READ ONLINE MAGAZINE
CLICK HERE
Doctor Magazine


දරුවන්ට හැදෙන නිව්මෝනියාව ගැන මව්පියන්ගේ අවධානයට

February 09,2024 4 0


නිව්මෝනියාව භයානකයි, එය හැදෙන්නට පෙර ආරක්ෂක පියවර ගන්නේ මෙහෙමයි
ළමා රෝග විශේෂඥ වෛද්ය මහාචාර්ය රුවන්ති පෙරේරා
සෑම තත්පර 47කට වරක්ම නිව්මෝනියා මරණයක්
ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වා දී තිබෙන ආකාරයට ලෝකයේ කොහේ හරි ඉන්න දරුවෙක්ගේ ජීවිතය තත්පර 47කට වතාවක් නියුමෝනියා නිසා නැති වෙනවා. මේක ඉතාමත් බැරෑරුම් තත්ත්වයක්. මේ නිසා මව්පියන් නිව්මෝනියා රෝගය සම්බන්ධයෙන් අප දැනුවත් විය යුතුමයි. එකේ තියෙන භයානක කම තේරුම් අරගෙන අපේ දරුවන් ඉන් මුදවා ගැනීමට ක්රියාත්මක විය යුතුයි.
නිව්මෝනියාව කියන්නේ මොකක්ද?
මේක සරලව ගත්තොත් විෂබීජයක් හේතුවෙන් පෙනහළු වල ඇති වෙන ආසාදනයක් ලෙස ගත හැකියි. විවිධ හේතු නිසා පෙනහළු ආසාදනයට ලක්වෙන්න පුළුවන්. බැක්ටීරියා, වෛරස, දිලීර වගේම විවිධ පරපෝෂිතයන් නිසාත් පෙනහළු මේ විදිහට ආසාදනයට ලක්වෙන්න ඉඩ තියෙනවා. එයිනුත් බැක්ටීරියාවන් නිසා ඇතිවෙන පෙනහළු ආසාදන තරමක් භයානකයි. මේ බැක්ටීරියාගත පෙණහළු ආසාදන නිසා විවිධ සංකූලතා ඇති වෙන්නට වගේම දරුවන් අපිට අහිමි වීමේ අවදානමක්ද තිබෙනවා.
විවිධ බැක්ටීරියාවන් වල ක්රියාකාරිත්වය නිසා දරුවන්ට නිව්මෝනියා තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. මේ අතරින් Streptococcus pneumoniae කියන බැක්ටීරියාව සම්බන්ධයෙන් අප විශේෂයෙන්ම කතා කළ යුතුයි. වයස අවුරුදු පහට අඩු දරුවන්ට මේ බැක්ටීරියාව නිසා ඉතා බරපතළ විදිහට ආසාදන තත්ත්වයන් පෙනහළු වල ඇති වෙන්නට ඉඩ තිබෙන නිසාවෙන්.
Streptococcus pneumoniae කියන බැක්ටීරියාව Gram positive කාණ්ඩයට අයත් වෙනවා. එය කැප්සියුලයකින් ආවරණය වී තිබෙනවා. අම්ලකර වායුව ඇති විට වගේම නැති විටත් මේ බැක්ටීරියාව වර්ධනය වෙනවා. මේ බැක්ටීරියාවේ තියෙන විශේෂ ලක්ෂණය තමයි, නාස් කුහරයේ, උගුරේ කිසියම්ම හෝ ආසාදනයක් ඇති නොකර වෙසෙන්නටත් පුළුවන්. හැබැයි මේ බැක්ටීරියාවම ස්වසන පද්ධතියට, පෙනහළු වලට ගිහින් ඉතාම දරුණු ක්රියාකාරිත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා.
නිව්මෝනියාව නිසා ඇතිවිය හැකි රෝගී තත්ත්ව මොනවාද?
Streptococcus pneumoniae බැක්ටීරියාව විසින් පෙනහළු ආසාදනයට ලක් කරලා නිව්මෝනියාව ඇති කරනවා වගේම මැද කණත් ආසාදනයට ලක් කරන්න (Otitis media) පුළුවන්. මොළේ තියෙන සෙම් කුහර ආසාදනයට ලක් කිරීමෙ Sinusitis කියන තත්ත්වය ඇති කරන්න පුළුවන්.
