READ ONLINE MAGAZINE
CLICK HERE
Doctor Magazine


වකුගඩු රෝගයට නිහඩ මාරයා කියන්නේ ඇයි?

March 15,2024 2 0


මාර්තු 14 දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය වෙනුවෙනි


වකුගඩු රෝගයට 

නිහඩ මාරයා කියන්නේ ඇයි?


අන්තිම වෙනකන් රහසේම හානි කරන

වකුගඩු රෝගය අන්තිම අවස්ථාව ඇති වෙන්නට පෙර කල්වේලා ඇතිව හඳුනාගන්නේ මෙහෙමයි


වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල

MBBS, MD, MRCP(UK) MRCP SCE( Nephrology) DipUKMED( Liverpool) Cert. In. Clinical Nephrooathology( ISN) Consultant Nephrologist




වකුගඩු අක්‍රීය වීමේදී ඇතිවෙන රෝග ලක්ෂණ මොනවාද? අපි ඒ සම්බන්ධයෙන් මේ ලිපියෙන් කතා කතා කරමු.


මාව හමුවෙන්න එන සමහර රෝගීන් මෙහෙම කියනවා.

“මගේ ෆැමිලි ඩොක්ටර් කියනවා, මගේ වකුගඩු නරක් වෙන්න යනවා කියලා.  මට සීනි තියෙනවා, ඒත් වෙන නම් ඉහෙන් බහින ලෙඩක් නෑ. මගේ රුචදරඑ වැරදිද දන්නෑ. කිසිම රෝග ලක්ෂණයක් නැතුව කාට හරි වකුගඩු රෝගයක් හැදෙන්න පුළුවන්ද?


මේ ප්‍රශ්නයට තමයි අද මූලික වශයෙන්ම අපි උත්තර දෙන්නට අවශ්‍ය වන්නේ.

 

වකුගඩුවේ ස්වභාවය තමයි වකුගඩුවක් නරක් වෙනකොටම එම හානියට පත්වීම අවසාන අදියරට එනකන් රෝග ලක්ෂණ පහළ නොවීම.


වකුගඩු රෝගීන්ගේ ශරීරය ඉදිමෙන්නේ ඇයි?

වකුගඩු රෝගියේ එක් ලක්ෂණයක් තමයි ශරීරය ඉදිමීම, මූණ ඉදිමීම ඒ වගේම පාද ඉදිමීම. ඇයි වකුගඩු රෝගීන්ගේ ශරීරය මේ විදිහට ඉදිමෙන්නේ?


කෙනෙක්ගෙ මුත්‍රා නිෂ්පාදනය එන්න එන්න අඩුවෙනව නම් ඇඟේ තියෙන ප්‍රෝටීන් මුත්‍රා එක්ක එළියට යනව නම් ශරීරය මේ විදිහට ඉදිමෙන්න ගන්නවා. මේක පටන් ගන්නෙ ඇස් වටේ තියෙන පොඩි ඉදිමුමකින්. ්ඊට පස්සේ කකුල් දෙක ඉදිමෙන්න ගන්නවා. ඊට පස්සේ බඬේ වතුර පිරෙනවා. බඩ ඉදිමෙනවා. ඊට පස්සේ පෙනහළු වල වතුර පිරුනම හුස්ම ගන්න අමාරුයි. නමුත් මතක තියාගන්න, මේ රෝග ලක්ෂණ වකුගඩු රෝගයේ අවසාන රෝග ලක්ෂණ.


මුත්‍රා සමග ලේ පිටවීමක් තියෙනව නම් ඒ ගැනත් සැළකිලිමත් වෙන්න

ඊළඟ රෝග ලක්ෂණය තමයි මුත්‍රා සමග ලේ පිටවීම. ලේ රතු පැහැයට මුත්‍රා සමඟ ලේ පිටවීම. එක්කෝ ගල් නිසා මෙහෙම වෙනව වෙන්න පුළුවන්. පිළිකාවක් නිසා වෙන්නත් පුළුවන්. පුරස්ථිති ග්‍රන්ථියේ ඉදිමීමක් විතරක් නෙමෙයි ගුච්චිකා ප්‍රදාහය (glomerulonephritis) නිසාත් මේ විදිහට ලේ පිට වෙන්න පුළුවන්.



