READ ONLINE MAGAZINE
CLICK HERE
Doctor Magazine


පිළිකා රෝගියෙකු රැකබලා ගන්නේ මෙහෙමයි

February 09,2024 3 0


ගලිගමුව ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති
පාරම්පරික දේශීය පිළිකා වෛද්
ඒ ඒ සුමතිපාල
සෑම විටම රෝගියාට සුපුරුදු පරිදි ජීවිතය ගත කිරීමට ඉඩ අවස්ථාව ලබාදිය යුතුයි. බලකිරීම්, තර්ජනය කිරීම් වලින් වැළකිය යුතුයි. ඔහු යමක් ප්රතික්ෂේප කරනවා නම් ඒ පිළිබඳව හොඳින් කරුණු කාරණා කියා දී ඔබගේ ඉල්ලීම ඉටු කරවා ගැනීමට ඔබ සමත් විය යුතුයි. සෑම විටම ඔහුට හොඳ සවන් දෙන්නෙකු වන්න. ඔහුගේ හිත දිනා ගන්න ඔහුට කරුණාව දයාව ආදරය ලබාදෙන්න.
තම ආදරණීයයෙකු පිළිකා රෝගයකින් පසුවෙනවා නම්, ඔබටත් එම තත්ත්වය වේදනාකාරී අත්දැකීමක් වෙනවා නියතයි. ජීවිතයේ කවර හෝ අවධියකදී අපට පිළිකා රෝගියකු රැකබලා ගැනීමට ඉදිරිපත් වීමට සිදුවිය හැකියි. පවුලක බොහෝ විට රෝගී වූ ආදරණීයයෙකු රැකබලා ගැනීම කරගනු ලබන්නේ විවාහක අයෙකු නම් සහකරු හෝ සහකාරියයි. එසේම පවුලේ වැඩිමහල් දරුවන්, දෙමව්පියන්ගේ ළඟම නෑයින් විය හැකියි. සාමාන්යයෙන් වෙනත් රෝගී කෙනෙකුට උපස්ථාන කරනවා වගේ නොවෙයි, පිළිකා රෝගියෙකුට උපස්ථාන කිරීම විශේෂයි. ඒ සඳහා මනා සැලැස්මක් අවශ්ය වෙනවා.
පිළිකාවක් කියූ පමණින්ම හිතට එන්නේ මරණ බියයි. එම නිසා මෙම උපස්ථායකයාට රෝගියාට සාත්තු සප්පායම් කිරීමේදී විශේෂ වගකීමක් තියෙනවා ජීවිතයට බලාපොරරොත්තුවක් ඇති කරන්නට. මේ ලිපියෙන් මම උත්සාහ කරන්නේ එවැනි උපස්ථායකයකුට තිබිය යුතු විශේෂ ගුණාංග පිළිබඳව දැනුවත් කිරීමටයි.
පිළිකා රෝගියාට සලකන උපස්ථායකයා මෙනෙහි
කර ගත යුතු කරුණු
සෑම විටම ඔබේ මානසික හා ශාරීරික සෞඛ්ය යහපත් තත්ත්වයකින් පවත්වාගෙන යාමට ඔබ වග බලා ගත යුතුයි. මොකද පිළිකා රෝගියකු පූර්ණ වශයෙන් රැක බලා ගැනීම නිතැනින්ම ඔබ වෙහෙසට හා පීඩාවට පත් කරවන කාරණයක් වන නිසයි.
තම ආදරණීයයා පිළිකා රෝගී තත්ත්වයෙන් පසුවීම ඔබටත් හිත් වේදනා ගෙනදෙන අත්දැකීමක් වුවත් ඔහුට උපස්ථාන කිරීම නිසා හා සෑම විටම ඔහුට නිරෝගී සුවයක් ප්රාර්ථනා කරන කෙනෙකු නිසාත් මේ කාර්යය තුළින් ඔබට විශාල තෘප්තියක් ලැබෙන බවද මෙනෙහි කරගන්න.
