ලක්වීමේ අවදානමක්ද වයස්ගත වන විට ඇතිවෙයි. එක් එක් කාන්තාවගේ මේ අවපස වෙනස්කම් සැබවින්ම සිදුවන වයස ඒ ඒ කාන්තාවට අනූව ලාක්ෂණිකය. ප්‍රායෝගික වශයෙන් බලන කළ වයස අවුරුදු 35 ඉක්මවූ පසු කාන්තාවකට මේ ගැබ් ගැනීමේ ගැටළු ඇති විය හැක. වයස අවු. 37න් පසු කාන්තාවකගේ දරුවන් වැදීමේ හැකියාව සීඝ්‍රයෙන් පරිහානියට පත් වෙයිස්වාභාවිකව ඩිම්බ සංචිත අඩු වන්නේ මෙහෙමයිකාන්තාවක ගැබ් ගැනීමට අවශ්‍ය වන ස්ත්‍රි බීජ නොහොත් “ඩිම්බ” ඇගේ සිරුරේ නිර්මාණය වන්නේ කවදාද? මේ ඩිම්බ ඇය තම මවගේ කුසයේ සිටින විටත් ඇයට උරුමව අවසන්ය. මෙහි තවත් වැදගත් අනාවරණයක් වන්නේ මේ “ඩිම්බ සංචිතය” වඩාත්ම වැඩිපුර පවතින්නේද ඇය තම මව කුසයේ ඉන්නා කාල පරිච්ඡේදයේම වීමයි. සති 20ක කළලයක්ව ඇය තම මවගේ ගර්භාෂයේ ගත කරන සමයේ ඇය සතුව මිලියන 6-7ක ඩිම්බ සංචිතයක් Ovarian Reserve පවතී. ඇය මෙලොව උපත ලබන විට එම සංඛ්‍යාව මිලියන 1-2ක් පමණ දක්වා අඩු වෙයි. ඇය දැරියකව වැඩෙන සමයේදී එය තවදුරටත් අඩුවන අතර දිනෙක ඇය වැඩිවිය පත් වන විට ඇයට හිමි සමස්ත “ඩිම්බ සංචිතය” 300,000-500,000 නොඉක්මවනු ඇත. වැඩිවිය පත් වීමේන් පසු ඇය වියපත්ව ආර්තව අභාවයට පත් වන තෙක් මසකට වරක් බැගින් පිට කරන ඩිම්බ ප්‍රමාණය 400-500 අතර සංඛ්‍යාවකි. මෝචනය නොවන ඩිම්බ, ඩිම්බ පටක වලටම අවශෝෂණය වෙයි. මේ ක්‍රියාවලිය සෑම චක්‍රයකදීම සිදුවන අතර කෙතරම් ඩිම්බ ප්‍රමාණයක් මෙලෙස අවශෝෂණයට ලක් වෙනවාද යන කාරණය ප්‍රවේණිකව පූර්වයෙන් සැලසුම් වන ජෛවීය ක්‍රියාවලියකි.වරකට පිට කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් පමණක් වූවත්, ජීවිත කාලයටම මේ ජෛව ක්‍රියාවලිය සපිරීමට අවශ්‍ය වන්නේ 400-500ක ඩිම්බ සංචිතයක් වූවත් මේ සංචිතයේ ඩිම්බ අඩු වීමත් එහි ගුණාත්මය දුර්වල වීමත් දරුවන් ලැබීමට අහිතකර සේ බලපවත්වන බව හෙළිදරව් වී තිාබේ. මේ සාඵළ්‍යතාවය හීනවීම ඇගේ වයස 30 ගණන් පමණ වන විට බලගැන්වෙන අතර ඇයට වයස අවු. 37ක් පමණ වන විට හා ඉන් අනතුරුව වේගවත්ව සාඵළ්‍යතාවය හීන වන්නට පටන් ගනී.නිසි කල වයස් වලදී දරු සම්පත් ලබා ගැනීමට උත්සුක විය යුත්තේ ඇයි?