මුත්‍රා සමග පෙන පිටවීමත් වකුගඩු රෝගයේ අවසන් අදියරේ දක්නට ලැබෙන ප්‍රධාන රෝග ලක්ෂණයක්

ඊළඟ රෝග ලක්ෂණය තමයි ඔබ මුත්‍රා කළාම කොමඞ් එකේ පෙන වගේ දැකගන්නට පුළුවන් වීම. මුත්‍රා සමග පෙන පිටවීම වකුගඩු රෝගයේ අවසන් අදියරේ දක්නට ලැබෙන ප්‍රධාන රෝග ලක්ෂණයක්. පෙන වලින් කියන්නේ මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම ආරම්භ වෙලා තියෙන බව. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් මේ නිරීක්ෂණයේ යෙදීම වඩාත් සුදුසුයි. එහෙම රෝග ලක්ෂණයක් දකිනවා නම් වහාම ඔහු තමන්ගේ පවුලේ වෛද්‍යවරයා මුණ ගැසීම සුදුසුයි.

 

කෑම අරුචිය ඔක්කාරය සහ වමනය

කෑම අරුචිය ඔක්කාරය සහ වමනයත් වකුගඩු අක්‍රිය වීම නිසා ඇතිවෙන්නට පුළුවන්. මේ කියන ඔක්කාරය සහ වමනය වගේ අවස්ථා ඒ තරම් ප්‍රසන්න රෝග ලක්ෂණ නොවෙයි. මේ රෝග ලක්ෂණ දකින්න ලැබෙන්නේ වකුගඩු රෝගයේ අවසාන අදියරේදී බවත් කිව යුතුයි. විශේෂයෙන්ම අප ලේ සුද්ද කරන්න කිට්ටු වෙන අවස්ථාවේදී, වකුගඩුවක් බද්ධ කරන්නට නියමිත අවස්ථාවේදී එහෙම වෙන්න පුලුවන්. හැබැයි, මේ දවසක් දෙකක් ඔක්කාරයක්, වමනයක් ඇතිවුණාම ඒක වකුගඩු රෝගය කියලා හිතන්න එපා. මේ රෝග ලක්ෂණ දීර්ඝකාලීනව දකින්න ලැබෙනවා. වකුගඩු රෝගයේදී මේ විදිහේ රෝග ලක්ෂණ වලට බෙහෙත් දුන්න කියලා ඒ තරම් සනීපයක් දකින්න ලැබෙන්නෙත් නෑ.



වමනය හා ඔක්කාරය වකුගඩු රෝගීන්ට එන්නේ මේ නිසයි

වකුගඩු අක්‍රිය වීම නිසා යූරියා කියන අපද්‍රව්‍ය පස් හය ගුණයකින් වැඩි වෙලා ඒව ඇඟේ එකතු වුණාම එහි බලපෑම මොළයට ඇති වෙනවා. එයින් පස්සේ කෑම පිළිබඳව තිබෙන සංවේදීතාවය නැති කරනවා. කෑම අරුචිය එනවා. හැම තිස්සෙම වමනය වගේ ඇති කරන්නත් මෙහිදී කටයුතු යෙදෙනවා.

 

සිහි මඳ ගතිය සහ වලිප්පුව

වකුගඩු රෝගයේ අවසාන අදියරේදී දැකිය හැකි තවත් රෝග ලක්ෂණයක් තමයි සිහි මඳ ගතිය සහ වලිප්පුව. මේක Uremic encephalopathy කියලා හඳුන්වනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට රෝගියා, අසිහියෙන් ඉන්න පුළුවන්, ෆිට් එකක් වගේ එන්න පුළුවන්. අධික නිදිමත ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට දවල්ටත් නිදා ගන්නවා. රෑටත් නිදාගන්නවා.


සාමාන්‍යයෙන් දකින මේ වගේ රෝග ලක්ෂණ ලඝුකොට තකන්න එපා. එය වකුගඩු රෝගය නිසා ඇති වන්නක් වන්නටත් පුළුවන්.


ඉහත කී රෝග ලක්ෂණ යම් කෙනෙකුට දීර්ඝ කාලීනව තියෙනවා නම්, ඒවට ප්‍රතිකාර කළත් යථා තත්ත්වයකට පත්වීමක් නොමැති නම් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන්නට සිද්ධ වෙනවා.

