READ ONLINE MAGAZINE
CLICK HERE
Doctor Magazine


සරම්ප රැල්ල මර්ධනය නොකළොත් ළමා පරපුර විශාල අවදානමක

February 09,2024 3 0


ඉතා වේගයෙන් තවත් අය ආසාදනය කරන වෛරසයක්
එක් ආසාදිතයකු මගින් මිනිත්තුවක් තුළදී පමණක් තවත් පුද්ගලයින් නවදෙනකුට රෝගය බෝකළ හැකියි
කරුණූ දැක්වීම
ළමා රෝග විශේෂඥ වෛද්ය බී ජේ සී පෙරේරා
වසංගත රෝග විශේෂඥ වෛද්ය සමිත ගිනිගේ
සරම්ප මුලිණුපුටා දැමූ බව ප්රකාශ කර යන්තම් වසර හතරයි. නැවත රෝගය පැතිර යාමට මූලික හේතුව ඇතැම් මව්පියන් දරුවන් එන්නත් කිරීමට ඉදිරිපත් නොවීම
මේ වන විට සරම්ප රෝගීන් විශාල වශයෙන් අපේ රටෙන් වාර්තා වෙනවා. බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්රික්කද ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ දිස්ත්රික්ක වල දරුවන් වැඩි වැඩියෙන් සරම්ප රෝගයට නතු වෙනවා.
මෙසේ සරම්ප රෝගීන් වාර්තා වන්නේ 2019 වර්ෂයේ දී ලෝක සෞඛ්ය සංවිධානය විසින් ශ්රී ලංකාව සරම්ප රෝගය සහමුලින්ම තුරන් කළ රටක් වශයෙන් ප්රකාශයට පත් කරනු ලැබු පසුබිමක.
කොළඹ සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්ය හමුවකදී වසංගත රෝග ඒකකයේ විශේෂඥ වෛද්ය සමිත ගිනිගේ ප්රකාශ කළේ 2023 මැයි 23 වැනිදා පළවෙනි සරම්ප රෝගියා වාර්තා වූ බවත් ඔහු සරම්ප රෝගයට එන්නත් ලබා නොගත් අයෙක් බවත්ය. මැයි මාසයේ සිට මේ දක්වා සරම්ප රෝගීන් 710ක් වාර්තා වී තිබේ.
මෙලෙස වාර්තා වන සරම්ප රෝගීන් 710 අතර 123ක්ම මාස නවයට වඩා අඩු දරුවන් වෙයි. මාස නවයත් අවුරුදු තුනත් අතර 93ක්, අවුරුදු 4ත් අවුරුදු 15ත් අතර දරුවන් 99ක්, අවුරුදු 16ත් 20ත් අතර රෝගීන් 44ක් අවුරුදු 21ත් 30ත් අතර 246ක් සහ වයස අවුරුදු 30ට වැඩි රෝගීන් 105ක් මේ වන විට වාර්තා වූ රෝගීන් අතර වේ.
සරම්ප උණ එතරම් වෙසෙස් බරපතල කමක් නොදරන මුත එහි ඇති රුදුරු බව ඇත්තේ ඒ නිසා ඇතිවිය හැකි භයානක සංකූලතා නිසයි. මේ සංකූලතා වලින් දරුවන්ගේ ජීවිත විශාල වශයෙන් අභියෝග වලට ලක් වෙනවා.
මේ තත්ත්වය මත සරම්ප රෝගය සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ජනවාරි 6 දින සිට සිට ක්රියාත්මක කරන බව සෞඛ්ය අමාත්යාංශය නිවේදනය කරනවා.
මේ අනුව මුලින්ම වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන දිස්ත්රික්ක වල මාස 6-15 අතර දරුවන්ට සරම්ප මාත්රාවක් ලබාදීමට සෞඛ්ය අමාත්යාංශය කටයුතු කරනවා. එතැනින් ආරම්භ වන වැඩසටහන අදියර කිහිපයකින් හා මුළු දිවයිනම ආවරණය වන සේ ක්රියාත්මක වනු ඇති.
