READ ONLINE MAGAZINE
CLICK HERE
Doctor Magazine


ඔසප් වෙන ඒ දින කිහිපය තුළ මේ දේවල් නම් කරන්න එපා

February 09,2024 7 1


ඔසප් වීම සිදුවන ඒ දින කිහිපය ගැන “ඇයට” ඇත්තේ සුවිශේෂී අත්දැකීම්වලියකි. එක් එක් කෙනාට විවිධ ආකාරයෙන් බලපවත්වන මේ වෙනස්කම් අතරේ ශාරීරිකව ඇතිවන ගැටළු මෙන්ම මනෝභාවයන්හී ඇතිවන සියුම් වෙනස්කම්ද පවතී.
මේ අපහසුතාවයන්ගෙන් මිදෙන්නට ඔසප්වීම සිදුවන කාලයේදී නොකළ යුතු දේ ගැන වෛද්ය පර්යේෂකයන්ගේ අවධානය යොමූ වී ඇත. ඇයට මේ කාලය තුළ සිදුවන හෝමෝනමය වෙනස්වීම් මෙන්ම ඒ ඇසුරේ ස්නායු සම්ප්රේෂනයට සිදුවිය හැකි බලපෑම් හේතුකොටගෙන පහත විස්තර කරන චර්යාවන්ගෙන් වළකින ලෙස එම පර්යේෂකයන් උපදෙස් දෙන අතර ඇත්තෙන්ම එයට වෙසෙස් විද්යාත්මක පදනමක්ද පවත්නා බව කිව යුත්තකි.
සිරුරේ අනවශ්ය රෝම ඉවත් කරන්න එපා
කාන්තාවන් බොහෝ දෙනෙක් අද සිරුරේ අනවශ්ය රෝම ඉවත් කරන්නට පෙළඹෙයි. ඔසප් කාලය තුළ වේදනාව හා ඔය සමහර විට සිරුර ඇල්ලුවත් රිදුම් දෙන ස්වභාවය වැඩිය. මේ නිසා ඔසප් කාලය තුළ පාද, සිරුරේ රහසඟ, කිහිල්ලේ ආදී වශයෙන් අනවශ්ය රෝම ඉවත් කිරීම නොකළ යුත්තකි.
අනාරක්ෂිත ලිංගික එක්වීම්
ඔසප් වීම සිදුවන කාලය තුළ ගැබ් ගැනීමක් සිදු නොවන නිසා ඒ ගැන අනියත බියක් ඇති නොකර ගත යුතු යයි බොහෝ කාන්තාවන් සිතති. මේ කාලය ලිංගික එක්වීම් වලට බාධාකාරී සමයක් වූවත් එම හැඟීම විසින් එම දින කිහිපයේ නිදහසේ, අනාරක්ෂිතව ලිංගික එක්වීම් ඇති කරගන්නා අඹුසැමියන් නැත්තේද නොවේ. අසාමාන්ය ලිංගික හෝමෝන ඝ්රාවයන් බොහෝ කාන්තාවන් මුහුණපාන පොදු ගැටළුවකි. එහි ප්රතිඵලයක් වශයෙන් ඔසප් රුධිරය වෑස්සෙන අතරේම ඩිම්බ මෝචනයක් සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන් බැහැර කළ නොහැක.
ස්වයං පියයුරු පරීක්ෂාවක් මේ කාලයේ සුදුසු නෑ
ඊස්ට්රජන් හා ප්රොජෙස්ටරොන් හෝමෝනයේ මේ දින කිහිපය තුළ ඇති වන වෙනස්කම් නිසා පියයුරු ඇල්ලීම පවා වේදනාකාරී වන්නට පුළුවන. එසේම මේ කාලය තුළ සිදුකරන පියයුරු පරීක්ෂාවකදී අතට හසුවන ඇතැම් වෙනස් ස්වභාවයන් හේතුවෙන් ඔබට අනවශ්ය බියක් වුවත් ඇති වන්නට පුළුවන. ඇත්තෙන්ම මාස්පතා පියයරු පරීක්ෂා කිරීම ආරක්ෂාව විෂයෙහි වටිනා පියවරකි. ඒත් ඔසප් රුධිරය වෑස්සෙන කාලය ඊට උචිත කාලය නොවේ. මේ දින කිහිපය මැමෝග්රම් පරීක්ෂාවටද සුදුසු නොවේ.