 

කැසීමත් වකුගඩු රෝගයේ ලක්ෂණයක්

ශරීරයම තදින් කැසීමත් වකුගඩු රෝගයේ ලක්ෂණයක්. මේ කැසීම කොයිතරම් වැඩියෙන් දැනෙනවද කිව්වොත් සමහරුන්ගේ සම කසල කසල තුවාල හැදෙනවා. මේ ශරීරය කැසීමට හේතු වෙන්නේ ඇඟේ තියෙන පොස්පේට් ලවණය එකතු වීම. ඒ වගේම යූරික් ඇසිඞ් ලවණය එකතුවීම. මෙහෙම වුණාම ඇඟේ සම්පූර්ණ කැසීමක් පටන් අරගෙන ඒක ඒ අයට පාලනය කරගන්නට බැරි තරම් තත්ත්වයකට පත්වෙනවා. මදුරුවෙක් කාපු තැනක් කැසීම, එහෙම නැත්නම් යම්කිසි ආසාත්මිකතාවයක් ඇතිවෙලා ඒකෙ ප්‍රතිඵලයක් විදිහට කසන්නට සිදුවීම මේ සමග පටලවා ගන්නත් එපා.


අධික රුධිර පීඩනය නිසා වකුගඩු නරක් වෙනවාද? වකුගඩු රෝගය නිසා අධිරුධිර පීඩනය ඇති වෙනවාද?

අධික රුධිර පීඩනයත් වකුගඩු රෝගයේ අවසාන අදියරේ දක්නට ලැබෙන රෝග ලක්ෂණයක්. අධික රුධිර පීඩනය තියෙන ඇතැම් අය වෙලාවට බෙහෙත් බොන්නේ නෑ. ලු‍ණු ගොඩක් අනුභව කරනවා. එහෙම වුණොත් ඒකෙ ප්‍රතිඵලයක් විදිහටත් වකුගඩුව නරක් වෙන්න ඉඩ තියෙනවා. අධික රුධිර පීඩනය නිසා වකුගඩු නරක් වෙන්න පුළුවන් වගේම වකුගඩු රෝගයේ මූලික ලක්ෂණයක් විදියටත් අධික රුධිර් පීඩනය ඇතිවෙන්න පුළුවන්.


යම් කෙනෙකුට අවුරුදු හතළිහට කලින් ප්‍රෙෂර් තියෙනවා කියලා හඳුනාගත්තොත් ඒ කෙනාගේ වකුගඩුව පරීක්ෂා කිරීම අනිවාර්යෙන්ම කරගත යුතු වනවා. මොකද?  වකුගඩුවේ ප්‍රශ්නයක් නිසා රුධිර පීඩනය ඇතිවෙන්න පුළුවන් නිසා. අවුරුදු 40 පහු වුණාට පස්සේ අඩුම තරමේ අවුරුද්දකට වතාවක්වත් තමන්ගේ ප්‍රෙෂර් එක බලා ගැනීම ඉතාම හොඳ පුරුද්දක්. එය කොයි කවුරුත් කළ යුත්තක්.


ඇඟේ ලේ අඩුවීම වකුගඩු රෝගයේ අවසාන අදියරේ ලක්ෂණයක්

ඇඟේ ලේ අඩුවීම වකුගඩු රෝගයේ අවසාන අදියරේදී, හතරවෙනි අදියරේදී හෝ පස්වෙනි අදියරේදී  දකින්නට ලැබෙනවා. එහෙම රෝගීන්ගේ ඇඟට මහා වෙහෙසක් දැනෙනවා. හිස කැක්කුම ඇති වෙනවා. කලන්තෙ ගතියක්, ඇඟට පණ නැති ස්වභාවයක් දැනෙනවා. මේ වගේ රෝග ලක්ෂණවලින් ඇගේ ලේ අඩුයි කියලා හොයා ගත්තොත් ඔහුට වකුගඩු රෝගය තියෙනවද කියන එක ගැනත් පරික්ෂා කරන්නට අවශ්‍යයි.