සරම්ප රෝගය හඳූනාගනිමු
සරම්ප යනු “මෝබිලි වෛරස්” ගණයට අයත් “පැරාමික්සෝ වෛසරය” මගින් වේගයෙන් බෝවන රෝගයකි. ශ්වසන මාර්ගය හරහා ඇතුල්වන මෙකී වෛරසය හේතුවෙන් සති දෙකක් විතර යනකොට රෝග ලක්ෂණ මතු කරනවා.
සරම්ප මුලිණූපුටා දැමිය යුතු භයානක රෝගයක් වන්නේ එය සාමාන්ය ආසාදන තත්ත්වයක් පමණක් ඇති කරන උණක් පමණක්ම නොවී දරුවා පසුකාලීනව භයානක සංකූලතා වලට ලක් වෙන්න පුළුවන් අවදානමක් දැරීම නිසයි.
සරම්ප රෝගය පසුකාලීනව ඇති කළ හැකි සංකූලතා
නිව්මෝනියාව
කන් බිහිරි වීම
මොළයට හානි වීම
මරණය
කුඩා ළමුන්ට මෙය වැළඳීමෙන් මූලික අවස්ථාවේදී උණ රෝගය සුව වෙනවා. නමුත් මේකේ බලපෑමක් විදිහට දරුවාට ඉදිරියේදී ඉහතින් දැක්වූ ආකාරයේ විවිධ අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. මේකෙ තියෙන භයානක තත්ත්වය තමයි, සංකූලතාවලට පත්වුණාම ප්රතිකාර කිරීම අපහසුයි. මරණයට පත්වෙන්නට වුණත් අවදානමක් තියෙනවා.
උද්ගතව ඇති සරම්ප රෝග තත්ත්වය තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්ය සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ සහ ජාතික උපදේශක කමිටුවේ ද උපදෙස් ලබාගෙන තිබෙනවා.
මේ කරුණූ ටික එක පිටුවකට එක බැගින් අදාල පොටෝ එකත් සමග දාමු. මුල් පිටුවට අවශ්ය නැත
සරම්ප රෝගය නැවතත් මෙලෙස වාර්තා වීමට හේතුව කුමක්ද?
මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්ය සමිත ගිනිගේ අදහස් දැක්වූයේ සෛ්යි.
අවිද්යාත්මක හේතු මත පිහිටලා සරම්ප එන්නත් ලබා නොගත් 7000-1000 අතර ප්රමාණයක් අපේ රටේ සිටින බව හඳුනාගෙන තිබෙනවා. මේ එන්නත් වැඩිපුරම ප්රතික්ෂේප කරන්නේ කොළඹ දිස්ත්රික්කයේ ජනතාව. එයිනුත් බහුතරයක් කොළඹ මහ නගර සභා බල ප්රදේශයෙන් හඳූනා ගන්නවා.
මිනිත්තුවකදී සරම්ප රෝගියෙකුට නිරෝගී පුද්ගලයින් නවදෙනකුට බෝ කළ හැකියි
ශ්රී ලංකා ළමා රෝග විශේෂඥයින්ගේ විද්යායතනයේ ජ්යෙෂ්ඨ විශේෂඥ වෛද්ය බී.ජේ.සී. පෙරේරා
කොවිඞ් වෛරසය ආසාදිතයකු හරහා තවත් පුද්ගලයින් සිවු දෙනකුට කොවිඞ් රෝගය බෝවන අතර මෙම සරම්ප රෝගය වැලඳුණු එක් ආසාදිතයකු මගින් මිනිත්තුවක් තුළදී පමණක් තවත් පුද්ගලයින් නවදෙනකුට රෝගය බෝවිය හැකියි. එයින්ම සරම්ප යනු කෙතරම් වේගයෙන් ව්යාප්ත වන රෝගයක්දැයි තේරුම් ගැනීම ඔබට අපහසු වනු ඇති.