වැඩියෙන් කිරි හා කිරි නිෂ්පාදන අනුභවයත් සුදුසු නෑ
මේ කාලය තුළ ජීර්ණක පද්ධතිය තුළ ගෑස් නිපදවීම වැඩිය. මේ නිසා වැඩියෙන් කිරි, ආහාර අනුභවයෙන් ඒ තත්ත්වය තවත් වැඩි වර්ධනය විය හැක. එය සිරුරේ අනවශ්ය ජල පරිමාවක් රඳවා ගැනීමටද හේතුවක් විය හැක.
පෑඞ් එක, ටැම්පූන් එක පැය හතරකට වඩා ඇඳගෙන ඉන්න එපා
මුලින් වැඩියෙන් රුධිරය උරාගන්නා නිසා ඒවා ඉක්මණින් මාරු කරන්නට ඇය නිරායාසයෙන් උත්සාහ කළත් ගලන රුධිරය කෙමෙන් අඩුවන නිසා අවසන් දිනයේදී දෙකේදී පෑඞ් එක වැඩි වෙලාවක් ඇඳ සිටින්නට බොහෝ දෙනා පෙළඹෙයි. රුධිරය නැති වූවත් මේ අවස්ථවේද බැක්ටීරියාවන් බොහෝ තිබෙන්නට පුළුවන. මේ නිසා සෞඛ්යාරක්ෂාව පතා ඒ අවස්ථාවෙදීත්, සුදු පැහැය පෑඩයේ තිබුණත් එය මාරු කරන සිරිතක් පවත්වා ගන්න.
කෝපි නම් ඒ තරම් සුදුසු නෑ
ඔසප් දිනවලදී කෝපි පානය කිරීමෙන් සිරුරේ අපහසුතාවයන් වැඩි වන්නට පුළුවන. පීරියඞ් ක්රෑම්ප් ඇති වන්නට පුළුවන. උදරයේ අපහස්තා ඇති වන්නට පුළුවන. රුධිරවාහිනී මේ හේතුවෙන් සංකෝචනයට ලක්වීම ඉහතින් සඳහන් කළ වෙනස්වීම් වලට හේතුවයි.
රහසඟ ඩවුචින් එපා
Douche gels and soaps ආදී personal hygiene product මේ කාලය තුළ අත්හරින්න. මෙයින් menstrual cramp ඇතිවීම වඩාත් උත්සන්න වන්නට පුළුවන.
ආහාරයේ ලුණූ අඩු කරන්න
කිරි ආහාර මෙන්ම ඔසප් වෙන අවස්ථාවේදී ලුණූ අනුභවයද සීමා කළ යුතුය. ලුණූ සිරුර තුළ ජලය වැඩි වශයෙන් රඳවාගන්නා අතර එය බොහෝ අපහසුතාවයන්ට හේතුවක් වෙයි.
ඔසප් දින කිහිපය තුළදී ඔබ දැනටමත් අත්විඳින අපහසුතාවයන්ට ඉහත කී කාරණා හේතු වන්නට පුවන. මේ නිසා එයින් මිදෙන්නට මේ අවබෝධය නිසැකයෙන්ම ඔබට පහසුවක් වනු ඇත.