විටමින් ඩී ඌණතාවය

වකුගඩු රෝගයේ හතරවෙනි පස්වෙනි අදියරේදී දක්නට ලැබෙන තවත් රෝග ලක්ෂණයක් තමයි විටමින් ඩී ඌණතාවය. තමන්ට මෙහිදී, ඉක්මණින් කේන්ති යන ස්වභාවයක් ඇතිවෙනවා. තමන්ගේ අස්ථි වල පණ නැති කමක් දැනෙනවා. වැටුණොත් අස්ථියක් බිඳීමේ අවදානමක් තියෙනවා. රෑ නින්දෙදි මස්පිඬු පෙරළෙන්නට පුළුවන්. මුළු ඇඟම රිදෙන ස්වභාවයක් සහ අධික වෙහෙසක් දැනීම විටමින් ඩී ඌණතාවයේ රෝග ලක්ෂණ. වකුගඩු රෝගියෙක් ලෙස යම් කෙනෙක් හඳුන ගත්තාම අනිවාර්යයෙන්ම ඔහුගේ විටමින් ඩි ඌණතාවයන් වෙතොත් එය සම්පූර්ණ කරන්නට විටමින් ඩී ලබා දෙනවා. අවශ්‍ය කරන පෝෂණය ලබා දෙනවා.


අත් පා පණ නැති වීම, ශරීරය හිරි වැටීම

වකුගඩු රෝගයේ අවසාන අදියරේදී ඇඟේ ශක්තිය බෙහෙවින් දුර්වල වෙනවා. අපි මේකට මයෝපති (Myopathy) කියනවා. අත් පා පණ නැති වීම, ශරීරය හිරි වැටීම, පාදවල කෙළවර හිරිවැටීම, පිළිස්සුණු පොළොවේ ගියත් කඩියෙක් කෑවත් මේ අයට ඒ බවට දැනීම ඇති වෙන්නේ නෑ. සමහරු ඉන්නවා බල්ලෙක් හැපුවත් ඒ ගැන අවබෝධයක් නැතිව ඉන්න. මෙය වකුගඩු රෝගයේ අවසාන අදියරේදී ඇතිවෙන (Peripheral neuropathy) කියන තත්ත්වයට සම්බන්ධයි.


ඔබ දැනගත යුතු දේ

මේ ඉහතින් විස්තර කළ රෝග ලක්ෂණ සියල්ලම ඇති වන්නේ වකුගඩු රෝගයේ අවසාන අදියරේදී. අදියර පහකින් විකාශය වන වකුගඩු රෝගයේ හතර හා පහ කියන අවස්ථාවලදී. මේ කතාබහෙන් ගන්නට තියෙන හොඳම පණිවිඩය මොකක්ද? වැදගත්ම කාරණය කුමක්ද? මට වමනෙ ගියා වකුගඩුව පරීක්ෂා කරන්න ඕනේ. මගේ කකුල හිරි වැටෙනවා, වකුගඩුව පරීක්ෂා කරන්න ඕනි. ඒ විදිහට ඔබ තීරණ ගන්න එක නෙමෙයි. ඒ තීරණය ගන්නේ ඔබේ වෛද්‍යවරයා විසින්. වැදගත්ම පණිවිඩය මේකයි. වකුගඩු රෝගයේ අවසාන අදියර වෙනකන් කිසිම රෝග ලක්ෂණයක් පහළ වෙන්නේ නැතිය කියන කාරණය. වකුගඩු රෝගය අපි හඳුන්වන්නේ නිහඬ මාරයා කියලා. වකුගඩු රෝගය අවසාන අදියර තෙක් වර්ධනය වෙලා මරණයට ආසන්න වෙනකන් කිසිදු රෝග ලක්ෂණයක් ඔබට දැනෙන්නෙ නැති නිසා ඒ විදිහට වකුගඩු රෝගය හඳුන්වනවා. මේ නිසාම මේ රෝගය ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත්. වකුගඩු රෝග අවදානම වැඩියෙන් තියෙන අය විශේෂයෙන්ම මේ ගැන සැලකිලිමත් විය යුතුයි.