මේ බැක්ටීරියාවට අපේ රුධිරය තුළ වර්ධනය වෙලා විවිධ රෝග තත්ත්ව ඇති කිරීමේ අවදානමකුත් තිබෙනවා. මොළේට ගිහින් මොළේ උණ (Meningitis) ඇති කරන්න පුළුවන්. අපේ ජීවිතය පවත්වා ගැනීමට විශේෂයෙන්ම වැදගත් වන අක්මාව, හෘදය වස්තුව හා වකුගඩු වගේ අවයව වලත් ආසාදන ඇති කරන්න පුළුවන්.
අපි නැවතත් පෙනහළු ආසාදනය ගැන කතා කළාම මේ නියුමෝනියා තත්ත්වය ඇති කරන්නට පෙනහළු ආසාදනයට ලක් වීම හේතු වෙනවා. මේ නිසා දරුවාගේ ඔක්සිජන් මට්ටම අඩු වෙනවා. දරුවාට හුස්ම ගන්නා අපහසු වෙනවා. මේ නිසා දරුවා මිය මිය යාමේ අවදානමක් පවා ඇති වෙනවා.
නිව්මෝනියාව වඩාත් බැරෑරුම් වුණාම පෙණහළු ඇතුලේ සෙම කුහර හැදිලා (Lung abscess) පෙනහළු කුහර වල දියර එකතු වීමක් වෙලා, එහෙම නැත්නම් සැරව එකතු වෙලා Plural effusion වගේ තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.
මේ Streptococcus pneumoniae කියන බැක්ටීරියාව ශරීරයේ වෙනත් තැන්වලත් සංකූලතා ඇති කරන්න අවස්ථාව තිබෙනවා. මොළේ උණ වගේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම ඉතාම අවදානම් සහගත අවස්ථාවකට රෝගියා දරුවා මුහුණ දෙනවා
නිව්මෝනියාව වළක්වන්නේ කොහොමද?
තමන්ගේ දරුවට Streptococcus pneumoniae තත්ත්වයක් ඇති වෙන බව මවුපියන් හඳුනාගන්නේ කොහොමද?
කැස්සක්, හෙම්බිරිසාව, උණ වගේ රෝග ලක්ෂණ සහිතව නිව්මෝනියාවත් ආරම්භ වෙන්න පුළුවන්. මෙහිදී දක්නට ලැබෙන විශේෂ තත්ත්වය තමයි පැය කිහිපයක් ඇතුළත, දින කිහිපයක් ඇතුළත දරුවාගේ තත්ත්වය ඉතාම ඉක්මණින් පිරිහෙනවා. ඒ කොයි විදිහටද කිව්වොත්, දරුවාගේ ක්රියාකාරකම් අඩු වෙනවා, කන බොන එක ප්රතික්ෂේප කරනවා, හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇති වෙන්නට පුළුවන්. ආදී වශයෙන්.
දරුවා ලෙඩ පාටයි, හයියෙන් හයියෙන් හුස්ම ගන්නව වගේම ඒ හුස්ම ටික ගන්න දැඩි ආයාසයක් ගන්නවා නම් මවුපියන් විශේෂයෙන්ම මේ ගැන ප්රවේශම් වෙන්න ඕනි. මෙහෙම වෙලාවක කළ යුත්තේ කුමක්ද? ඔබ වහාම ඔබේ දරුවා වෛද්යවරයෙකු කරා කැටුව යා යුතුයි.
මේ නිව්මෝනියා දරුවන් සායනිකව පරික්ෂා කරලා වෛද්යවරුන් වශයෙන් අපට නිගමනයකට එන්න පුළුවන් නිව්මෝනියා තත්ත්වයක් ඒ දරුවට, තියෙනවද? නැද්ද? කියන කාරණය සම්බන්ධයෙන්. සායනික පරීක්ෂාවට අමතරව අපි මේ රෝග විනිශ්චය වෙනුවෙන් දරුවා වෙනුවෙන් රුධිර පරීක්ෂණයක් කරනවා, ඒ වගේම එක්ස්රේ පරීක්ෂණයක් සිදුකරනවා.