එම නිසා පළමුව ඔබ හොඳ අවබෝධයකින් සහ චිත්ත ඒකාග්රතාවයකින් සිටිය යුතුයි. ඔබට මේ ජීවිත කාලයේදී ඔහුට ලබා දිය හැකි ලොකුම උපකාරය මේ බව තේරුම්ගෙන සතුටු වෙන්න. ඒ උතුම් චේතනාවෙන් ඔබ උපස්ථායකයකු ලෙස කටයුතු කරන විට ඒ යහපත් චේතනාවේ ආනිශංස හේතුවෙන් තම ආදරණීයයා ඉතා ඉක්මනින් සුවපත් භාවයට පත්වෙනු ඇත.
උපස්ථායකයා වෙත පැවරෙන කාර්යභාරය
● රෝගියාගේ ශාරීරික සත්කාර හා අත්යවශ්ය දේවලට සහාය වීම, රෝගියා නහවා පිරිසිදු කිරීම, ආහාර ලබාදීම, වැසිකිළි-කැසිකිළි අවශ්යතාවලට උදව් උපකාර කිරීම.
● වෛද්ය උපදෙස් මත ලබා දී ඇති කාලසටහනකට අනුකූලව ඖෂධ ලබාදීම.
● රෝගියාගේ පෝෂණ අවශ්යතා සපයමින් ලබාදී ඇති උපදෙස් වලට අනුකූලව කැවීම, පෙවීම.
● රෝගියා පිළිබඳව මනා අවබෝධයකින් සිටීම හා ඔහු වෙතින් දිස්වෙන වෙනත් සංකූලතා, ප්රතික්ෂේප කිරීම් ආදී අවස්ථා ගැන නිවසේ අනෙකුත් සාමාජිකයන්ට දැන්වීම.
● රෝගියාගේ හිත සැනසීම සඳහා ඔහු සමග හොඳ අවබෝධයකින් හා කිට්ටු සම්බන්ධතාවයකින් කටයුතු කිරීම. රෝගියාට සුවය ඉතා ඉක්මණින් ලැබෙන බවට වන පණිවිඩය රෝගියාට ඒත්තු ගැන්විය යුතුයි.
● ඔබ සෑම විටම රෝගියාගේ පිළිකාවේ සියලු තතු දැන සිටිය යුතුයි.
● නිවසේ පරිසරය තම ආදරණීයයාට ගැළපෙන ආකාරයට සැකසිය යුතුයි.
විශේෂයෙන්ම නාන කාමරය ලිස්සන සුළු නොවන ආකාරයට පවත්වා ගත යුතුයි.
● ඔහුට ජීවිතය ගැන බලාපොරොත්තු ඇති කළ යුතුයි. හිත හැදිය යුතුයි.
● ඔහු රෝගියාගේ වෛද්යවරයා හමුවන විට ඔවුන් සමග යාම ඉතාම වැදගත්. එවිට වෛද්යවරයා ලබදෙන උපදෙස් සියල්ල ඔබට අවබෝධයට ගත හැකියි.
● පිළිකා රෝගීන්ගේ ප්රතිශක්තිකරණ තත්ත්වය බොහෝ විට දුර්වල මට්ටමක පවතිනවා. එම නිසා විෂබීජ ඉක්මණින් ආසාදනය විය හැකියි. එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා ඔබගේ සෞඛ්ය හා පවිත්රතාවය ඉහළින් පවත්වාගෙන යා යුතුයි. සෑම උපස්ථාන කටයුත්තකටම පෙර හා පසුව ඔබගේ අත් සෝදා ගන්න.
● රෝගියාගේ සියලු අපද්රව්ය වෙනම එකතු කර ගැඹුරු වලකට දැමීම හෝ වෙනත් සුදුසු ආකාරයකට බැහැරලන්න.