Pregnancy

Pregnancy
දරු සම්පත් ප්‍රමාද වීමට හේතු
ඩිම්බ සංචිතය අඩුවීම හා ඊට යොදන පිළියම්WISH Fertility & IVF Hospital හි සායනික කළලවේද විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන්කුමාර MBBS (Sri Lanka) MD (Gyn. & Obs) Infertility China Pg. Dip(Andrology) Monash, OUSL Master of Clinical Embryology Monash, Australia. SLMC Reg. No. 20800කාන්තාවක ගැබ් ගැනීමට ඇති හැකියාව ඇය කෙමෙන් වයස්ගත වත්ම අඩු වන බව අද කවුරුත් දන්නා කරුණකි. වයසට යන විට ස්ත්‍රි බීජ වල ගුණාත්මකභාවය හීන වෙයි. ඒවායේ ඉතාම වැදගත් කොටස වන ප්‍රවේණික පදාර්ථ වල වර්ණදේහ කිසියම් වූ අසාමාන්‍ය වෙනස්කම් රැසකට ලක්වීමේ අවදානමක්ද වයස්ගත වන විට ඇතිවෙයි. එක් එක් කාන්තාවගේ මේ අවපස වෙනස්කම් සැබවින්ම සිදුවන වයස ඒ ඒ කාන්තාවට අනූව ලාක්ෂණිකය. ප්‍රායෝගික වශයෙන් බලන කළ වයස අවුරුදු 35 ඉක්මවූ පසු කාන්තාවකට මේ ගැබ් ගැනීමේ ගැටළු ඇති විය හැක. වයස අවු. 37න් පසු කාන්තාවකගේ දරුවන් වැදීමේ හැකියාව සීඝ්‍රයෙන් පරිහානියට පත් වෙයිස්වාභාවිකව ඩිම්බ සංචිත අඩු වන්නේ මෙහෙමයිකාන්තාවක ගැබ් ගැනීමට අවශ්‍ය වන ස්ත්‍රි බීජ නොහොත් “ඩිම්බ” ඇගේ සිරුරේ නිර්මාණය වන්නේ කවදාද? මේ ඩිම්බ ඇය තම මවගේ කුසයේ සිටින විටත් ඇයට උරුමව අවසන්ය. මෙහි තවත් වැදගත් අනාවරණයක් වන්නේ මේ “ඩිම්බ සංචිතය” වඩාත්ම වැඩිපුර පවතින්නේද ඇය තම මව කුසයේ ඉන්නා කාල පරිච්ඡේදයේම වීමයි. සති 20ක කළලයක්ව ඇය තම මවගේ ගර්භාෂයේ ගත කරන සමයේ ඇය සතුව මිලියන 6-7ක ඩිම්බ සංචිතයක් Ovarian Reserve පවතී. ඇය මෙලොව උපත ලබන විට එම සංඛ්‍යාව මිලියන 1-2ක් පමණ දක්වා අඩු වෙයි. ඇය දැරියකව වැඩෙන සමයේදී එය තවදුරටත් අඩුවන අතර දිනෙක ඇය වැඩිවිය පත් වන විට ඇයට හිමි සමස්ත “ඩිම්බ සංචිතය” 300,000-500,000 නොඉක්මවනු ඇත. වැඩිවිය පත් වීමේන් පසු ඇය වියපත්ව ආර්තව අභාවයට පත් වන තෙක් මසකට වරක් බැගින් පිට කරන ඩිම්බ ප්‍රමාණය 400-500 අතර සංඛ්‍යාවකි. මෝචනය නොවන ඩිම්බ, ඩිම්බ පටක වලටම අවශෝෂණය වෙයි. මේ ක්‍රියාවලිය සෑම චක්‍රයකදීම සිදුවන අතර කෙතරම් ඩිම්බ ප්‍රමාණයක් මෙලෙස අවශෝෂණයට ලක් වෙනවාද යන කාරණය ප්‍රවේණිකව පූර්වයෙන් සැලසුම් වන ජෛවීය ක්‍රියාවලියකි.වරකට පිට කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් පමණක් වූවත්, ජීවිත කාලයටම මේ ජෛව ක්‍රියාවලිය සපිරීමට අවශ්‍ය වන්නේ 400-500ක ඩිම්බ සංචිතයක් වූවත් මේ සංචිතයේ ඩිම්බ අඩු වීමත් එහි ගුණාත්මය දුර්වල වීමත් දරුවන් ලැබීමට අහිතකර සේ බලපවත්වන බව හෙළිදරව් වී තිාබේ. මේ සාඵළ්‍යතාවය හීනවීම ඇගේ වයස 30 ගණන් පමණ වන විට බලගැන්වෙන අතර ඇයට වයස අවු. 