දරුවාගේ නිව්මෝනියා තත්ත්වය පාලනය කරන්නේ කොහොමද?
මේ දරුවාට නියමිත ප්රතිජීවක ඖෂධ ලබා දීමෙන් අපිට පුළුවන් දරුවාගේ නිව්මෝනියාව තත්ත්වය පාලනය කරන්න. ඒ වගේම නිව්මෝනියාව ආශ්රිතව ඇතිවන සංකූලතා පාලනය කරන්නත් ප්රතිජීවක ලබාදීම හේතු වෙනවා.
ඔබේ දරුවා නිව්මෝනියාව තත්ත්වයට පැමිණීම වළක්වා ගන්නේ කොහොමද?
මවුපියන්ට මේ සම්බන්ධයෙන් ගතහැකි පියවර රාශියක් තියෙනවා. මේ රෝගය ඇති වීමට විෂබීජ හේතු වන බව අප මුලින්ම මතක් කර දුන්නා. මේ විෂබීජ බැක්ටීරියා, වයිරස් වගේ දේවල් සුළඟ මඟින් සම්ප්රේෂණය වෙනවා, පැතිරෙනවා. අත් සේදීම, කෙනෙක් කහින, කිවිසින විට ඒ බිඳිති සම්ප්රේෂණය නොවන තැනෙක සිටීම, මුව ආවරණ පැළඳීම මගින් දරුවන් මේ අවදානම් පරිසරයෙන් ආරක්ෂා කරගත හැකි වෙනවා.
තමන්ගේ දරුවන් අනවශ්ය විදිහට සෙනඟ පිරුණු ස්ථානවලට රැගෙන යාමෙන් අපි වළකින්න ඕන. මගුල් ගෙවල්, මරණ ගෙවල්, සිනමා ශාලා වැනි පොදුවේ වැඩි දෙනෙක් ගැවසෙන ස්ථාන වගේම වායු සමීකරණයක් පාවිච්චි කරන තැනකදිත් අවදානම වැඩියි. වායුසමීකරණයෙන් සාමාන්යයෙන් වායුව පිටතට නොයන තරම්. ඒ තුළ ආසාදනයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ රෝගය අන් අයට ව්යාප්ත වීමේ සුලබ අවස්ථාවක් තියෙනවා. සංවෘත ස්ථානයක වැඩි දෙනෙක් ඉන්නව නම් අර විදිහටම ආසාදිත පුද්ගලයෙකු ඒ අතරේ ඉන්නවා නම් ඔහුගෙන් අනෙක් අයට රෝගය බෝවීමේ හැකියාව වැඩියි.
එදිනෙදා ජීවිතයේදී සුළඟ මගින් බෝ වෙන රෝග වළක්වා ගැනීම තරමක් අපහසු කාරණයක්. දරුවෝ පාසල් යනවා. පොදු ප්රවාහන මාර්ග පාවිච්චි කරනවා. ක්රීඩා කටයුතු වල නිරත වෙනවා. මේ විදිහට දරුවා පරිසරයට අනුගත වෙන අවස්ථා පාලනය කිරීම මවුපියන් වශයෙන් අපිටත් ටිකක් අමාරු කාරණයක් තමයි.
නිව්මෝනියාව වළක්වන්නට එන්නත් තිබෙනවාද?
දරුවෙක් උපන් අවස්ථාවේ සිට දරුවාගේ ප්රතිශක්තිකරණය වර්ධනය කරන්නට අපි විවිධ පියවර ක්රියාත්මක කරනවා. ප්රතිශක්තිකරණය ගැන අපි හැමෝටම අවබෝධයක් තියෙනවා නොවැ. එන්නත් එයින් ප්රධානයි. අපිට විවිධ ලෙඩ-රෝග, ආසාදන ඇති කරන විෂබීජ කොටසක්ම ඒකෙ තියෙන තීව්රතාව අඩු කරල එන්නතක් විදිහට ශරීරයට නැවත ලබා දීලා ඇඟ තුළ ප්රතිදේහ නිපදවනවා. ඒවට පුළුවන්කම තියෙනවා බාහිරින් එන විෂබීජයක් වෙතොත් ඒවත් එක්ක සටන් කරලා ඒවා මර්දනය කරන්න.