Pregnancy

Pregnancy
දරු සම්පත් ප්‍රමාද වීමට හේතු
ඩිම්බ සංචිතය අඩුවීම හා ඊට යොදන පිළියම්WISH Fertility & IVF Hospital හි සායනික කළලවේද විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන්කුමාර MBBS (Sri Lanka) MD (Gyn. & Obs) Infertility China Pg. Dip(Andrology) Monash, OUSL Master of Clinical Embryology Monash, Australia. SLMC Reg. No. 20800කාන්තාවක ගැබ් ගැනීමට ඇති හැකියාව ඇය කෙමෙන් වයස්ගත වත්ම අඩු වන බව අද කවුරුත් දන්නා කරුණකි. වයසට යන විට ස්ත්‍රි බීජ වල ගුණාත්මකභාවය හීන වෙයි. ඒවායේ ඉතාම වැදගත් කොටස වන ප්‍රවේණික පදාර්ථ වල වර්ණදේහ කිසියම් වූ අසාමාන්‍ය වෙනස්කම් රැසකට ලක්වීමේ අවදානමක්ද වයස්ගත වන විට ඇතිවෙයි. එක් එක් කාන්තාවගේ මේ අවපස වෙනස්කම් සැබවින්ම සිදුවන වයස ඒ ඒ කාන්තාවට අනූව ලාක්ෂණිකය. ප්‍රායෝගික වශයෙන් බලන කළ වයස අවුරුදු 35 ඉක්මවූ පසු කාන්තාවකට මේ ගැබ් ගැනීමේ ගැටළු ඇති විය හැක. වයස අවු. 37න් පසු කාන්තාවකගේ දරුවන් වැදීමේ හැකියාව සීඝ්‍රයෙන් පරිහානියට පත් වෙයිස්වාභාවිකව ඩිම්බ සංචිත අඩු වන්නේ මෙහෙමයිකාන්තාවක ගැබ් ගැනීමට අවශ්‍ය වන ස්ත්‍රි බීජ නොහොත් “ඩිම්බ” ඇගේ සිරුරේ නිර්මාණය වන්නේ කවදාද? මේ ඩිම්බ ඇය තම මවගේ කුසයේ සිටින විටත් ඇයට උරුමව අවසන්ය. මෙහි තවත් වැදගත් අනාවරණයක් වන්නේ මේ “ඩිම්බ සංචිතය” වඩාත්ම වැඩිපුර පවතින්නේද ඇය තම මව කුසයේ ඉන්නා කාල පරිච්ඡේදයේම වීමයි. සති 20ක කළලයක්ව ඇය තම මවගේ ගර්භාෂයේ ගත කරන සමයේ ඇය සතුව මිලියන 6-7ක ඩිම්බ සංචිතයක් Ovarian Reserve පවතී. ඇය මෙලොව උපත ලබන විට එම සංඛ්‍යාව මිලියන 1-2ක් පමණ දක්වා අඩු වෙයි. ඇය දැරියකව වැඩෙන සමයේදී එය තවදුරටත් අඩුවන අතර දිනෙක ඇය වැඩිවිය පත් වන විට ඇයට හිමි සමස්ත “ඩිම්බ සංචිතය” 300,000-500,000 නොඉක්මවනු ඇත. වැඩිවිය පත් වීමේන් පසු ඇය වියපත්ව ආර්තව අභාවයට පත් වන තෙක් මසකට වරක් බැගින් පිට කරන ඩිම්බ ප්‍රමාණය 400-500 අතර සංඛ්‍යාවකි. මෝචනය නොවන ඩිම්බ, ඩිම්බ පටක වලටම අවශෝෂණය වෙයි. මේ ක්‍රියාවලිය සෑම චක්‍රයකදීම සිදුවන අතර කෙතරම් ඩිම්බ ප්‍රමාණයක් මෙලෙස අවශෝෂණයට ලක් වෙනවාද යන කාරණය ප්‍රවේණිකව පූර්වයෙන් සැලසුම් වන ජෛවීය ක්‍රියාවලියකි.වරකට පිට කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් පමණක් වූවත්, ජීවිත කාලයටම මේ ජෛව ක්‍රියාවලිය සපිරීමට අවශ්‍ය වන්නේ 400-500ක ඩිම්බ සංචිතයක් වූවත් මේ සංචිතයේ ඩිම්බ අඩු වීමත් එහි ගුණාත්මය දුර්වල වීමත් දරුවන් ලැබීමට අහිතකර සේ බලපවත්වන බව හෙළිදරව් වී තිාබේ. මේ සාඵළ්‍යතාවය හීනවීම ඇගේ වයස 30 ගණන් පමණ වන විට බලගැන්වෙන අතර ඇයට වයස අවු. 