මේ නිසා සෑම කාන්තාවක්ම මේ විෂම චක්‍රය බලගැන්වීමට පෙර තම දරු සම්පත් ලබා ගැනීමට ඉටාගත යුතුය. ප්‍රමාදය පසුතැවිල්ලට මෙන්ම බොහෝ පරිශ්‍රමයන්ට තම කාලය හා ධනය වැය කිරීමටද හේතුවක් වන්නට පුළුවන. වයස්ගතව පිටවන ඩිමබ වල වර්ණදේහගත අඩුපාඩුකම වැඩියෙන් පවතින්නට පුළුවන. තත්ත්වයෙන් දුර්ව වූ ඩිම්බයක් සංසේචනය වූ විට එය අධිරෝපනයට (Implantation) බාධා පැමිණිය හැක. එය අධිරෝපනය වූවත් මැනවින් වැඩෙන්නට බාධා අවහිරතා ඇතිවිය හැක. මේවා ගබ්සා වලට ලක්වීමේ අවදානම තරමක් ඉහළය. ගැබ් ගැනීම ප්‍රමාද වන කාන්තාවකට තමන්ගේ ඩිම්බ සංචිතය කෙතරම්ද යන්න සංඛ්‍යාත්මකව සාක්ෂාත් කරගන්නට පරීක්ෂණ රැසක් පවතී. මෙය ඇයගේ නිසරුතා පාදක පරීක්ෂණ වල කොටසක් වශයෙන් සිදු කළ හැකි වන අතර සංචිතය අඩු එකක් වූවද එතෙකුදූ වූවත් ඇය සාමාන්‍ය ස්වාභාවික ලෙසටම ආර්තව චක්‍රය පවතින්නටද පුළුවන.ඩිම්බ සංචිතය අඩු වීමට හේතුබොහෝ අවස්ථා වලදී ඊට නිශ්චිත හේතුවක් කිව නොහැක. එය එක් එක් කාන්තාවගේ ජෛව වයස්ගතවීම හා ප්‍රවේණිය හා බැඳී පවතින්නකි. ඒ හැරුණූ විට ඩිම්බ සංචිතය හීන වීමට පහත සාධකවල බලපෑමක් ඇති බව හඳුනාගෙන තිබේ.* දුම්පානය* ප්‍රවේණික ගැටළු (Fragile X and other X chromosome abnormalities) ආදිය* පිළිකා වලට කරන ප්‍රතිකාර* එන්ඩොමෙටි්‍රයෝසිස් වැනි රෝග හා ඊට කරන ප්‍රතිකාරඩිම්බ සංචිතය අඩුවීම නිර්ණය සඳහා යොදා ගන්නා පරීක්ෂාමේ සඳහා සුලබව යොදා ගන්නා පරීක්ෂා කිහිපයකි. Basal antral follicle count ආර්තව චක්‍රයේ මුල් දින කිහිපයේදී යෝනි මාර්ගය හරහා සිදු කරණු ලබන අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවකින් කුඩා සහ විවේක අවස්ථාවේ පවත්නා කූප (Follicles) ගණනය කිරීමක් මෙහිද සිදුවේ. ඇයට විවේක අවස්ථාවේ පවත්නා කූප 8-9 (Resting follicles) වත් පවතින්නේ නම් එය සාමාන්‍ය ඩිම්බ සංචිතයකැයි සැළකේ. ඒ හැරුණූ විට ඇගේ ඔසප් වීම ආරම්භයෙනි දින 2,3 හා 4 දින වලදී සිදුකරන රුධිර පරීක්ෂණ Serum FSH and serum estradiol ද මෙහිදී භාවිතා කෙරේ. මෙලෙස හෝමෝනය වැඩි වන්නේ ඩිම්බ වයසට යාමේදී මොළය ඊට හැඩ ගැසීමට ගන්නා උත්සාහයෙ ප්‍රතිඵළයක් වශයෙනි. (The FSH level should be less than 10-12 miu/ml. An FSH greater than 18 miu/ml suggests a significant reduction in ovarian reserve with a corresponding marked reduction in the chance of achieving pregnancy, even with advanced fertility treatment.)