READ ONLINE MAGAZINE
CLICK HERE
Doctor Magazine


පුයර, ක්‍රීම්, ලෝෂන් හා ෂැම්පු

February 09,2024 4 0


ඔබේ දරුවාට සෞඛ්යාරක්ෂිත බේබි නිපැයුම් ලබාදීමට ඔබ අවධානයට යොමු කළ යුතු කරුණූ
අද වෙළඳපොළ ප්රමිතියෙන් තොර පුයර, ක්රීම්, ලෝෂන් හා ෂැම්පු ආදියෙන් පිරී පවත්නා අතර ඔබේ දරුවා වෙනුවෙන් මේවා මිලදී ගැනීමේදී ඉතා සැළකිළිමත් විය යුතුය.
ඔබේ කිරිකැටියාට ලබාදෙන පුයර, ක්රීම් හා ලෝෂන් ගැන ඔබ වරක්, දෙවරක් නොව කිහිප වරක්ම සැළකිළිමත් විය යුතුය. මන්ද? පළමුව ඒවා දරුවාගේ සමට නොගැලපෙන විෂකාරක ද්රව්ය අඩංගු නිෂ්පාදන වූවහොත් එයින් දරුවාට හානියක්, අවැඩක් වීමට ඇති අවදානමයි.
දෙවැන්න, අද වෙළඳපොළ මෙවන් ප්රමිතියෙන් තොර නිපැයුම් වලින් පිරී ඉතිරී පැවතීමයි.
මේ නිසා ඔබේ ආදරනීය කිරිකැටියාට නිවැරදිව පුයර, ක්රීම්, ලෝෂන් හා ෂැම්පු මෙන්ම අනෙකුත් සෞඛ්යාරක්ෂිත නිෂ්පාදන තෝරාගැනීමේදී මව්පියන් වශයෙන් ඔබ වෙසෙසින්ම සැළකිළිමත් විය යුතු කරුණූ සම්බන්ධයෙන් අප මේ ලිපියෙන් ඔබට වැදගත් කරුණූ රාශියක් ගෙනහැර දක්වමු.
ලේබල් කියවන්න පරීක්ෂාකාරීව ඒවා අධ්යයනය කරන්න
වෙළඳපොළේ ඇති බොහෝ ළදරු නිෂ්පාදන වල සම හරහා අවශෝෂණය කළ හැකි හානිකර රසායනික ද්රව්ය සහ ආකලන (additives) අඩංගු වන අතර ඒවා ළදරුවන්ට සහ කුඩා දරුවන්ට සෞඛ්ය අවදානම් ඇති කරයි. මෙම හානිකර අමුද්රව්ය වලින් සමහරක් පැරබීන්, තැලේට්, සුවඳ ද්රව්ය සහ කල් තබා ගන්නා ද්රව්ය ඇතුළත් වන අතර ඒවා ස්වභාවයෙන් සිරුරෙන්වෑහෙන හෝමෝන වල ක්රියාකාරිත්වයට බාධා ඇති කරයි. අඩු ප්රමිතියෙන් යුත් නිපැයුම් සමේ කැසීම් හා පළු දැමීම් සහ ශ්වසන අපහසුතා වැනි විවිධ සෞඛ්ය ගැටළු සමඟ සම්බන්ධ වී ඇත.
කාබනික ප්රභවයන් හා ස්වාභාවික අමුද්රව්ය සහිත නිපැයුම් ඔබේ තේරීම කරගන්න
ආරක්ෂිත ළදරු පුයර, ක්රීම්, ලෝෂන් සහ අනෙකුත් පුද්ගලික සත්කාර නිෂ්පාදන තෝරා ගැනීමේදී මව්පියන්ගේ තේරීම විය යුත්තේ හැකිතාක් ඒවා ස්වභාවික වීමයි. කාබනික නිපැයුම්ද දරුවාට අතිශයින් ආරක්ෂාකාරීය. හානිකර රසායනික ද්රව්ය සහ ආකලන වලින් තොර නිෂ්පාදන සෑමවිටම ඔබේ තේරීම කරගන්න. එඬරු, බටර්, පොල්තෙල්, කෝමාරිකා සහ සුගන්ධ තෙල් වැනි ස්වභාවික සහ පෝෂණීය අමුද්රව්ය හා වෙසෙසින්ම කාබනික සම්භවයක් සහිත නිපැයුම් වේ නම් ඒවා මිලදී ගැනීමට උත්සුක වන්න. මෙම ස්වාභාවික අමුද්රව්ය මෘදු ළදරු සම සඳහා වඩාත්ම ගැලපෙන අතර ඒවා ගැල්වීමෙන් හානිකර අතුරු ආබාධ ඇතිවීමේ අවදානම මගහරවමින් අවශ්ය පෝෂණය සහ සජලනයද සපයයි.