37ක් පමණ වන විට හා ඉන් අනතුරුව වේගවත්ව සාඵළ්‍යතාවය හීන වන්නට පටන් ගනී.නිසි කල වයස් වලදී දරු සම්පත් ලබා ගැනීමට උත්සුක විය යුත්තේ ඇයි?මේ නිසා සෑම කාන්තාවක්ම මේ විෂම චක්‍රය බලගැන්වීමට පෙර තම දරු සම්පත් ලබා ගැනීමට ඉටාගත යුතුය. ප්‍රමාදය පසුතැවිල්ලට මෙන්ම බොහෝ පරිශ්‍රමයන්ට තම කාලය හා ධනය වැය කිරීමටද හේතුවක් වන්නට පුළුවන. වයස්ගතව පිටවන ඩිමබ වල වර්ණදේහගත අඩුපාඩුකම වැඩියෙන් පවතින්නට පුළුවන. තත්ත්වයෙන් දුර්ව වූ ඩිම්බයක් සංසේචනය වූ විට එය අධිරෝපනයට (Implantation) බාධා පැමිණිය හැක. එය අධිරෝපනය වූවත් මැනවින් වැඩෙන්නට බාධා අවහිරතා ඇතිවිය හැක. මේවා ගබ්සා වලට ලක්වීමේ අවදානම තරමක් ඉහළය. ගැබ් ගැනීම ප්‍රමාද වන කාන්තාවකට තමන්ගේ ඩිම්බ සංචිතය කෙතරම්ද යන්න සංඛ්‍යාත්මකව සාක්ෂාත් කරගන්නට පරීක්ෂණ රැසක් පවතී. මෙය ඇයගේ නිසරුතා පාදක පරීක්ෂණ වල කොටසක් වශයෙන් සිදු කළ හැකි වන අතර සංචිතය අඩු එකක් වූවද එතෙකුදූ වූවත් ඇය සාමාන්‍ය ස්වාභාවික ලෙසටම ආර්තව චක්‍රය පවතින්නටද පුළුවන.ඩිම්බ සංචිතය අඩු වීමට හේතුබොහෝ අවස්ථා වලදී ඊට නිශ්චිත හේතුවක් කිව නොහැක. එය එක් එක් කාන්තාවගේ ජෛව වයස්ගතවීම හා ප්‍රවේණිය හා බැඳී පවතින්නකි. ඒ හැරුණූ විට ඩිම්බ සංචිතය හීන වීමට පහත සාධකවල බලපෑමක් ඇති බව හඳුනාගෙන තිබේ.* දුම්පානය* ප්‍රවේණික ගැටළු (Fragile X and other X chromosome abnormalities) ආදිය* පිළිකා වලට කරන ප්‍රතිකාර* එන්ඩොමෙටි්‍රයෝසිස් වැනි රෝග හා ඊට කරන ප්‍රතිකාරඩිම්බ සංචිතය අඩුවීම නිර්ණය සඳහා යොදා ගන්නා පරීක්ෂාමේ සඳහා සුලබව යොදා ගන්නා පරීක්ෂා කිහිපයකි. Basal antral follicle count ආර්තව චක්‍රයේ මුල් දින කිහිපයේදී යෝනි මාර්ගය හරහා සිදු කරණු ලබන අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවකින් කුඩා සහ විවේක අවස්ථාවේ පවත්නා කූප (Follicles) ගණනය කිරීමක් මෙහිද සිදුවේ. ඇයට විවේක අවස්ථාවේ පවත්නා කූප 8-9 (Resting follicles) වත් පවතින්නේ නම් එය සාමාන්‍ය ඩිම්බ සංචිතයකැයි සැළකේ. ඒ හැරුණූ විට ඇගේ ඔසප් වීම ආරම්භයෙනි දින 2,3 හා 4 දින වලදී සිදුකරන රුධිර පරීක්ෂණ Serum FSH and serum estradiol ද මෙහිදී භාවිතා කෙරේ. මෙලෙස හෝමෝනය වැඩි වන්නේ ඩිම්බ වයසට යාමේදී මොළය ඊට හැඩ ගැසීමට ගන්නා උත්සාහයෙ ප්‍රතිඵළයක් වශයෙනි. (The FSH level should be less than 10-12 miu/ml. An FSH greater than 18 miu/ml suggests a significant reduction in ovarian reserve with a corresponding marked reduction in the chance of achieving pregnancy, even with advanced fertility treatment.)