ඒ අනුව මේ වන විට ව්යාප්ත වෙමින් පවතින මෙම සරම්ප රෝගය, ගෝලීය වසංගතයක්ව පැවැති කොවිඞ් වයිරසයට වඩා ඉතා දරුණු රෝගයක් බවද වෛද්ය පෙරේරා සඳහන් කරයි.
පසුගිය කොවිඞ් වසංගත සමයත් සමග දරුවන් වෙනුවෙන් කෙරෙන එන්නත්කරන වැඩසටහන් යම් කඩා වැටීම මෙසේ සරම්ප රෝගය යළි හිස එසවීමට ප්රධානතම හේතුව ලෙස වෛද්යවරුන් පෙන්වා දෙයි.
සරම්ප රෝගය මෙල්ල කර මුලිණුපුටා දමන්නට සෞඛ්ය අමාත්යංශය සැරසෙයි
මේ තත්ත්වය ගැඹුරින් සමාලෝචනයට ලක් කළ සෞඛ්ය අමාත්යංශය සරම්ප එන්නත නැවත බලගැන්වීමේ වැඩසටහනකට ජනවාරි 6 දින සිට යනවා. සරම්ප විතරක් නොවෙයි කම්මුල්ගාය හා රුබෙල්ලා යන රෝග වලටද එරෙහිව ආවරනයක් සපයන MMR එන්නත තමයි මෙහිදී ජනතාවට ලබා දෙන්නේ.
්මේ එන්නතක්කරණ වැඩසටහන මුලින්ම ක්රියාත්මක වෙන්නේ වැඩියෙන් රෝගීන් වාර්තා වෙන දිස්ත්රික්ක වලයි. එම දිස්ත්රික්ක වල මාස 9-15 අතර දරුවන්ට මේ එන්නත් ලබාගන්නට අවස්ථාව තියෙනවා.
්මාත්ර දෙකම ලබාගෙන නැත්නම් ඒ අයටත් මේ එන්නත මාත්රාවක් ලබාගන්නට අවස්ථාව තියෙනවා. ඊට අමතරව දිවයින පුරා සිටින සරම්ප එන්නත් ලබා නොගත් දරුවන්ටත් මේ සරම්ප එන්නත්කරණ වැඩපිළිවෙල ක්රියාත්මක කරනවා.
්ඒ හැරුණූ විට මුළු රටම ආවරණය වන පරිදි පවුල් සෞඛ්ය නිලධාරින් විසින් සෑම නිවසකටම මේ රෝගය සම්බන්ධයෙන් විස්තර තියෙන තොරතුරු පත්රිකාවක් ලබා දෙනවා.
්මවුපියන්ට ළඟම ඇති සායනය වෙත ගොස් තම දරුවන් සඳහා එන්නත් එන්නත්කරණය ලබාගත හැකියි.




Pregnancy

Pregnancy
දරු සම්පත් ප්‍රමාද වීමට හේතු
ඩිම්බ සංචිතය අඩුවීම හා ඊට යොදන පිළියම්WISH Fertility & IVF Hospital හි සායනික කළලවේද විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන්කුමාර MBBS (Sri Lanka) MD (Gyn. & Obs) Infertility China Pg. Dip(Andrology) Monash, OUSL Master of Clinical Embryology Monash, Australia. SLMC Reg. No. 20800කාන්තාවක ගැබ් ගැනීමට ඇති හැකියාව ඇය කෙමෙන් වයස්ගත වත්ම අඩු වන බව අද කවුරුත් දන්නා කරුණකි. වයසට යන විට ස්ත්‍රි බීජ වල ගුණාත්මකභාවය හීන වෙයි. ඒවායේ ඉතාම වැදගත් කොටස වන ප්‍රවේණික පදාර්ථ වල වර්ණදේහ කිසියම් වූ අසාමාන්‍ය වෙනස්කම් රැසකට ලක්වීමේ අවදානමක්ද වයස්ගත වන විට ඇතිවෙයි. එක් එක් කාන්තාවගේ මේ අවපස වෙනස්කම් සැබවින්ම සිදුවන වයස ඒ ඒ කාන්තාවට අනූව ලාක්ෂණිකය. ප්‍රායෝගික වශයෙන් බලන කළ වයස අවුරුදු 35 ඉක්මවූ පසු කාන්තාවකට මේ ගැබ් ගැනීමේ ගැටළු ඇති විය හැක. වයස අවු. 