පිළිගත් සමාගමක නිෂ්පාදන සෑමවිටම පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට පියවර ගනියි
ස්වාභාවික නිෂ්පාදන තෝරාගැනීමට අමතරව, වෙළඳ නාමයත්, නිෂ්පාදකයින්ගේ කීර්තිනාමයත් සලකා බැලීම වැදගත් වේ. මුල්බැසගත් සන්නාම කිසි විටෙකත් බාල නිෂ්පාදන වෙළඳපොළට මුදාහරිමින් තමන් රැකගත් කීර්ති නාමය පළුදු කරගැනීමට කැමති නොවේ. ඔවුන් මේ නිසා හැම විටම සෞඛ්යසම්පන්නව සැකසූ, පර්යේෂණ වලින් තහවුරු කරගත් විශිෂ්ඨ නිෂ්පාදන පමණක් තම පාරිභෝගිකයන් වෙත සැපයීමට කටයුතු කරයි. ප්රමිතිය හා තත්ත්වානුකූල බව සම්බන්ධ පිරිවිතර වලින් යුක්ත වන බවට වන සහතික පවා මේ කීර්තිමත් නිපැයුම් වල පවතී.
අසාත්මිකතා ගැනද සැලකිලිමත් විය යුතුයි
ළදරු පවුඩර්, ක්රීම්, ලෝෂන් ආදිය තෝරාගැනීමේදී ඇති විය හැකි අසාත්මිකතා ගැනද සැලකිලිමත් වීම වැදගත් වේ. ළදරුවන්ට සියුම් හා සංවේදී සමක් ඇති අතර, ඔවුන් අසාත්මිකතා ප්රතික්රියා සහ සමේ කැසීම්ඳ රත්වීම් හා රතුවීම් ආදී විවිධ ගැටළු ඇති විය හැක. ළදරුවන්ගේ සංවේදී සම සඳහා විශේෂයෙන් සකස් කර ඇති හයිපෝඇලර්ජෙනික් නොහොත් ආසාත්මිකතා ඇති කිරීමේ හැකියාව ඉතා අවම විකල්ප ඔබේ දරුවා වෙනුවෙන් තෝරා ගන්න.
ටැල්කම් පවුඩර් ගෙනෙන අවධානම ගැන දැණූවත් වන්න
ළදරුවන් වෙනුවෙන් සැකසූ පවුඩර් වර්ග සම්බන්ධයෙන් ගත් කල, ටැල්කම් පවුඩර් සමඟ සම්බන්ධ විය හැකි ස්වසන ගැටළු ගැන සැළකිළීමත් විය යුතුය. එසේම ටැල්කම් පුයර පසුකාලීනව කාන්තාවන්ගේ ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරන බවට මතයක් විද්යාත්මක සමාජයේ පවතී. මේ නිසා ළදරුවන් සහ කුඩා ළමුන් සඳහා ටැල්කම් පවුඩර් භාවිතා කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය.
දරුවන් සුරකින විශ්වාසවන්ත නිපැයුම්
ළදරුවන් සඳහා වන සෞඛ්යාරක්ෂක නිපැයුම් තෝරාගැනීම බොහෝ ප්රවේශමෙන් කළ යුත්තකි. ස්වාභාවික සහ කාබනික නිපැයුම් තෝරාගැනීම, අසාත්මිකතාවන් සහ සංවේදීතාවයන් ගැන සැලකිලිමත් වීම සහ හානිකර අමුද්රව්ය සහ ආකලන නොමැති බවට තහවුරු වීම ඔස්සේ ඔබේ දරුවාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කළ හැකිය. එසේම මේ සියල්ල ගැන වෙසෙසින්ම සැළකිළිමත් වන කීර්තිමත් සමාගමක සෞඛ්යාරක්ෂක නිපැයුම් ඔබේ තේරීම කරගන්නවා නම් ඔබ නිතැනින්ම ආරක්ෂිත කලාපයක දරුවා තබන බවට සැක හැරගත හැක.