37ක් පමණ වන විට හා ඉන් අනතුරුව වේගවත්ව සාඵළ්‍යතාවය හීන වන්නට පටන් ගනී.නිසි කල වයස් වලදී දරු සම්පත් ලබා ගැනීමට උත්සුක විය යුත්තේ ඇයි?මේ නිසා සෑම කාන්තාවක්ම මේ විෂම චක්‍රය බලගැන්වීමට පෙර තම දරු සම්පත් ලබා ගැනීමට ඉටාගත යුතුය. ප්‍රමාදය පසුතැවිල්ලට මෙන්ම බොහෝ පරිශ්‍රමයන්ට තම කාලය හා ධනය වැය කිරීමටද හේතුවක් වන්නට පුළුවන. වයස්ගතව පිටවන ඩිමබ වල වර්ණදේහගත අඩුපාඩුකම වැඩියෙන් පවතින්නට පුළුවන. තත්ත්වයෙන් දුර්ව වූ ඩිම්බයක් සංසේචනය වූ විට එය අධිරෝපනයට (Implantation) බාධා පැමිණිය හැක. එය අධිරෝපනය වූවත් මැනවින් වැඩෙන්නට බාධා අවහිරතා ඇතිවිය හැක. මේවා ගබ්සා වලට ලක්වීමේ අවදානම තරමක් ඉහළය. ගැබ් ගැනීම ප්‍රමාද වන කාන්තාවකට තමන්ගේ ඩිම්බ සංචිතය කෙතරම්ද යන්න සංඛ්‍යාත්මකව සාක්ෂාත් කරගන්නට පරීක්ෂණ රැසක් පවතී. මෙය ඇයගේ නිසරුතා පාදක පරීක්ෂණ වල කොටසක් වශයෙන් සිදු කළ හැකි වන අතර සංචිතය අඩු එකක් වූවද එතෙකුදූ වූවත් ඇය සාමාන්‍ය ස්වාභාවික ලෙසටම ආර්තව චක්‍රය පවතින්නටද පුළුවන.ඩිම්බ සංචිතය අඩු වීමට හේතුබොහෝ අවස්ථා වලදී ඊට නිශ්චිත හේතුවක් කිව නොහැක. එය එක් එක් කාන්තාවගේ ජෛව වයස්ගතවීම හා ප්‍රවේණිය හා බැඳී පවතින්නකි. ඒ හැරුණූ විට ඩිම්බ සංචිතය හීන වීමට පහත සාධකවල බලපෑමක් ඇති බව හඳුනාගෙන තිබේ.* දුම්පානය* ප්‍රවේණික ගැටළු (Fragile X and other X chromosome abnormalities) ආදිය* පිළිකා වලට කරන ප්‍රතිකාර* එන්ඩොමෙටි්‍රයෝසිස් වැනි රෝග හා ඊට කරන ප්‍රතිකාරඩිම්බ සංචිතය අඩුවීම නිර්ණය සඳහා යොදා ගන්නා පරීක්ෂාමේ සඳහා සුලබව යොදා ගන්නා පරීක්ෂා කිහිපයකි. Basal antral follicle count ආර්තව චක්‍රයේ මුල් දින කිහිපයේදී යෝනි මාර්ගය හරහා සිදු කරණු ලබන අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවකින් කුඩා සහ විවේක අවස්ථාවේ පවත්නා කූප (Follicles) ගණනය කිරීමක් මෙහිද සිදුවේ. ඇයට විවේක අවස්ථාවේ පවත්නා කූප 8-9 (Resting follicles) වත් පවතින්නේ නම් එය සාමාන්‍ය ඩිම්බ සංචිතයකැයි සැළකේ. ඒ හැරුණූ විට ඇගේ ඔසප් වීම ආරම්භයෙනි දින 2,3 හා 4 දින වලදී සිදුකරන රුධිර පරීක්ෂණ Serum FSH and serum estradiol ද මෙහිදී භාවිතා කෙරේ. මෙලෙස හෝමෝනය වැඩි වන්නේ ඩිම්බ වයසට යාමේදී මොළය ඊට හැඩ ගැසීමට ගන්නා උත්සාහයෙ ප්‍රතිඵළයක් වශයෙනි. (The FSH level should be less than 10-12 miu/ml. An FSH greater than 18 miu/ml suggests a significant reduction in ovarian reserve with a corresponding marked reduction in the chance of achieving pregnancy, even with advanced fertility treatment.)