ඒකට තමයි ප්රතිශක්තිකරණය කියන්නේ. අපි එන්නතක් ලබා දීලා බලාපොරොත්තු වෙන්නේ, මොනයම් ආකාරයෙන් හෝ විෂබීජයක් ඇතුළු වුණාම ඒකත් එක්ක සටන් කරලා එය මර්දනය කරලා රෝගය පිටුදැකීමට ක්රියා කිරීම.
අපේ රටේ ජාතික ප්රතිශක්තිකරණ එන්නත් වැඩසටහනක් The Expanded Programme on Immunization (EPI) තියෙනවා. ඒ විතරක් නොවෙයි, එය ඉතා හොඳින් අපේ රටේ ක්රියාත්මක වෙනවා. ඒ එන්නත්කරණ වැඩසටහන් ඔස්සේ ඔබේ දරුවා රෝග විශාල පරාසයකින් ඔබේ දරුවා ආරක්ෂා කරනවා. අපේ ජාතික ප්රතිශක්තිකරණ වැඩසටහන ලෝකයේ ඉහළම සාර්ථකත්වයක් ඇති ප්රතිශක්තිකරණ වැඩසටහනක් බව ලෝක සෞඛ්ය සංවිධානය පවා අවිවාදයෙන් පිළිගෙන තියෙනවා.
නිව්මෝනියාව වළක්වා ගන්නටත් එන්නත් තියෙනවා. විශේෂයෙන්ම Streptococcus pneumoniae කියන මේ කුඩා දරුවන්ට ආසාදන ඇති කරන නිව්මෝනියා රෝගය වළක්වන්නටත් එන්නත් භාවිතා කරනවා. Streptococcus pneumoniae නිව්මෝනියා එන්නත තවමත් අපේ රටේ ජාතික ප්රතිශක්තිකරණ වැඩසටහනට සම්බන්ධ වෙලා නෑ. ඒත් පෞද්ගලික රෝහල්වලින් මේ එන්නත ඔබේ දරුවන්ට ලබා දීමේ පහසුකම් අපේ රටේ තියෙනවා.
අවුරුදු පහට අඩු දරුවන්ට සාමාන්යයෙන් වැඩිහිටියන්ට සාපේක්ෂව තමන්ගේ ශරීරයේ තියෙන ප්රතිශක්තිකරණ හැකියාව තරමක් අඩුයි. මේ නිසා වයස අවුරුදු පහට අඩු දරුවන්ට මේ ීඑරුචඑදජදජජමි චබැමපදබස්ැ විෂබීජය මගින් ඇති වෙන ආසාදනය තරමක් දරුණු වෙන්නට පුළුවන්. මේ නිසා ඒ දරුවන්ට මේ එන්නට ප්රතිශක්තිකරණ එන්නත ලබාදීම සුදුසුයි.
සමහර දරුවෝ ඉන්නවා උත්පත්තියෙන් ම උත්පත්තියෙන්ම ප්රතිශක්තිකරණ හැකියාව අඩුයි. (Immune deficiency) HIV ආසාදිත දරුවන්, විවිධ දීර්ඝකාලීන ලෙඩරෝග නෙප්රොටික් සින්ඩ්රෝම් (මුත්රා සමඟ ප්රෝටීන් පිටවීම) ඒ විදිහෙ දරුවන්ට මේ රෝග ඇතිවීමේ අවදානම වැඩියි. එම නිසා ඒ වගේ දරුවන්ට Streptococcus pneumoniae කියන මේ ආසාදනය ඇතිවීම වළක්වා ගැනීමට එන්නත් ලබාදීම අතිශයින් වැදගත් වෙනවා.
මේ සඳහා එන්නත් රාශියක්ම තියෙනවා. ඇතැම් එන්නත් ඕනිම දරුවෙකුට දෙන්න පුළුවන්. තවත් එන්නත් වර්ග තියෙනවා, ඒව අවුරුදු දෙකෙන් පස්සේ දරුවන්ට ලබා දිය හැකියි. අපේ ජාතික ප්රතිශක්තිකරණ එන්නත් සාමාන්යයෙන් පවත්වාගෙන යන මාස 2, 4 හා 6 එන්නත්කරනය හා සමගාමීව ලබා දෙන්නත් පුළුවන්. කෙනෙකුට ඒ අවස්ථාව මඟ හැරුණොත් වෙනත් අවස්ථාවකදී වුණත් මේ නිව්මෝනියා එන්නත් මාත්රාව ලබා දෙන්න පුළුවන්.