● ආහාර පිළියෙල කිරීමේදී පිරිසිදුකම හැමවිටම පවත්වා ගන්න.
● සාත්තු සප්පායම් කරන විට රෝගියාගේ අපද්රව්ය ඔබගේ අතේ ස්පර්ශ වීම වළක්වා ගැනීම සඳහා අත්වැසුම් හා මුඛ ආවරණ භාවිතා කරන්න.
● නිවසේ ජීවත් වෙන සුරතල් සතුන් බොහෝ විට රෝග වාහකයන්ගේ කාර්යය සිදුකරන බැවින් රෝගියාගෙන් ඈත් කර තබන්න. උන්ට නියමිත එන්නත් ලබාදෙන්න.
● බෝවෙන රෝගියකින් පෙළෙන කෙනෙක් එම නිවසේ සිටිනවා නම් ඔබගේ ආදරණීයයා ඔහුගෙන් ඈත් කර තබන්න.
● සෑම විටම ඔබේ ආදරණීයයා පිරිසිදුව තබා ගන්න. මුඛයේ පිරිසිදුතාවය, පිරිසිදු ඇඳුම්-පැළඳුම් හා නහවා පිරිසිදු කිරීම නියමිත පරිදි සිදු කරන්න.
● මොනම හේතුවක් නිසාවත් රෝගියාට මත් වතුර ලබාදිය යුතු නොවේ.
● දුම්බීම, බුලත් විට සැපයීමට ඉඩ නොදෙන්න.
● වෛද්ය උපදෙස් මත ලබාදිය යුතු ආහාර නිසියාකාරයෙන් ලබා දෙන්න.
අසාධ්යව ඇඳේ වැතිර සිටිනවා නම් පැය දෙකකට වරක් වත් ඉරියව් වෙනස් කරන්න. පීඩනය ඇතිවන ස්ථාන වලට රුධිර ගමනාගමනය මේ නිසා පහසු වනු ඇත.
● මුත්රා පිටකිරීමේ ගැටලු පවතී නම් ඒ සඳහා ඇති උපකරණ පාවිච්චි කරන්න.
● රෝගියාගේ මළබද්ධය පාලනය කර ගැනීමට උපකාරී වන්න. වෛද්ය උපදෙස් වලට අනුකූලව ප්රමාණවත් ලෙස දියර වර්ග ලබා දෙන්න.
● මළබද්ධය ඇතිවීමට උපකාරී වන තේ, කෝපි, කෝලා බීම, චොක්ලට් වැනි බීම හා ආහාර සීමා කරන්න.
● ව්යායාම සඳහා උනන්දු කරවන්න. ඔහු හැකිනම් ඇවිද්දවන්න. ඇඳේ සිටිනවා නම් ඇඳේ ඒ මේ අත හැරීම සිදු කරවන්න.
● රෝගියාට ලැබිය යුතු පෝෂණය පිළිබඳව මනා අවබෝධයකින් සිටින්න.
● පිළිකා රෝගීන්ට ප්රෝටීන් හා ශක්ති අවශ්යතාවය සාමාන්ය කෙනෙකුට වඩා දෙගුණයකින් අවශ්ය කෙරෙයි. එම නිසා වෛද්ය උපදෙස් අනුව නියම කර ඇති ආහාර ලබාදෙන්න.
● බොහෝ විට පිළිකා රෝගීන් එම රෝගයට අමතරව දියවැඩියාව, වකුගඩු රෝග, හෘදයාබාද වැනි වෙනත් රෝග වලට ලක්වීමේ අවදානමක් දරයි. ඔබේ රෝගියා පිළිබඳ ඔබගේ අවධානය ඉතාමත් හොඳ මට්ටමක තබාගන්න.