ළදරු සෞඛ්යාරක්ෂක නිෂ්පාදන ක්ෂේත්රයෙහි වසර 75කට වැඩි දීර්ඝ ඉතිහාසයක් ඇති ජර්මනියේ CETAPHIL BABY නිෂ්පාදන බෙදාහරින Sunshine Holdings PLC අනුග්රහයෙන් මෙම ලිපිය සම්පාදනය කෙරිණ. ●
ඔබට අවශ්ය CETAPHIL BABY නිපැයුම් දැන් Daraz හා Lassana Flora ඔන්ලයින් සේවාව මගින්ද මිලදී ගත හැක.●
ඔබට අවශ්ය හා ත්කදර් ඔන්ලයින් සේවාව මගින්ද මිලදී ගත හැක.●




Pregnancy

Pregnancy
දරු සම්පත් ප්‍රමාද වීමට හේතු
ඩිම්බ සංචිතය අඩුවීම හා ඊට යොදන පිළියම්WISH Fertility & IVF Hospital හි සායනික කළලවේද විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන්කුමාර MBBS (Sri Lanka) MD (Gyn. & Obs) Infertility China Pg. Dip(Andrology) Monash, OUSL Master of Clinical Embryology Monash, Australia. SLMC Reg. No. 20800කාන්තාවක ගැබ් ගැනීමට ඇති හැකියාව ඇය කෙමෙන් වයස්ගත වත්ම අඩු වන බව අද කවුරුත් දන්නා කරුණකි. වයසට යන විට ස්ත්‍රි බීජ වල ගුණාත්මකභාවය හීන වෙයි. ඒවායේ ඉතාම වැදගත් කොටස වන ප්‍රවේණික පදාර්ථ වල වර්ණදේහ කිසියම් වූ අසාමාන්‍ය වෙනස්කම් රැසකට ලක්වීමේ අවදානමක්ද වයස්ගත වන විට ඇතිවෙයි. එක් එක් කාන්තාවගේ මේ අවපස වෙනස්කම් සැබවින්ම සිදුවන වයස ඒ ඒ කාන්තාවට අනූව ලාක්ෂණිකය. ප්‍රායෝගික වශයෙන් බලන කළ වයස අවුරුදු 35 ඉක්මවූ පසු කාන්තාවකට මේ ගැබ් ගැනීමේ ගැටළු ඇති විය හැක. වයස අවු. 37න් පසු කාන්තාවකගේ දරුවන් වැදීමේ හැකියාව සීඝ්‍රයෙන් පරිහානියට පත් වෙයිස්වාභාවිකව ඩිම්බ සංචිත අඩු වන්නේ මෙහෙමයිකාන්තාවක ගැබ් ගැනීමට අවශ්‍ය වන ස්ත්‍රි බීජ නොහොත් “ඩිම්බ” ඇගේ සිරුරේ නිර්මාණය වන්නේ කවදාද? මේ ඩිම්බ ඇය තම මවගේ කුසයේ සිටින විටත් ඇයට උරුමව අවසන්ය. මෙහි තවත් වැදගත් අනාවරණයක් වන්නේ මේ “ඩිම්බ සංචිතය” වඩාත්ම වැඩිපුර පවතින්නේද ඇය තම මව කුසයේ ඉන්නා කාල පරිච්ඡේදයේම වීමයි. සති 20ක කළලයක්ව ඇය තම මවගේ ගර්භාෂයේ ගත කරන සමයේ ඇය සතුව මිලියන 6-7ක ඩිම්බ සංචිතයක් Ovarian Reserve පවතී. ඇය මෙලොව උපත ලබන විට එම සංඛ්‍යාව මිලියන 1-2ක් පමණ දක්වා අඩු වෙයි. ඇය දැරියකව වැඩෙන සමයේදී එය තවදුරටත් අඩුවන අතර දිනෙක ඇය වැඩිවිය පත් වන විට ඇයට හිමි සමස්ත “ඩිම්බ සංචිතය” 300,000-500,000 නොඉක්මවනු ඇත. වැඩිවිය පත් වීමේන් පසු ඇය වියපත්ව ආර්තව අභාවයට පත් වන තෙක් මසකට වරක් බැගින් පිට කරන ඩිම්බ ප්‍රමාණය 400-500 අතර සංඛ්‍යාවකි. මෝචනය නොවන ඩිම්බ, ඩිම්බ පටක වලටම අවශෝෂණය වෙයි. මේ ක්‍රියාවලිය සෑම චක්‍රයකදීම සිදුවන අතර කෙතරම් ඩිම්බ ප්‍රමාණයක් මෙලෙස අවශෝෂණයට ලක් වෙනවාද යන කාරණය ප්‍රවේණිකව පූර්වයෙන් සැලසුම් වන ජෛවීය ක්‍රියාවලියකි.