නිව්මෝනියාවට එන්නත් ලබා දීමෙන් දරුවාට අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්ද?
මේ එන්නත් පර්යේෂණ සිද්ධ කරලා තමයි හදලා තියෙන්නේ. ඒවා භාවිතයට ගැනීමෙන් කිසියම්ම හෝ අතුරු ආබාධයක් ඇති වෙන බවට වාර්තා වන්නේ නෑ. මේ නිසා අපේ මවුපියන්ට කිසිදු බියකින් තොරව මේ Streptococcus pneumoniae විෂබීජයට එරෙහිව එන්නත් ලබා දෙන්න ඔබට පුළුවන්.
නිව්මෝනියාව වළක්වා ගන්නටත් එන්නත් තියෙනවා. විශේෂයෙන්ම Streptococcus pneumoniae කියන මේ කුඩා දරුවන්ට ආසාදන ඇති කරන නිව්මෝනියා රෝගය වළක්වන්නටත් එන්නත් භාවිතා කරනවා. Streptococcus pneumoniae නිව්මෝනියා එන්නත තවමත් අපේ රටේ ජාතික ප්රතිශක්තිකරණ වැඩසටහනට සම්බන්ධ වෙලා නෑ. ඒත් පෞද්ගලික රෝහල්වලින් මේ එන්නත ඔබේ දරුවන්ට ලබා දීමේ පහසුකම් අපේ රටේ තියෙනවා.




Pregnancy

Pregnancy
දරු සම්පත් ප්‍රමාද වීමට හේතු
ඩිම්බ සංචිතය අඩුවීම හා ඊට යොදන පිළියම්WISH Fertility & IVF Hospital හි සායනික කළලවේද විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන්කුමාර MBBS (Sri Lanka) MD (Gyn. & Obs) Infertility China Pg. Dip(Andrology) Monash, OUSL Master of Clinical Embryology Monash, Australia. SLMC Reg. No. 20800කාන්තාවක ගැබ් ගැනීමට ඇති හැකියාව ඇය කෙමෙන් වයස්ගත වත්ම අඩු වන බව අද කවුරුත් දන්නා කරුණකි. වයසට යන විට ස්ත්‍රි බීජ වල ගුණාත්මකභාවය හීන වෙයි. ඒවායේ ඉතාම වැදගත් කොටස වන ප්‍රවේණික පදාර්ථ වල වර්ණදේහ කිසියම් වූ අසාමාන්‍ය වෙනස්කම් රැසකට ලක්වීමේ අවදානමක්ද වයස්ගත වන විට ඇතිවෙයි. එක් එක් කාන්තාවගේ මේ අවපස වෙනස්කම් සැබවින්ම සිදුවන වයස ඒ ඒ කාන්තාවට අනූව ලාක්ෂණිකය. ප්‍රායෝගික වශයෙන් බලන කළ වයස අවුරුදු 35 ඉක්මවූ පසු කාන්තාවකට මේ ගැබ් ගැනීමේ ගැටළු ඇති විය හැක. වයස අවු. 37න් පසු කාන්තාවකගේ දරුවන් වැදීමේ හැකියාව සීඝ්‍රයෙන් පරිහානියට පත් වෙයිස්වාභාවිකව ඩිම්බ සංචිත අඩු වන්නේ මෙහෙමයිකාන්තාවක ගැබ් ගැනීමට අවශ්‍ය වන ස්ත්‍රි බීජ නොහොත් “ඩිම්බ” ඇගේ සිරුරේ නිර්මාණය වන්නේ කවදාද? මේ ඩිම්බ ඇය තම මවගේ කුසයේ සිටින විටත් ඇයට උරුමව අවසන්ය. මෙහි තවත් වැදගත් අනාවරණයක් වන්නේ මේ “ඩිම්බ සංචිතය” වඩාත්ම