වසර පනහකට ආසන්න කාලයක සිට පිළිකා රෝගීන්ට දේශීය ඖෂධ පමණක් උපයෝගී කරගෙන ප්රතිකාර ලබාදෙන පිළිකා සුව කරන මා විශ්වාරාම හෙළ වෙද පරම්පරාවේ වර්තමාන වෛද්යවරයායි. අපගේ පරම්පරාවට පමණක් උරුම වූ රහස් බෙහෙත් වට්ටෝරු උපයෝගී කරගෙන මගේ දෑතින්ම නිපදවන ඖෂධ පමණක් ලබාදෙමින් ඕනෑම පිළිකා රෝගයක් සුවපත් කරවන්නට මා සමත්. පිළිකාව සොයාගත් විගස මා වෙත පැමිණෙනවා නම් ඔබට ඖෂධ ලබාදීම හා එම පිළිකාව සුව කිරීමට එය බොහෝ සේ උපකාරී වෙනවා. යන්න ඕනි හැම රෝහලකටම ගිහිල්ලා, කරන්ට් අල්ලලා ශල්යකර්ම කරලා බොහෝ විට එම රෝහලින් සුව කරන්න බැහැයි කීවාට පසුවයි රෝගීන් අප වෙත එන්නේ. එහෙම අයට ඖෂධ නියම කරලා තේරුමක් නෑ. ශරීරයට ඖෂධ අහන්නේ නෑ. ඒ නිසා අන්තිම මොහොතේ එන්නේ නැතුව පිළිකාව හඳුනාගත් විටම විශ්වාසයෙන් එන්න. ඔබව සුවපත් කරවන්න පුළුවන්. බෙහෙත් අප ළඟ තිබෙනවා.●
පාරම්පරික දේශීය පිළිකා රෝග වෛද්ය ඒ ඒ සුමතිපාල (සාමවිනිසුරු)
ගලිගමුව ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති
සර්වාංග චිකිත්සක ලියාපදිංචි අංකය 13297
පාරම්පරික දේශීය පිළිකා වෛද්ය මධ්යස්ථානය
බෙලිකොටුව, අරන්දර
අටාල (ගලිගමුව-අවිස්සාවේල්ල මාර්ගය බෝගස්හන්දිය)
035 2289 635
071 8889 635
072 4282 140




Pregnancy

Pregnancy
දරු සම්පත් ප්‍රමාද වීමට හේතු
ඩිම්බ සංචිතය අඩුවීම හා ඊට යොදන පිළියම්WISH Fertility & IVF Hospital හි සායනික කළලවේද විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන්කුමාර MBBS (Sri Lanka) MD (Gyn. & Obs) Infertility China Pg. Dip(Andrology) Monash, OUSL Master of Clinical Embryology Monash, Australia. SLMC Reg. No. 20800කාන්තාවක ගැබ් ගැනීමට ඇති හැකියාව ඇය කෙමෙන් වයස්ගත වත්ම අඩු වන බව අද කවුරුත් දන්නා කරුණකි. වයසට යන විට ස්ත්‍රි බීජ වල ගුණාත්මකභාවය හීන වෙයි. ඒවායේ ඉතාම වැදගත් කොටස වන ප්‍රවේණික පදාර්ථ වල වර්ණදේහ කිසියම් වූ අසාමාන්‍ය වෙනස්කම් රැසකට ලක්වීමේ අවදානමක්ද වයස්ගත වන විට ඇතිවෙයි. එක් එක් කාන්තාවගේ මේ අවපස වෙනස්කම් සැබවින්ම සිදුවන වයස ඒ ඒ කාන්තාවට අනූව ලාක්ෂණිකය. ප්‍රායෝගික වශයෙන් බලන කළ වයස අවුරුදු 35 ඉක්මවූ පසු කාන්තාවකට මේ ගැබ් ගැනීමේ ගැටළු ඇති විය හැක. වයස අවු. 