ඩිම්බ සංචිතය හීන වූ කාන්තාවන්ටත් දරු සම්පත්Reproductive aging නොහොත් ජෛව වශයෙන් සාඵළ්‍යතාවය හීනවීමට සෘජුව නිර්දේශ කරන ප්‍රතිකාර නැත. එහෙත් මේ ගැටළුවට මුහුණපාන කාන්තාවන්ට ඇතැම් ප්‍රතිකාරාත්මක පිළියම් ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව හඳූනාගෙන තිබේ. Dehydroepiandrosterone (DHEA) ආහාර පදාර්ථයක් වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් මෙ වන විට සාර්ථකව පර්යේෂණ සිදුකෙරී ඇත. Dehydroepiandrosterone (DHEA) ඇන්ඩ්‍රජන් වලින් පිරිපුන්ය. මේවා ලබාදීමෙන් කාන්තාවන් රැසක් තමන්ගේම ජන්මාණූ ඇසුරේ ගැබ්ගත් බව අධ්‍යයන වලින් හෙළිදරව් වී තිබේ. මේ ඩිම්බ සංචිත හීනවීමේ ගැටළුව තිබෙන කාන්තාවන්ට තම ඩිම්බ උකහාගෙන ශීතන තත්ත්ව යටතේ සංරක්ෂණය කිරීම නිර්දේශ කෙරේ. Fertility preservation involves retrieving a woman’s eggs from her ovaries and freezing them for later use. ඒ හැරුණූ විට මේ ගැටළු ඇති කාන්තාවන් IVF නව්‍ය තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලැබීමට සුදුස්සන් වන අතර දරු සම්පතක් තමන්ගේම ජාන පසුබිමකින් ලබාගැනීමට මෙකල ඇයට වැඩි අවස්ථාවක් පවතී.නළ දරු තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලබන්නද?එක් එක් අදියර වල ක්‍රම දොළහක් මේ වන විට භාවිතයට ගන්නවා. ICSI, IMSI/PICSI, Capsule Baby, Donor Embryo, Surrogacy PGD, PGS ආදී වශයෙන්. වැය වන මුදල තීරණය වන්නේ යොදා ගන්නා තාක්ෂණය අනූව. යොදාගත යුතු තාක්ෂණය තීරණය වන්නේ ඇයට... නැතහොත් අඹූසැමියනට පවත්නා ගැටළුව අනූව. නමුත් දළ අදහසක් ලබාගත යුතු නිසා කියන්නම්, පටන් ගන්නෙ ලක්ෂ දෙක හමාර තුනක විතර ඉඳන්. ඒ වුණත් නැවත පැවසිය යුතුයි, කෙනෙක් ආවට පස්සෙ ඇයගෙ වාර්තා සමාලෝචනයකින්, මූලික පරීක්ෂණ වලින් පස්සෙ තමයි ඇයට ගැලපෙන නළ දරු තාක්ෂණ ක්‍රමය තීරණය වන්නේ. සමහර විට සරළ මැදිහත්වීමක් ප්‍රමාණවත් වෙන්නත් පුළුවන්. ඇතැම් විට ටිකක් සංකීර්ණ තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නටත් වෙන්න පුළුවනි. ඒ අනූව වැය කළ යුතු වන මුදලත් වෙනස් වනවා.වඩා හොඳ පැමිණ සුදුසුම ක්‍රමය සැලසුම් කර ගැනීමයිමේ හේතුව නිසා වියදම් ගැන දැනගන්න වඩාත් සුදුසු වන්නේ අපට පැමිණ කතා කරන එක. මේකෙදි වියදම් පාර්ශ්වයේ ඇතැම් සහන සලස්වන්න ක්‍රම අප ළඟ සැලසුම් තියෙනවා. ඉතාමත් දුර්වල ආර්ථිකයක් තියෙන අයත් මේ නළ දරු තාක්ෂණයෙන් අපෙන් දරු සම්පත් ලබන බව මෙහිදී කියන්නේ ඔබට දිරියක් ලබා දෙන්නයි.අපට කතා කරන්න. මෙන්න අපේ දුරකතන අංකය:0779 728 799 / 077 3 273 866
Read more

LATEST

You magazine
Typically replies within an hour

Doctor magazine
Hi there 👋
How can I help you?
03:37
×
Chat with Us