ඩිම්බ සංචිතය හීන වූ කාන්තාවන්ටත් දරු සම්පත්Reproductive aging නොහොත් ජෛව වශයෙන් සාඵළ්‍යතාවය හීනවීමට සෘජුව නිර්දේශ කරන ප්‍රතිකාර නැත. එහෙත් මේ ගැටළුවට මුහුණපාන කාන්තාවන්ට ඇතැම් ප්‍රතිකාරාත්මක පිළියම් ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව හඳූනාගෙන තිබේ. Dehydroepiandrosterone (DHEA) ආහාර පදාර්ථයක් වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් මෙ වන විට සාර්ථකව පර්යේෂණ සිදුකෙරී ඇත. Dehydroepiandrosterone (DHEA) ඇන්ඩ්‍රජන් වලින් පිරිපුන්ය. මේවා ලබාදීමෙන් කාන්තාවන් රැසක් තමන්ගේම ජන්මාණූ ඇසුරේ ගැබ්ගත් බව අධ්‍යයන වලින් හෙළිදරව් වී තිබේ. මේ ඩිම්බ සංචිත හීනවීමේ ගැටළුව තිබෙන කාන්තාවන්ට තම ඩිම්බ උකහාගෙන ශීතන තත්ත්ව යටතේ සංරක්ෂණය කිරීම නිර්දේශ කෙරේ. Fertility preservation involves retrieving a woman’s eggs from her ovaries and freezing them for later use. ඒ හැරුණූ විට මේ ගැටළු ඇති කාන්තාවන් IVF නව්‍ය තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලැබීමට සුදුස්සන් වන අතර දරු සම්පතක් තමන්ගේම ජාන පසුබිමකින් ලබාගැනීමට මෙකල ඇයට වැඩි අවස්ථාවක් පවතී.නළ දරු තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලබන්නද?එක් එක් අදියර වල ක්‍රම දොළහක් මේ වන විට භාවිතයට ගන්නවා. ICSI, IMSI/PICSI, Capsule Baby, Donor Embryo, Surrogacy PGD, PGS ආදී වශයෙන්. වැය වන මුදල තීරණය වන්නේ යොදා ගන්නා තාක්ෂණය අනූව. යොදාගත යුතු තාක්ෂණය තීරණය වන්නේ ඇයට... නැතහොත් අඹූසැමියනට පවත්නා ගැටළුව අනූව. නමුත් දළ අදහසක් ලබාගත යුතු නිසා කියන්නම්, පටන් ගන්නෙ ලක්ෂ දෙක හමාර තුනක විතර ඉඳන්. ඒ වුණත් නැවත පැවසිය යුතුයි, කෙනෙක් ආවට පස්සෙ ඇයගෙ වාර්තා සමාලෝචනයකින්, මූලික පරීක්ෂණ වලින් පස්සෙ තමයි ඇයට ගැලපෙන නළ දරු තාක්ෂණ ක්‍රමය තීරණය වන්නේ. සමහර විට සරළ මැදිහත්වීමක් ප්‍රමාණවත් වෙන්නත් පුළුවන්. ඇතැම් විට ටිකක් සංකීර්ණ තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නටත් වෙන්න පුළුවනි. ඒ අනූව වැය කළ යුතු වන මුදලත් වෙනස් වනවා.වඩා හොඳ පැමිණ සුදුසුම ක්‍රමය සැලසුම් කර ගැනීමයිමේ හේතුව නිසා වියදම් ගැන දැනගන්න වඩාත් සුදුසු වන්නේ අපට පැමිණ කතා කරන එක. මේකෙදි වියදම් පාර්ශ්වයේ ඇතැම් සහන සලස්වන්න ක්‍රම අප ළඟ සැලසුම් තියෙනවා. ඉතාමත් දුර්වල ආර්ථිකයක් තියෙන අයත් මේ නළ දරු තාක්ෂණයෙන් අපෙන් දරු සම්පත් ලබන බව මෙහිදී කියන්නේ ඔබට දිරියක් ලබා දෙන්නයි.අපට කතා කරන්න. මෙන්න අපේ දුරකතන අංකය:0779 728 799 / 077 3 273 866
Read more

LATEST

You magazine
Typically replies within an hour

Doctor magazine
Hi there 👋
How can I help you?
21:06
×
Chat with Us