ඩිම්බ සංචිතය හීන වූ කාන්තාවන්ටත් දරු සම්පත්Reproductive aging නොහොත් ජෛව වශයෙන් සාඵළ්‍යතාවය හීනවීමට සෘජුව නිර්දේශ කරන ප්‍රතිකාර නැත. එහෙත් මේ ගැටළුවට මුහුණපාන කාන්තාවන්ට ඇතැම් ප්‍රතිකාරාත්මක පිළියම් ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව හඳූනාගෙන තිබේ. Dehydroepiandrosterone (DHEA) ආහාර පදාර්ථයක් වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් මෙ වන විට සාර්ථකව පර්යේෂණ සිදුකෙරී ඇත. Dehydroepiandrosterone (DHEA) ඇන්ඩ්‍රජන් වලින් පිරිපුන්ය. මේවා ලබාදීමෙන් කාන්තාවන් රැසක් තමන්ගේම ජන්මාණූ ඇසුරේ ගැබ්ගත් බව අධ්‍යයන වලින් හෙළිදරව් වී තිබේ. මේ ඩිම්බ සංචිත හීනවීමේ ගැටළුව තිබෙන කාන්තාවන්ට තම ඩිම්බ උකහාගෙන ශීතන තත්ත්ව යටතේ සංරක්ෂණය කිරීම නිර්දේශ කෙරේ. Fertility preservation involves retrieving a woman’s eggs from her ovaries and freezing them for later use. ඒ හැරුණූ විට මේ ගැටළු ඇති කාන්තාවන් IVF නව්‍ය තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලැබීමට සුදුස්සන් වන අතර දරු සම්පතක් තමන්ගේම ජාන පසුබිමකින් ලබාගැනීමට මෙකල ඇයට වැඩි අවස්ථාවක් පවතී.නළ දරු තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලබන්නද?එක් එක් අදියර වල ක්‍රම දොළහක් මේ වන විට භාවිතයට ගන්නවා. ICSI, IMSI/PICSI, Capsule Baby, Donor Embryo, Surrogacy PGD, PGS ආදී වශයෙන්. වැය වන මුදල තීරණය වන්නේ යොදා ගන්නා තාක්ෂණය අනූව. යොදාගත යුතු තාක්ෂණය තීරණය වන්නේ ඇයට... නැතහොත් අඹූසැමියනට පවත්නා ගැටළුව අනූව. නමුත් දළ අදහසක් ලබාගත යුතු නිසා කියන්නම්, පටන් ගන්නෙ ලක්ෂ දෙක හමාර තුනක විතර ඉඳන්. ඒ වුණත් නැවත පැවසිය යුතුයි, කෙනෙක් ආවට පස්සෙ ඇයගෙ වාර්තා සමාලෝචනයකින්, මූලික පරීක්ෂණ වලින් පස්සෙ තමයි ඇයට ගැලපෙන නළ දරු තාක්ෂණ ක්‍රමය තීරණය වන්නේ. සමහර විට සරළ මැදිහත්වීමක් ප්‍රමාණවත් වෙන්නත් පුළුවන්. ඇතැම් විට ටිකක් සංකීර්ණ තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නටත් වෙන්න පුළුවනි. ඒ අනූව වැය කළ යුතු වන මුදලත් වෙනස් වනවා.වඩා හොඳ පැමිණ සුදුසුම ක්‍රමය සැලසුම් කර ගැනීමයිමේ හේතුව නිසා වියදම් ගැන දැනගන්න වඩාත් සුදුසු වන්නේ අපට පැමිණ කතා කරන එක. මේකෙදි වියදම් පාර්ශ්වයේ ඇතැම් සහන සලස්වන්න ක්‍රම අප ළඟ සැලසුම් තියෙනවා. ඉතාමත් දුර්වල ආර්ථිකයක් තියෙන අයත් මේ නළ දරු තාක්ෂණයෙන් අපෙන් දරු සම්පත් ලබන බව මෙහිදී කියන්නේ ඔබට දිරියක් ලබා දෙන්නයි.අපට කතා කරන්න. මෙන්න අපේ දුරකතන අංකය:0779 728 799 / 077 3 273 866
Read more

LATEST

You magazine
Typically replies within an hour

Doctor magazine
Hi there 👋
How can I help you?
23:30
×
Chat with Us