READ ONLINE MAGAZINE
CLICK HERE
Doctor Magazine


ලිංගික අප්‍රාණිකත්වයට විසදුමක් වන ව්‍යඝ්‍රා හරියට ගන්නේ කොහොමද?

March 15,2024 2 0




Key Points

  • unticked

    ව්‍යඝ්‍රා භාවිත කළ යුත්තේ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන පුරුෂයන් පමණකි.

  • unticked

    ලිංගික කටයුතුවල යෙදීමට තරම් ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමේ පසු නොවන පුද්ගලයන් එම උත්තේජකය භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුයි

  • unticked

    පුරුෂ ලිංගයේ රුධිර වාහිනී සැහැල්ලු‍ කර හොඳින් රුධිරය ගලා යාමට සැලැස්වීම ‘ව්‍යඝ්‍රා‘ මගින් සිදු කෙරෙයි


More Facts

ව්‍යඝ්‍රා - තමන්ගේ ලිංගික අප්‍රාණිකත්වයට විසඳුමක් විදිහට බොහෝ පිරිමින්  ඔසුසලෙන් ලබාගෙන පාවිච්චි කරන ඖෂධයක්. පොදු වහරේ ව්‍යඝ්‍රා යනුවෙන් හැඳින්වූවත් එය වෛද්‍ය විද්‍යාණුකූලව සිල්ඩෙනෆිල් යනුවෙන් හැඳින්වෙනවා.


ව්‍යඝ්‍රා එහෙම හිතුමතයේ පාවිච්චි කරන එක හොඳද? ව්‍යඝ්‍රා පාවිච්චි කරන විට ආරක්ෂාව පතා අනුගමනය කරන්නට ඕනි පියවර මොනවාද? අද අපි ඒ ගැන මේ ලිපියෙන් විස්තර කරනවා.


නිල් පාට පෙත්තක් විදිහට වෙළඳපොලේ තියන මේ ව්‍යඝ්‍රා ඖෂධය හිතුමතේට අරගන්න බොහෝ දෙනෙක් ටික කාලයක් යනකොට මේක හරියට ප්‍රතිඵල දෙන්නෙ නෑ කියන පැමිණිල්ල කරනවා. මුලින්ම සාර්ථක වෙලා, කාලයක් යන විට ඒ විදිහේ ගැටළු ඇතිවෙන්නේ ඇයි? ඒ විතරක් නෙමෙයි මේ ආකාරයෙන් තමන්ගේ හිතුමතේට ෆාමසියෙන් ව්‍යාඝ්‍රා ගන්න එක කොයිතරම් ආරක්ෂාකාරීද?

ව්‍යඝ්‍රා ලිංගික අප්‍රාණිකත්වයට විසඳුමක්

ව්‍යඝ්‍රා පාවිච්චි කරන්නේ පුරුෂයන්ට කාම සම්භෝගයේදී ඇතිවන ලිංගික අප්‍රාණිකත්වයට විසඳුමක් විදිහටයි. ලිංගික කටයුත්තෙහි යෙදෙන්නට ප්‍රමාණවත් විදිහට ශිෂ්ණය ප්‍රාණවත් නොවීම තියෙනවා නම් ඔහුට ව්‍යඝ්‍රා ගැනීමෙන් ලිඟුව ප්‍රාණවත් කරගත හැකි වෙනවා. එන්සයිමයක් අවහිර කිරිම මගින් ලැබෙන උත්තේජනයක් හරහා පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීම දීර්ඝ කිරීම තමයි සරලව කිව්වොත් මෙහිදි සිද්ධවෙන්නෙ.


ව්‍යඝ්‍රා ලිංගික එක්වීමට කොපමණ කලින් ගත යුතුද?

බොහෝ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ලිංගික සංසර්ගයට කොයි තරම් වෙලාවකට කලින්ද ව්‍යඝ්‍රා ගන්න ඕනි කියන ප්‍රශ්නය. මේ ප්‍රශ්නය හරි සාධාරණයි. මොකද? ඕනෑම ඖෂධයක් ක්‍රියාත්මක වන නිශ්චිත කාලයක් තිබෙනවා.


ව්‍යාඝ්‍රා ගත්තොත් එහෙම, තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පැය භාගයකට කලින් තමයි ගත යුත්තේ.