37න් පසු කාන්තාවකගේ දරුවන් වැදීමේ හැකියාව සීඝ්‍රයෙන් පරිහානියට පත් වෙයිස්වාභාවිකව ඩිම්බ සංචිත අඩු වන්නේ මෙහෙමයිකාන්තාවක ගැබ් ගැනීමට අවශ්‍ය වන ස්ත්‍රි බීජ නොහොත් “ඩිම්බ” ඇගේ සිරුරේ නිර්මාණය වන්නේ කවදාද? මේ ඩිම්බ ඇය තම මවගේ කුසයේ සිටින විටත් ඇයට උරුමව අවසන්ය. මෙහි තවත් වැදගත් අනාවරණයක් වන්නේ මේ “ඩිම්බ සංචිතය” වඩාත්ම වැඩිපුර පවතින්නේද ඇය තම මව කුසයේ ඉන්නා කාල පරිච්ඡේදයේම වීමයි. සති 20ක කළලයක්ව ඇය තම මවගේ ගර්භාෂයේ ගත කරන සමයේ ඇය සතුව මිලියන 6-7ක ඩිම්බ සංචිතයක් Ovarian Reserve පවතී. ඇය මෙලොව උපත ලබන විට එම සංඛ්‍යාව මිලියන 1-2ක් පමණ දක්වා අඩු වෙයි. ඇය දැරියකව වැඩෙන සමයේදී එය තවදුරටත් අඩුවන අතර දිනෙක ඇය වැඩිවිය පත් වන විට ඇයට හිමි සමස්ත “ඩිම්බ සංචිතය” 300,000-500,000 නොඉක්මවනු ඇත. වැඩිවිය පත් වීමේන් පසු ඇය වියපත්ව ආර්තව අභාවයට පත් වන තෙක් මසකට වරක් බැගින් පිට කරන ඩිම්බ ප්‍රමාණය 400-500 අතර සංඛ්‍යාවකි. මෝචනය නොවන ඩිම්බ, ඩිම්බ පටක වලටම අවශෝෂණය වෙයි. මේ ක්‍රියාවලිය සෑම චක්‍රයකදීම සිදුවන අතර කෙතරම් ඩිම්බ ප්‍රමාණයක් මෙලෙස අවශෝෂණයට ලක් වෙනවාද යන කාරණය ප්‍රවේණිකව පූර්වයෙන් සැලසුම් වන ජෛවීය ක්‍රියාවලියකි.වරකට පිට කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් පමණක් වූවත්, ජීවිත කාලයටම මේ ජෛව ක්‍රියාවලිය සපිරීමට අවශ්‍ය වන්නේ 400-500ක ඩිම්බ සංචිතයක් වූවත් මේ සංචිතයේ ඩිම්බ අඩු වීමත් එහි ගුණාත්මය දුර්වල වීමත් දරුවන් ලැබීමට අහිතකර සේ බලපවත්වන බව හෙළිදරව් වී තිාබේ. මේ සාඵළ්‍යතාවය හීනවීම ඇගේ වයස 30 ගණන් පමණ වන විට බලගැන්වෙන අතර ඇයට වයස අවු. 37ක් පමණ වන විට හා ඉන් අනතුරුව වේගවත්ව සාඵළ්‍යතාවය හීන වන්නට පටන් ගනී.නිසි කල වයස් වලදී දරු සම්පත් ලබා ගැනීමට උත්සුක විය යුත්තේ ඇයි?මේ නිසා සෑම කාන්තාවක්ම මේ විෂම චක්‍රය බලගැන්වීමට පෙර තම දරු සම්පත් ලබා ගැනීමට ඉටාගත යුතුය. ප්‍රමාදය පසුතැවිල්ලට මෙන්ම බොහෝ පරිශ්‍රමයන්ට තම කාලය හා ධනය වැය කිරීමටද හේතුවක් වන්නට පුළුවන. වයස්ගතව පිටවන ඩිමබ වල වර්ණදේහගත අඩුපාඩුකම වැඩියෙන් පවතින්නට පුළුවන. තත්ත්වයෙන් දුර්ව වූ ඩිම්බයක් සංසේචනය වූ විට එය අධිරෝපනයට (Implantation) බාධා පැමිණිය හැක. එය අධිරෝපනය වූවත් මැනවින් වැඩෙන්නට බාධා