වරකට පිට කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් පමණක් වූවත්, ජීවිත කාලයටම මේ ජෛව ක්‍රියාවලිය සපිරීමට අවශ්‍ය වන්නේ 400-500ක ඩිම්බ සංචිතයක් වූවත් මේ සංචිතයේ ඩිම්බ අඩු වීමත් එහි ගුණාත්මය දුර්වල වීමත් දරුවන් ලැබීමට අහිතකර සේ බලපවත්වන බව හෙළිදරව් වී තිාබේ. මේ සාඵළ්‍යතාවය හීනවීම ඇගේ වයස 30 ගණන් පමණ වන විට බලගැන්වෙන අතර ඇයට වයස අවු. 37ක් පමණ වන විට හා ඉන් අනතුරුව වේගවත්ව සාඵළ්‍යතාවය හීන වන්නට පටන් ගනී.නිසි කල වයස් වලදී දරු සම්පත් ලබා ගැනීමට උත්සුක විය යුත්තේ ඇයි?මේ නිසා සෑම කාන්තාවක්ම මේ විෂම චක්‍රය බලගැන්වීමට පෙර තම දරු සම්පත් ලබා ගැනීමට ඉටාගත යුතුය. ප්‍රමාදය පසුතැවිල්ලට මෙන්ම බොහෝ පරිශ්‍රමයන්ට තම කාලය හා ධනය වැය කිරීමටද හේතුවක් වන්නට පුළුවන. වයස්ගතව පිටවන ඩිමබ වල වර්ණදේහගත අඩුපාඩුකම වැඩියෙන් පවතින්නට පුළුවන. තත්ත්වයෙන් දුර්ව වූ ඩිම්බයක් සංසේචනය වූ විට එය අධිරෝපනයට (Implantation) බාධා පැමිණිය හැක. එය අධිරෝපනය වූවත් මැනවින් වැඩෙන්නට බාධා අවහිරතා ඇතිවිය හැක. මේවා ගබ්සා වලට ලක්වීමේ අවදානම තරමක් ඉහළය. ගැබ් ගැනීම ප්‍රමාද වන කාන්තාවකට තමන්ගේ ඩිම්බ සංචිතය කෙතරම්ද යන්න සංඛ්‍යාත්මකව සාක්ෂාත් කරගන්නට පරීක්ෂණ රැසක් පවතී. මෙය ඇයගේ නිසරුතා පාදක පරීක්ෂණ වල කොටසක් වශයෙන් සිදු කළ හැකි වන අතර සංචිතය අඩු එකක් වූවද එතෙකුදූ වූවත් ඇය සාමාන්‍ය ස්වාභාවික ලෙසටම ආර්තව චක්‍රය පවතින්නටද පුළුවන.ඩිම්බ සංචිතය අඩු වීමට හේතුබොහෝ අවස්ථා වලදී ඊට නිශ්චිත හේතුවක් කිව නොහැක. එය එක් එක් කාන්තාවගේ ජෛව වයස්ගතවීම හා ප්‍රවේණිය හා බැඳී පවතින්නකි. ඒ හැරුණූ විට ඩිම්බ සංචිතය හීන වීමට පහත සාධකවල බලපෑමක් ඇති බව හඳුනාගෙන තිබේ.* දුම්පානය* ප්‍රවේණික ගැටළු (Fragile X and other X chromosome abnormalities) ආදිය* පිළිකා වලට කරන ප්‍රතිකාර* එන්ඩොමෙටි්‍රයෝසිස් වැනි රෝග හා ඊට කරන ප්‍රතිකාරඩිම්බ සංචිතය අඩුවීම නිර්ණය සඳහා යොදා ගන්නා පරීක්ෂාමේ සඳහා සුලබව යොදා ගන්නා පරීක්ෂා කිහිපයකි. Basal antral follicle count ආර්තව චක්‍රයේ මුල් දින කිහිපයේදී යෝනි මාර්ගය හරහා සිදු කරණු ලබන අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවකින් කුඩා සහ විවේක අවස්ථාවේ පවත්නා කූප (Follicles) ගණනය කිරීමක් මෙහිද සිදුවේ. ඇයට විවේක අවස්ථාවේ පවත්නා කූප 8-9 (Resting follicles) වත් පවතින්නේ නම් එය සාමාන්‍ය ඩිම්බ සංචිතයකැයි සැළකේ. ඒ හැරුණූ විට ඇගේ ඔසප් වීම ආරම්භයෙනි දින 2,3 හා 4 දින වලදී සිදුකරන රුධිර පරීක්ෂණ Serum FSH and serum estradiol ද මෙහිදී භාවිතා කෙරේ. මෙලෙස හෝමෝනය වැඩි වන්නේ ඩිම්බ වයසට යාමේදී මොළය ඊට හැඩ ගැසීමට ගන්නා උත්සාහයෙ ප්‍රතිඵළයක් වශයෙනි. (The FSH level should be less than 10-12 miu/ml. An FSH greater than 18 miu/ml suggests a significant reduction in ovarian reserve with a corresponding marked reduction in the chance of achieving pregnancy, even with advanced fertility treatment.)