ව්‍යඝ්‍රා ක්ෂණික මෝචනයට විසඳුමක් නොවෙයි

සමහරක් දෙනා ක්ෂණික මෝචනයට පිළියමක් විදිහට මේ ඖෂධය යොදා ගන්නට පියවර ගන්නවා. ඇත්තෙන්ම, ව්‍යාඝ්‍රා ක්ෂණික මෝචනයට විසඳුමක් නොවෙයි. ඒ වගේමයි ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වීම පටන් ගන්නත් ව්‍යඝ්‍රා වලින් බලපෑමක් නෑ.


මේ ඖෂධය කොයි විදියට ගත්තත්, තමන්ට ලිංගික උත්තේජනයක් ඇති වෙන්නේ නැත්නම්, එහෙම නැත්නම්, තමන්ගේ ලිංගික ආශාව අඩු වෙලා තියෙනවා නම්, ව්‍යඝ්‍රා ගැනීමෙන් ඔබට කිසිදු ප්‍රයෝජනයක් ලැබෙන්නෙත් නෑ.


ව්‍යඝ්‍රා ගන්නට ඕනි කෑමට පෙරද, කෑමෙන් පසුවද?

සමහරුන් අහනවා මේ ඖෂධය ගන්නට ඕනි කෑමට පෙරද, කෑමෙන් පසුවද කියලා. ඇත්තෙන්ම තමන් හිස්බඩ ඉඳගෙන ව්‍යඝ්‍රා ගැනීමෙත්, ආහාර අරගෙන ව්‍යඝ්‍රා ගැනීමේත් ව්‍යඝ්‍රා  ඖෂධයේ ක්‍රියාකාරිත්වය වෙනස්. ව්‍යඝ්‍රා වල උපරිම ක්‍රියාකාරිත්වය ඇතිවෙන්නෙ ඇත්තෙන්ම, හිස්බඩ ඖෂධය ගන්නකොට.


කෙනෙක් පුරුදු වෙලා ඉන්නට පුළුවන් හොඳට කාලා බීලා ඉවර වෙලා මේ ඖෂධය ගන්න. ඉන් පස්සේ කාම සම්භෝගයේ නිරත වෙන්න.  එහෙම උනාම මේ ඖෂධයේ ක්‍රියාකාරිත්වය උපරිමව ලැබෙන්නෙ නෑ. එහි ප්‍රතිඵලයක් විදිහට එක්වීමට අවශ්‍ය  ලිඟුවේ ප්‍රාණවත් බව අවශ්‍ය ආකාරයෙන්ම නොමැති වෙන්න පුළුවන්. ඒකට හේතුව මෙහි තියෙන ක්‍රියාකාරී සංයෝග ලේ වලට උරා ගැනීම තරමක් දුර්වල වෙනවා.


අරක්කුත් එක්ක ව්‍යඝ්‍රා? හොඳද?

මද්‍යසාර අරගෙන මේ ඖෂධය පාවිච්චි කරන්නට පුළුවන්ද කියන ප්‍රශ්නය බොහෝ දෙනා මතු කරනවා. මද්‍යසාර සමඟ මේ සිල්ඩෙනෆිල් කියන ඖෂධයේ සෘජු අන්තර් ක්‍රියාවක සම්බන්ධතාවයක් නම් හෙළිදරව් වන්නේ නෑ. හැබැයි ලිංගික සම්බන්ධතාවයකදී මධ්‍යසාර ලබා ගැනීම එතරම් සුදුසු දෙයක් විදිහට අපි දකින්නේ නෑ. මද්‍යසාර වලින් ලිංගික සම්බන්ධතා වලට තියෙන්නෙ සෘණාත්මක බලපෑමක්. මේ නිසා අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබී යන්නට ඉඩ තිබෙනවා.

 

ව්‍යඝ්‍රා ඖෂධය ලබා ගැනීමේදී ගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු මොනවාද?