අවහිරතා ඇතිවිය හැක. මේවා ගබ්සා වලට ලක්වීමේ අවදානම තරමක් ඉහළය. ගැබ් ගැනීම ප්‍රමාද වන කාන්තාවකට තමන්ගේ ඩිම්බ සංචිතය කෙතරම්ද යන්න සංඛ්‍යාත්මකව සාක්ෂාත් කරගන්නට පරීක්ෂණ රැසක් පවතී. මෙය ඇයගේ නිසරුතා පාදක පරීක්ෂණ වල කොටසක් වශයෙන් සිදු කළ හැකි වන අතර සංචිතය අඩු එකක් වූවද එතෙකුදූ වූවත් ඇය සාමාන්‍ය ස්වාභාවික ලෙසටම ආර්තව චක්‍රය පවතින්නටද පුළුවන.ඩිම්බ සංචිතය අඩු වීමට හේතුබොහෝ අවස්ථා වලදී ඊට නිශ්චිත හේතුවක් කිව නොහැක. එය එක් එක් කාන්තාවගේ ජෛව වයස්ගතවීම හා ප්‍රවේණිය හා බැඳී පවතින්නකි. ඒ හැරුණූ විට ඩිම්බ සංචිතය හීන වීමට පහත සාධකවල බලපෑමක් ඇති බව හඳුනාගෙන තිබේ.* දුම්පානය* ප්‍රවේණික ගැටළු (Fragile X and other X chromosome abnormalities) ආදිය* පිළිකා වලට කරන ප්‍රතිකාර* එන්ඩොමෙටි්‍රයෝසිස් වැනි රෝග හා ඊට කරන ප්‍රතිකාරඩිම්බ සංචිතය අඩුවීම නිර්ණය සඳහා යොදා ගන්නා පරීක්ෂාමේ සඳහා සුලබව යොදා ගන්නා පරීක්ෂා කිහිපයකි. Basal antral follicle count ආර්තව චක්‍රයේ මුල් දින කිහිපයේදී යෝනි මාර්ගය හරහා සිදු කරණු ලබන අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවකින් කුඩා සහ විවේක අවස්ථාවේ පවත්නා කූප (Follicles) ගණනය කිරීමක් මෙහිද සිදුවේ. ඇයට විවේක අවස්ථාවේ පවත්නා කූප 8-9 (Resting follicles) වත් පවතින්නේ නම් එය සාමාන්‍ය ඩිම්බ සංචිතයකැයි සැළකේ. ඒ හැරුණූ විට ඇගේ ඔසප් වීම ආරම්භයෙනි දින 2,3 හා 4 දින වලදී සිදුකරන රුධිර පරීක්ෂණ Serum FSH and serum estradiol ද මෙහිදී භාවිතා කෙරේ. මෙලෙස හෝමෝනය වැඩි වන්නේ ඩිම්බ වයසට යාමේදී මොළය ඊට හැඩ ගැසීමට ගන්නා උත්සාහයෙ ප්‍රතිඵළයක් වශයෙනි. (The FSH level should be less than 10-12 miu/ml. An FSH greater than 18 miu/ml suggests a significant reduction in ovarian reserve with a corresponding marked reduction in the chance of achieving pregnancy, even with advanced fertility treatment.)ඩිම්බ සංචිතය හීන වූ කාන්තාවන්ටත් දරු සම්පත්Reproductive aging නොහොත් ජෛව වශයෙන් සාඵළ්‍යතාවය හීනවීමට සෘජුව නිර්දේශ කරන ප්‍රතිකාර නැත. එහෙත් මේ ගැටළුවට මුහුණපාන කාන්තාවන්ට ඇතැම් ප්‍රතිකාරාත්මක පිළියම් ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව හඳූනාගෙන තිබේ. Dehydroepiandrosterone (DHEA) ආහාර