37න් පසු කාන්තාවකගේ දරුවන් වැදීමේ හැකියාව සීඝ්‍රයෙන් පරිහානියට පත් වෙයිස්වාභාවිකව ඩිම්බ සංචිත අඩු වන්නේ මෙහෙමයිකාන්තාවක ගැබ් ගැනීමට අවශ්‍ය වන ස්ත්‍රි බීජ නොහොත් “ඩිම්බ” ඇගේ සිරුරේ නිර්මාණය වන්නේ කවදාද? මේ ඩිම්බ ඇය තම මවගේ කුසයේ සිටින විටත් ඇයට උරුමව අවසන්ය. මෙහි තවත් වැදගත් අනාවරණයක් වන්නේ මේ “ඩිම්බ සංචිතය” වඩාත්ම වැඩිපුර පවතින්නේද ඇය තම මව කුසයේ ඉන්නා කාල පරිච්ඡේදයේම වීමයි. සති 20ක කළලයක්ව ඇය තම මවගේ ගර්භාෂයේ ගත කරන සමයේ ඇය සතුව මිලියන 6-7ක ඩිම්බ සංචිතයක් Ovarian Reserve පවතී. ඇය මෙලොව උපත ලබන විට එම සංඛ්‍යාව මිලියන 1-2ක් පමණ දක්වා අඩු වෙයි. ඇය දැරියකව වැඩෙන සමයේදී එය තවදුරටත් අඩුවන අතර දිනෙක ඇය වැඩිවිය පත් වන විට ඇයට හිමි සමස්ත “ඩිම්බ සංචිතය” 300,000-500,000 නොඉක්මවනු ඇත. වැඩිවිය පත් වීමේන් පසු ඇය වියපත්ව ආර්තව අභාවයට පත් වන තෙක් මසකට වරක් බැගින් පිට කරන ඩිම්බ ප්‍රමාණය 400-500 අතර සංඛ්‍යාවකි. මෝචනය නොවන ඩිම්බ, ඩිම්බ පටක වලටම අවශෝෂණය වෙයි. මේ ක්‍රියාවලිය සෑම චක්‍රයකදීම සිදුවන අතර කෙතරම් ඩිම්බ ප්‍රමාණයක් මෙලෙස අවශෝෂණයට ලක් වෙනවාද යන කාරණය ප්‍රවේණිකව පූර්වයෙන් සැලසුම් වන ජෛවීය ක්‍රියාවලියකි.වරකට පිට කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් පමණක් වූවත්, ජීවිත කාලයටම මේ ජෛව ක්‍රියාවලිය සපිරීමට අවශ්‍ය වන්නේ 400-500ක ඩිම්බ සංචිතයක් වූවත් මේ සංචිතයේ ඩිම්බ අඩු වීමත් එහි ගුණාත්මය දුර්වල වීමත් දරුවන් ලැබීමට අහිතකර සේ බලපවත්වන බව හෙළිදරව් වී තිාබේ. මේ සාඵළ්‍යතාවය හීනවීම ඇගේ වයස 30 ගණන් පමණ වන විට බලගැන්වෙන අතර ඇයට වයස අවු. 37ක් පමණ වන විට හා ඉන් අනතුරුව වේගවත්ව සාඵළ්‍යතාවය හීන වන්නට පටන් ගනී.නිසි කල වයස් වලදී දරු සම්පත් ලබා ගැනීමට උත්සුක විය යුත්තේ ඇයි?මේ නිසා සෑම කාන්තාවක්ම මේ විෂම චක්‍රය බලගැන්වීමට පෙර තම දරු සම්පත් ලබා ගැනීමට ඉටාගත යුතුය. ප්‍රමාදය පසුතැවිල්ලට මෙන්ම බොහෝ පරිශ්‍රමයන්ට තම කාලය හා ධනය වැය කිරීමටද හේතුවක් වන්නට පුළුවන. වයස්ගතව පිටවන ඩිමබ වල වර්ණදේහගත අඩුපාඩුකම වැඩියෙන් පවතින්නට පුළුවන. තත්ත්වයෙන් දුර්ව වූ ඩිම්බයක් සංසේචනය වූ විට එය අධිරෝපනයට (Implantation) බාධා පැමිණිය හැක. එය අධිරෝපනය වූවත් මැනවින් වැඩෙන්නට බාධා අවහිරතා ඇතිවිය හැක. මේවා ගබ්සා වලට ලක්වීමේ අවදානම තරමක් ඉහළය. ගැබ් ගැනීම ප්‍රමාද වන කාන්තාවකට තමන්ගේ ඩිම්බ සංචිතය කෙතරම්ද යන්න සංඛ්‍යාත්මකව සාක්ෂාත් කරගන්නට පරීක්ෂණ රැසක් පවතී. මෙය ඇයගේ නිසරුතා පාදක පරීක්ෂණ වල කොටසක් වශයෙන් සිදු කළ හැකි වන අතර සංචිතය අඩු එකක් වූවද එතෙකුදූ වූවත් ඇය සාමාන්‍ය ස්වාභාවික ලෙසටම ආර්තව චක්‍රය පවතින්නටද පුළුවන.