ඩිම්බ සංචිතය හීන වූ කාන්තාවන්ටත් දරු සම්පත්Reproductive aging නොහොත් ජෛව වශයෙන් සාඵළ්‍යතාවය හීනවීමට සෘජුව නිර්දේශ කරන ප්‍රතිකාර නැත. එහෙත් මේ ගැටළුවට මුහුණපාන කාන්තාවන්ට ඇතැම් ප්‍රතිකාරාත්මක පිළියම් ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව හඳූනාගෙන තිබේ. Dehydroepiandrosterone (DHEA) ආහාර පදාර්ථයක් වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් මෙ වන විට සාර්ථකව පර්යේෂණ සිදුකෙරී ඇත. Dehydroepiandrosterone (DHEA) ඇන්ඩ්‍රජන් වලින් පිරිපුන්ය. මේවා ලබාදීමෙන් කාන්තාවන් රැසක් තමන්ගේම ජන්මාණූ ඇසුරේ ගැබ්ගත් බව අධ්‍යයන වලින් හෙළිදරව් වී තිබේ. මේ ඩිම්බ සංචිත හීනවීමේ ගැටළුව තිබෙන කාන්තාවන්ට තම ඩිම්බ උකහාගෙන ශීතන තත්ත්ව යටතේ සංරක්ෂණය කිරීම නිර්දේශ කෙරේ. Fertility preservation involves retrieving a woman’s eggs from her ovaries and freezing them for later use. ඒ හැරුණූ විට මේ ගැටළු ඇති කාන්තාවන් IVF නව්‍ය තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලැබීමට සුදුස්සන් වන අතර දරු සම්පතක් තමන්ගේම ජාන පසුබිමකින් ලබාගැනීමට මෙකල ඇයට වැඩි අවස්ථාවක් පවතී.නළ දරු තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලබන්නද?එක් එක් අදියර වල ක්‍රම දොළහක් මේ වන විට භාවිතයට ගන්නවා. ICSI, IMSI/PICSI, Capsule Baby, Donor Embryo, Surrogacy PGD, PGS ආදී වශයෙන්. වැය වන මුදල තීරණය වන්නේ යොදා ගන්නා තාක්ෂණය අනූව. යොදාගත යුතු තාක්ෂණය තීරණය වන්නේ ඇයට... නැතහොත් අඹූසැමියනට පවත්නා ගැටළුව අනූව. නමුත් දළ අදහසක් ලබාගත යුතු නිසා කියන්නම්, පටන් ගන්නෙ ලක්ෂ දෙක හමාර තුනක විතර ඉඳන්. ඒ වුණත් නැවත පැවසිය යුතුයි, කෙනෙක් ආවට පස්සෙ ඇයගෙ වාර්තා සමාලෝචනයකින්, මූලික පරීක්ෂණ වලින් පස්සෙ තමයි ඇයට ගැලපෙන නළ දරු තාක්ෂණ ක්‍රමය තීරණය වන්නේ. සමහර විට සරළ මැදිහත්වීමක් ප්‍රමාණවත් වෙන්නත් පුළුවන්. ඇතැම් විට ටිකක් සංකීර්ණ තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නටත් වෙන්න පුළුවනි. ඒ අනූව වැය කළ යුතු වන මුදලත් වෙනස් වනවා.වඩා හොඳ පැමිණ සුදුසුම ක්‍රමය සැලසුම් කර ගැනීමයිමේ හේතුව නිසා වියදම් ගැන දැනගන්න වඩාත් සුදුසු වන්නේ අපට පැමිණ කතා කරන එක. මේකෙදි වියදම් පාර්ශ්වයේ ඇතැම් සහන සලස්වන්න ක්‍රම අප ළඟ සැලසුම් තියෙනවා. ඉතාමත් දුර්වල ආර්ථිකයක් තියෙන අයත් මේ නළ දරු තාක්ෂණයෙන් අපෙන් දරු සම්පත් ලබන බව මෙහිදී කියන්නේ ඔබට දිරියක් ලබා දෙන්නයි.අපට කතා කරන්න. මෙන්න අපේ දුරකතන අංකය:0779 728 799 / 077 3 273 866
Read more

LATEST

You magazine
Typically replies within an hour

Doctor magazine
Hi there 👋
How can I help you?
21:33
×
Chat with Us