පදාර්ථයක් වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් මෙ වන විට සාර්ථකව පර්යේෂණ සිදුකෙරී ඇත. Dehydroepiandrosterone (DHEA) ඇන්ඩ්‍රජන් වලින් පිරිපුන්ය. මේවා ලබාදීමෙන් කාන්තාවන් රැසක් තමන්ගේම ජන්මාණූ ඇසුරේ ගැබ්ගත් බව අධ්‍යයන වලින් හෙළිදරව් වී තිබේ. මේ ඩිම්බ සංචිත හීනවීමේ ගැටළුව තිබෙන කාන්තාවන්ට තම ඩිම්බ උකහාගෙන ශීතන තත්ත්ව යටතේ සංරක්ෂණය කිරීම නිර්දේශ කෙරේ. Fertility preservation involves retrieving a woman’s eggs from her ovaries and freezing them for later use. ඒ හැරුණූ විට මේ ගැටළු ඇති කාන්තාවන් IVF නව්‍ය තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලැබීමට සුදුස්සන් වන අතර දරු සම්පතක් තමන්ගේම ජාන පසුබිමකින් ලබාගැනීමට මෙකල ඇයට වැඩි අවස්ථාවක් පවතී.නළ දරු තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලබන්නද?එක් එක් අදියර වල ක්‍රම දොළහක් මේ වන විට භාවිතයට ගන්නවා. ICSI, IMSI/PICSI, Capsule Baby, Donor Embryo, Surrogacy PGD, PGS ආදී වශයෙන්. වැය වන මුදල තීරණය වන්නේ යොදා ගන්නා තාක්ෂණය අනූව. යොදාගත යුතු තාක්ෂණය තීරණය වන්නේ ඇයට... නැතහොත් අඹූසැමියනට පවත්නා ගැටළුව අනූව. නමුත් දළ අදහසක් ලබාගත යුතු නිසා කියන්නම්, පටන් ගන්නෙ ලක්ෂ දෙක හමාර තුනක විතර ඉඳන්. ඒ වුණත් නැවත පැවසිය යුතුයි, කෙනෙක් ආවට පස්සෙ ඇයගෙ වාර්තා සමාලෝචනයකින්, මූලික පරීක්ෂණ වලින් පස්සෙ තමයි ඇයට ගැලපෙන නළ දරු තාක්ෂණ ක්‍රමය තීරණය වන්නේ. සමහර විට සරළ මැදිහත්වීමක් ප්‍රමාණවත් වෙන්නත් පුළුවන්. ඇතැම් විට ටිකක් සංකීර්ණ තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නටත් වෙන්න පුළුවනි. ඒ අනූව වැය කළ යුතු වන මුදලත් වෙනස් වනවා.වඩා හොඳ පැමිණ සුදුසුම ක්‍රමය සැලසුම් කර ගැනීමයිමේ හේතුව නිසා වියදම් ගැන දැනගන්න වඩාත් සුදුසු වන්නේ අපට පැමිණ කතා කරන එක. මේකෙදි වියදම් පාර්ශ්වයේ ඇතැම් සහන සලස්වන්න ක්‍රම අප ළඟ සැලසුම් තියෙනවා. ඉතාමත් දුර්වල ආර්ථිකයක් තියෙන අයත් මේ නළ දරු තාක්ෂණයෙන් අපෙන් දරු සම්පත් ලබන බව මෙහිදී කියන්නේ ඔබට දිරියක් ලබා දෙන්නයි.අපට කතා කරන්න. මෙන්න අපේ දුරකතන අංකය:0779 728 799 / 077 3 273 866
Read more

LATEST

You magazine
Typically replies within an hour

Doctor magazine
Hi there 👋
How can I help you?
00:04
×
Chat with Us