ඩිම්බ සංචිතය අඩු වීමට හේතුබොහෝ අවස්ථා වලදී ඊට නිශ්චිත හේතුවක් කිව නොහැක. එය එක් එක් කාන්තාවගේ ජෛව වයස්ගතවීම හා ප්‍රවේණිය හා බැඳී පවතින්නකි. ඒ හැරුණූ විට ඩිම්බ සංචිතය හීන වීමට පහත සාධකවල බලපෑමක් ඇති බව හඳුනාගෙන තිබේ.* දුම්පානය* ප්‍රවේණික ගැටළු (Fragile X and other X chromosome abnormalities) ආදිය* පිළිකා වලට කරන ප්‍රතිකාර* එන්ඩොමෙටි්‍රයෝසිස් වැනි රෝග හා ඊට කරන ප්‍රතිකාරඩිම්බ සංචිතය අඩුවීම නිර්ණය සඳහා යොදා ගන්නා පරීක්ෂාමේ සඳහා සුලබව යොදා ගන්නා පරීක්ෂා කිහිපයකි. Basal antral follicle count ආර්තව චක්‍රයේ මුල් දින කිහිපයේදී යෝනි මාර්ගය හරහා සිදු කරණු ලබන අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවකින් කුඩා සහ විවේක අවස්ථාවේ පවත්නා කූප (Follicles) ගණනය කිරීමක් මෙහිද සිදුවේ. ඇයට විවේක අවස්ථාවේ පවත්නා කූප 8-9 (Resting follicles) වත් පවතින්නේ නම් එය සාමාන්‍ය ඩිම්බ සංචිතයකැයි සැළකේ. ඒ හැරුණූ විට ඇගේ ඔසප් වීම ආරම්භයෙනි දින 2,3 හා 4 දින වලදී සිදුකරන රුධිර පරීක්ෂණ Serum FSH and serum estradiol ද මෙහිදී භාවිතා කෙරේ. මෙලෙස හෝමෝනය වැඩි වන්නේ ඩිම්බ වයසට යාමේදී මොළය ඊට හැඩ ගැසීමට ගන්නා උත්සාහයෙ ප්‍රතිඵළයක් වශයෙනි. (The FSH level should be less than 10-12 miu/ml. An FSH greater than 18 miu/ml suggests a significant reduction in ovarian reserve with a corresponding marked reduction in the chance of achieving pregnancy, even with advanced fertility treatment.)ඩිම්බ සංචිතය හීන වූ කාන්තාවන්ටත් දරු සම්පත්Reproductive aging නොහොත් ජෛව වශයෙන් සාඵළ්‍යතාවය හීනවීමට සෘජුව නිර්දේශ කරන ප්‍රතිකාර නැත. එහෙත් මේ ගැටළුවට මුහුණපාන කාන්තාවන්ට ඇතැම් ප්‍රතිකාරාත්මක පිළියම් ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව හඳූනාගෙන තිබේ. Dehydroepiandrosterone (DHEA) ආහාර පදාර්ථයක් වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් මෙ වන විට සාර්ථකව පර්යේෂණ සිදුකෙරී ඇත. Dehydroepiandrosterone (DHEA) ඇන්ඩ්‍රජන් වලින් පිරිපුන්ය. මේවා ලබාදීමෙන් කාන්තාවන් රැසක් තමන්ගේම ජන්මාණූ ඇසුරේ ගැබ්ගත් බව අධ්‍යයන වලින් හෙළිදරව් වී තිබේ. මේ ඩිම්බ සංචිත හීනවීමේ ගැටළුව තිබෙන කාන්තාවන්ට තම ඩිම්බ උකහාගෙන ශීතන තත්ත්ව යටතේ සංරක්ෂණය කිරීම නිර්දේශ කෙරේ. Fertility preservation involves retrieving a woman’s eggs from her ovaries and freezing them for later use. ඒ හැරුණූ විට මේ ගැටළු ඇති කාන්තාවන් IVF නව්‍ය තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලැබීමට සුදුස්සන් වන අතර දරු සම්පතක් තමන්ගේම ජාන පසුබිමකින් ලබාගැනීමට මෙකල ඇයට වැඩි අවස්ථාවක් පවතී.නළ දරු තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලබන්නද?එක් එක් අදියර වල ක්‍රම දොළහක් මේ වන විට භාවිතයට ගන්නවා. ICSI, IMSI/PICSI, Capsule Baby, Donor Embryo, Surrogacy PGD, PGS ආදී වශයෙන්. වැය වන මුදල තීරණය වන්නේ යොදා ගන්නා තාක්ෂණය අනූව. යොදාගත යුතු තාක්ෂණය තීරණය වන්නේ ඇයට... නැතහොත් අඹූසැමියනට පවත්නා ගැටළුව අනූව. නමුත් දළ අදහසක් ලබාගත යුතු නිසා කියන්නම්, පටන් ගන්නෙ ලක්ෂ දෙක හමාර තුනක විතර ඉඳන්. ඒ වුණත් නැවත පැවසිය යුතුයි, කෙනෙක් ආවට පස්සෙ ඇයගෙ වාර්තා සමාලෝචනයකින්, මූලික පරීක්ෂණ වලින් පස්සෙ තමයි ඇයට ගැලපෙන නළ දරු තාක්ෂණ ක්‍රමය තීරණය වන්නේ. සමහර විට සරළ මැදිහත්වීමක් ප්‍රමාණවත් වෙන්නත් පුළුවන්. ඇතැම් විට ටිකක් සංකීර්ණ තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නටත් වෙන්න පුළුවනි. ඒ අනූව වැය කළ යුතු වන මුදලත් වෙනස් වනවා.වඩා හොඳ පැමිණ සුදුසුම ක්‍රමය සැලසුම් කර ගැනීමයිමේ හේතුව නිසා වියදම් ගැන දැනගන්න වඩාත් සුදුසු වන්නේ අපට පැමිණ කතා කරන එක. මේකෙදි වියදම් පාර්ශ්වයේ ඇතැම් සහන සලස්වන්න ක්‍රම අප ළඟ සැලසුම් තියෙනවා. ඉතාමත් දුර්වල ආර්ථිකයක් තියෙන අයත් මේ නළ දරු තාක්ෂණයෙන් අපෙන් දරු සම්පත් ලබන බව මෙහිදී කියන්නේ ඔබට දිරියක් ලබා දෙන්නයි.අපට කතා කරන්න. මෙන්න අපේ දුරකතන අංකය:0779 728 799 / 077 3 273 866
Read more

LATEST

You magazine
Typically replies within an hour

Doctor magazine
Hi there 👋
How can I help you?
05:54
×
Chat with Us