1. ඖෂධ - ඖෂධ අතර අන්තර් ක්‍රියා ගැන මේ වන විටත් ඔබ අසා තියෙනවා. මේ ඖෂධ - ඖෂධ අතර තිබෙන අන්තර් ක්‍රියාවල අහිතකර බලපෑමක් විදියට ඇතැම් වෙලාවට මරණය පවා සිද්ධ වෙන්නට ඉඩ තිබෙනවා. ඒකට තියෙන හොඳම උදාහරණයක් තමයි මේ ව්‍යඝ්‍රා නොහොත් සිල්ඩෙනෆිල් කියන ඖෂධය හෘදයාබාධ වලට ගන්න ඖෂධ  විශේෂයෙන්ම නයිටේ්‍රට් කාණ්ඩයේ ඖෂධ සමඟ ඇති කරගන්නා අන්තර්ක්‍රියාවන් නිසා රුධිර පීඩනය ඉතා සීඝ්‍රයෙන් පහත වැටෙන්නට පුළුවන්. ඒ නිසා මරණයට වුණත් පාර හැදෙන්න පුළුවන්. Tamsulosin කියන ඖෂධය ගන්නව නම් එයත්, ව්‍යාඝ්‍රයා ගන්න අවස්ථාවත් අතර අවම වශයෙන් පැය හයක වත් කාල පරාසයක් පවතින්නට ඕනි.  


2. සිල්ඩෙනෆිල් කියන මේ ඖෂධය ලබාගන්නා විට ශරීරය අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් ඉන්න ඕනි. වකුගඩු රෝග, අක්මාව දුර්වල කම් ආදී වශයෙන් ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වයේ අඩපණ වීමක් සිද්ධ සිද්ධ වෙලා තියෙනවා නම් ඔබ ලබාගන්නා සිල්ඩෙනෆිල් මාත්‍රාව වෙනස් කිරීමට අවශ්‍ය වෙන්නට පුළුවන්. ශරීරයේ තියෙන සුවිශේෂී තත්ත්වයන් ඇසුරේ මේ ඖෂධය ගැනීමෙන් කිසියම් අන්තරායක් ඇති නොවන විදිහට ඒ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කර ගැනීම තමයි මේකෙ අභිමතාර්ථය වන්නේ. ඒ විදිහේ ප්‍රශ්න තියෙනවා නම් මේ ඖෂධය ලබා ගන්නට පෙර වෛද්‍ය උපදෙස් පැතීම සිද්ධ කරන්න.  


ඔබේ අවධානයට යොමු විය යුතු වැදගත් කරුණූ කිහිපයක්

ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා නම් ඒකට පාදක වෙලා තියන හේතුව සම්බන්ධයෙන් සොයාබලා ඊට පිළියමක් යෙදීම නිසැකයෙන් ම කළ යුත්තක් වෙනවා.


තවත් කාරණයක් තමන්ට ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා නම් එය ඉදිරියේදී තමන්ට හැදෙන්න තියෙන රෝගයක පෙරනිමිත්තක් වෙන්නටත් පුළුවන්. ඉතින් මේ ගැන ගැනත් අවබෝධයෙන් කටයුතු කරන්නට වෙනවා.


තමන්ගේ තාවකාලික අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කර ගන්නට සිල්ඩෙනෆිල් ලබා ගන්නවා වගේම තමන්ගේ සමස්ත ශාරීරික සෞඛ්‍ය සම්බන්ධයෙනුත් කටයුතු කරන්නට ඔබට සිද්ධ වෙනවා. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මුණ ගැහිලා තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වෙනවා.


Watch it;

https://youtu.be/pFKdOY3XgvE





Pregnancy

Pregnancy
දරු සම්පත් ප්‍රමාද වීමට හේතු
ඩිම්බ සංචිතය අඩුවීම හා ඊට යොදන පිළියම්WISH Fertility & IVF Hospital හි සායනික කළලවේද විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන්කුමාර MBBS (Sri Lanka) MD (Gyn. & Obs) Infertility China Pg. Dip(Andrology) Monash, OUSL Master of Clinical Embryology Monash, Australia. SLMC Reg. No. 20800කාන්තාවක ගැබ් ගැනීමට ඇති හැකියාව ඇය කෙමෙන් වයස්ගත වත්ම අඩු වන බව අද කවුරුත් දන්නා කරුණකි. වයසට යන විට ස්ත්‍රි බීජ වල ගුණාත්මකභාවය හීන වෙයි. ඒවායේ ඉතාම වැදගත් කොටස වන ප්‍රවේණික පදාර්ථ වල වර්ණදේහ කිසියම් වූ අසාමාන්‍ය වෙනස්කම් රැසකට ලක්වීමේ අවදානමක්ද වයස්ගත වන විට ඇතිවෙයි. එක් එක් කාන්තාවගේ මේ අවපස වෙනස්කම් සැබවින්ම සිදුවන වයස ඒ ඒ කාන්තාවට අනූව ලාක්ෂණිකය. ප්‍රායෝගික වශයෙන් බලන කළ වයස අවුරුදු 35 ඉක්මවූ පසු කාන්තාවකට මේ ගැබ් ගැනීමේ ගැටළු ඇති විය හැක. වයස අවු. 37න් පසු කාන්තාවකගේ දරුවන් වැදීමේ හැකියාව සීඝ්‍රයෙන් පරිහානියට පත් වෙයිස්වාභාවිකව ඩිම්බ සංචිත අඩු වන්නේ මෙහෙමයිකාන්තාවක ගැබ් ගැනීමට අවශ්‍ය වන ස්ත්‍රි බීජ නොහොත් “ඩිම්බ” ඇගේ සිරුරේ නිර්මාණය වන්නේ කවදාද? මේ ඩිම්බ ඇය තම මවගේ කුසයේ සිටින විටත් ඇයට උරුමව අවසන්ය. මෙහි තවත් වැදගත් අනාවරණයක් වන්නේ මේ “ඩිම්බ සංචිතය” වඩාත්ම වැඩිපුර පවතින්නේද ඇය තම මව කුසයේ ඉන්නා කාල පරිච්ඡේදයේම වීමයි. සති 20ක කළලයක්ව ඇය තම මවගේ ගර්භාෂයේ ගත කරන සමයේ ඇය සතුව මිලියන 6-7ක ඩිම්බ සංචිතයක් Ovarian Reserve පවතී. ඇය මෙලොව උපත ලබන විට එම සංඛ්‍යාව මිලියන 1-2ක් පමණ දක්වා අඩු වෙයි. ඇය දැරියකව වැඩෙන සමයේදී එය තවදුරටත් අඩුවන අතර දිනෙක ඇය වැඩිවිය පත් වන විට ඇයට හිමි සමස්ත “ඩිම්බ සංචිතය” 300,000-500,000 නොඉක්මවනු ඇත. වැඩිවිය පත් වීමේන් පසු ඇය වියපත්ව ආර්තව අභාවයට පත් වන තෙක් මසකට වරක් බැගින් පිට කරන ඩිම්බ ප්‍රමාණය 400-500 අතර සංඛ්‍යාවකි. මෝචනය නොවන ඩිම්බ, ඩිම්බ පටක වලටම අවශෝෂණය වෙයි. මේ ක්‍රියාවලිය සෑම චක්‍රයකදීම සිදුවන අතර කෙතරම් ඩිම්බ ප්‍රමාණයක් මෙලෙස අවශෝෂණයට ලක් වෙනවාද යන කාරණය ප්‍රවේණිකව පූර්වයෙන් සැලසුම් වන ජෛවීය ක්‍රියාවලියකි.වරකට පිට කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් පමණක් වූවත්, ජීවිත කාලයටම මේ ජෛව ක්‍රියාවලිය සපිරීමට අවශ්‍ය වන්නේ 400-500ක ඩිම්බ සංචිතයක් වූවත් මේ සංචිතයේ ඩිම්බ අඩු වීමත් එහි ගුණාත්මය දුර්වල වීමත් දරුවන් ලැබීමට අහිතකර සේ බලපවත්වන බව හෙළිදරව් වී තිාබේ. මේ සාඵළ්‍යතාවය හීනවීම ඇගේ වයස 30 ගණන් පමණ වන විට බලගැන්වෙන අතර ඇයට වයස අවු. 37ක් පමණ වන විට හා ඉන් අනතුරුව වේගවත්ව සාඵළ්‍යතාවය හීන වන්නට පටන් ගනී.නිසි කල වයස් වලදී දරු සම්පත් ලබා ගැනීමට උත්සුක විය යුත්තේ ඇයි?මේ නිසා සෑම කාන්තාවක්ම මේ විෂම චක්‍රය බලගැන්වීමට පෙර තම දරු සම්පත් ලබා ගැනීමට ඉටාගත යුතුය. ප්‍රමාදය පසුතැවිල්ලට මෙන්ම බොහෝ පරිශ්‍රමයන්ට තම කාලය හා ධනය වැය කිරීමටද හේතුවක් වන්නට පුළුවන. වයස්ගතව පිටවන ඩිමබ වල වර්ණදේහගත අඩුපාඩුකම වැඩියෙන් පවතින්නට පුළුවන. තත්ත්වයෙන් දුර්ව වූ ඩිම්බයක් සංසේචනය වූ විට එය අධිරෝපනයට (Implantation) බාධා පැමිණිය හැක. එය අධිරෝපනය වූවත් මැනවින් වැඩෙන්නට බාධා අවහිරතා ඇතිවිය හැක. මේවා ගබ්සා වලට ලක්වීමේ අවදානම තරමක් ඉහළය. ගැබ් ගැනීම ප්‍රමාද වන කාන්තාවකට තමන්ගේ ඩිම්බ සංචිතය කෙතරම්ද යන්න සංඛ්‍යාත්මකව සාක්ෂාත් කරගන්නට පරීක්ෂණ රැසක් පවතී. මෙය ඇයගේ නිසරුතා පාදක පරීක්ෂණ වල කොටසක් වශයෙන් සිදු කළ හැකි වන අතර සංචිතය අඩු එකක් වූවද එතෙකුදූ වූවත් ඇය සාමාන්‍ය ස්වාභාවික ලෙසටම ආර්තව චක්‍රය පවතින්නටද පුළුවන.ඩිම්බ සංචිතය අඩු වීමට හේතුබොහෝ අවස්ථා වලදී ඊට නිශ්චිත හේතුවක් කිව නොහැක. එය එක් එක් කාන්තාවගේ ජෛව වයස්ගතවීම හා ප්‍රවේණිය හා බැඳී පවතින්නකි. ඒ හැරුණූ විට ඩිම්බ සංචිතය හීන වීමට පහත සාධකවල බලපෑමක් ඇති බව හඳුනාගෙන තිබේ.* දුම්පානය* ප්‍රවේණික ගැටළු (Fragile X and other X chromosome abnormalities) ආදිය* පිළිකා වලට කරන ප්‍රතිකාර* එන්ඩොමෙටි්‍රයෝසිස් වැනි රෝග හා ඊට කරන ප්‍රතිකාරඩිම්බ සංචිතය අඩුවීම නිර්ණය සඳහා යොදා ගන්නා පරීක්ෂාමේ සඳහා සුලබව යොදා ගන්නා පරීක්ෂා කිහිපයකි. Basal antral follicle count ආර්තව චක්‍රයේ මුල් දින කිහිපයේදී යෝනි මාර්ගය හරහා සිදු කරණු ලබන අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවකින් කුඩා සහ විවේක අවස්ථාවේ පවත්නා කූප (Follicles) ගණනය කිරීමක් මෙහිද සිදුවේ. ඇයට විවේක අවස්ථාවේ පවත්නා කූප 8-9 (Resting follicles) වත් පවතින්නේ නම් එය සාමාන්‍ය ඩිම්බ සංචිතයකැයි සැළකේ. ඒ හැරුණූ විට ඇගේ ඔසප් වීම ආරම්භයෙනි දින 2,3 හා 4 දින වලදී සිදුකරන රුධිර පරීක්ෂණ Serum FSH and serum estradiol ද මෙහිදී භාවිතා කෙරේ. මෙලෙස හෝමෝනය වැඩි වන්නේ ඩිම්බ වයසට යාමේදී මොළය ඊට හැඩ ගැසීමට ගන්නා උත්සාහයෙ ප්‍රතිඵළයක් වශයෙනි. (The FSH level should be less than 10-12 miu/ml. An FSH greater than 18 miu/ml suggests a significant reduction in ovarian reserve with a corresponding marked reduction in the chance of achieving pregnancy, even with advanced fertility treatment.)ඩිම්බ සංචිතය හීන වූ කාන්තාවන්ටත් දරු සම්පත්Reproductive aging නොහොත් ජෛව වශයෙන් සාඵළ්‍යතාවය හීනවීමට සෘජුව නිර්දේශ කරන ප්‍රතිකාර නැත. එහෙත් මේ ගැටළුවට මුහුණපාන කාන්තාවන්ට ඇතැම් ප්‍රතිකාරාත්මක පිළියම් ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව හඳූනාගෙන තිබේ. Dehydroepiandrosterone (DHEA) ආහාර පදාර්ථයක් වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් මෙ වන විට සාර්ථකව පර්යේෂණ සිදුකෙරී ඇත. Dehydroepiandrosterone (DHEA) ඇන්ඩ්‍රජන් වලින් පිරිපුන්ය. මේවා ලබාදීමෙන් කාන්තාවන් රැසක් තමන්ගේම ජන්මාණූ ඇසුරේ ගැබ්ගත් බව අධ්‍යයන වලින් හෙළිදරව් වී තිබේ. මේ ඩිම්බ සංචිත හීනවීමේ ගැටළුව තිබෙන කාන්තාවන්ට තම ඩිම්බ උකහාගෙන ශීතන තත්ත්ව යටතේ සංරක්ෂණය කිරීම නිර්දේශ කෙරේ. Fertility preservation involves retrieving a woman’s eggs from her ovaries and freezing them for later use. ඒ හැරුණූ විට මේ ගැටළු ඇති කාන්තාවන් IVF නව්‍ය තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලැබීමට සුදුස්සන් වන අතර දරු සම්පතක් තමන්ගේම ජාන පසුබිමකින් ලබාගැනීමට මෙකල ඇයට වැඩි අවස්ථාවක් පවතී.නළ දරු තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලබන්නද?එක් එක් අදියර වල ක්‍රම දොළහක් මේ වන විට භාවිතයට ගන්නවා. ICSI, IMSI/PICSI, Capsule Baby, Donor Embryo, Surrogacy PGD, PGS ආදී වශයෙන්. වැය වන මුදල තීරණය වන්නේ යොදා ගන්නා තාක්ෂණය අනූව. යොදාගත යුතු තාක්ෂණය තීරණය වන්නේ ඇයට... නැතහොත් අඹූසැමියනට පවත්නා ගැටළුව අනූව. නමුත් දළ අදහසක් ලබාගත යුතු නිසා කියන්නම්, පටන් ගන්නෙ ලක්ෂ දෙක හමාර තුනක විතර ඉඳන්. ඒ වුණත් නැවත පැවසිය යුතුයි, කෙනෙක් ආවට පස්සෙ ඇයගෙ වාර්තා සමාලෝචනයකින්, මූලික පරීක්ෂණ වලින් පස්සෙ තමයි ඇයට ගැලපෙන නළ දරු තාක්ෂණ ක්‍රමය තීරණය වන්නේ. සමහර විට සරළ මැදිහත්වීමක් ප්‍රමාණවත් වෙන්නත් පුළුවන්. ඇතැම් විට ටිකක් සංකීර්ණ තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නටත් වෙන්න පුළුවනි. ඒ අනූව වැය කළ යුතු වන මුදලත් වෙනස් වනවා.වඩා හොඳ පැමිණ සුදුසුම ක්‍රමය සැලසුම් කර ගැනීමයිමේ හේතුව නිසා වියදම් ගැන දැනගන්න වඩාත් සුදුසු වන්නේ අපට පැමිණ කතා කරන එක. මේකෙදි වියදම් පාර්ශ්වයේ ඇතැම් සහන සලස්වන්න ක්‍රම අප ළඟ සැලසුම් තියෙනවා. ඉතාමත් දුර්වල ආර්ථිකයක් තියෙන අයත් මේ නළ දරු තාක්ෂණයෙන් අපෙන් දරු සම්පත් ලබන බව මෙහිදී කියන්නේ ඔබට දිරියක් ලබා දෙන්නයි.අපට කතා කරන්න. මෙන්න අපේ දුරකතන අංකය:0779 728 799 / 077 3 273 866
Read more

LATEST

You magazine
Typically replies within an hour

Doctor magazine
Hi there 👋
How can I help you?
05:34
×
Chat with Us