වැඩිපුර පවතින්නේද ඇය තම මව කුසයේ ඉන්නා කාල පරිච්ඡේදයේම වීමයි. සති 20ක කළලයක්ව ඇය තම මවගේ ගර්භාෂයේ ගත කරන සමයේ ඇය සතුව මිලියන 6-7ක ඩිම්බ සංචිතයක් Ovarian Reserve පවතී. ඇය මෙලොව උපත ලබන විට එම සංඛ්‍යාව මිලියන 1-2ක් පමණ දක්වා අඩු වෙයි. ඇය දැරියකව වැඩෙන සමයේදී එය තවදුරටත් අඩුවන අතර දිනෙක ඇය වැඩිවිය පත් වන විට ඇයට හිමි සමස්ත “ඩිම්බ සංචිතය” 300,000-500,000 නොඉක්මවනු ඇත. වැඩිවිය පත් වීමේන් පසු ඇය වියපත්ව ආර්තව අභාවයට පත් වන තෙක් මසකට වරක් බැගින් පිට කරන ඩිම්බ ප්‍රමාණය 400-500 අතර සංඛ්‍යාවකි. මෝචනය නොවන ඩිම්බ, ඩිම්බ පටක වලටම අවශෝෂණය වෙයි. මේ ක්‍රියාවලිය සෑම චක්‍රයකදීම සිදුවන අතර කෙතරම් ඩිම්බ ප්‍රමාණයක් මෙලෙස අවශෝෂණයට ලක් වෙනවාද යන කාරණය ප්‍රවේණිකව පූර්වයෙන් සැලසුම් වන ජෛවීය ක්‍රියාවලියකි.වරකට පිට කරන්නට අවශ්‍ය වන්නේ එක් ඩිම්බයක් පමණක් වූවත්, ජීවිත කාලයටම මේ ජෛව ක්‍රියාවලිය සපිරීමට අවශ්‍ය වන්නේ 400-500ක ඩිම්බ සංචිතයක් වූවත් මේ සංචිතයේ ඩිම්බ අඩු වීමත් එහි ගුණාත්මය දුර්වල වීමත් දරුවන් ලැබීමට අහිතකර සේ බලපවත්වන බව හෙළිදරව් වී තිාබේ. මේ සාඵළ්‍යතාවය හීනවීම ඇගේ වයස 30 ගණන් පමණ වන විට බලගැන්වෙන අතර ඇයට වයස අවු. 37ක් පමණ වන විට හා ඉන් අනතුරුව වේගවත්ව සාඵළ්‍යතාවය හීන වන්නට පටන් ගනී.නිසි කල වයස් වලදී දරු සම්පත් ලබා ගැනීමට උත්සුක විය යුත්තේ ඇයි?මේ නිසා සෑම කාන්තාවක්ම මේ විෂම චක්‍රය බලගැන්වීමට පෙර තම දරු සම්පත් ලබා ගැනීමට ඉටාගත යුතුය. ප්‍රමාදය පසුතැවිල්ලට මෙන්ම බොහෝ පරිශ්‍රමයන්ට තම කාලය හා ධනය වැය කිරීමටද හේතුවක් වන්නට පුළුවන. වයස්ගතව පිටවන ඩිමබ වල වර්ණදේහගත අඩුපාඩුකම වැඩියෙන් පවතින්නට පුළුවන. තත්ත්වයෙන් දුර්ව වූ ඩිම්බයක් සංසේචනය වූ විට එය අධිරෝපනයට (Implantation) බාධා පැමිණිය හැක. එය අධිරෝපනය වූවත් මැනවින් වැඩෙන්නට බාධා අවහිරතා ඇතිවිය හැක. මේවා ගබ්සා වලට ලක්වීමේ අවදානම තරමක් ඉහළය. ගැබ් ගැනීම ප්‍රමාද වන කාන්තාවකට තමන්ගේ ඩිම්බ සංචිතය කෙතරම්ද යන්න සංඛ්‍යාත්මකව සාක්ෂාත් කරගන්නට පරීක්ෂණ රැසක් පවතී. මෙය ඇයගේ නිසරුතා පාදක පරීක්ෂණ වල කොටසක් වශයෙන් සිදු කළ හැකි වන අතර සංචිතය අඩු එකක් වූවද එතෙකුදූ වූවත් ඇය සාමාන්‍ය ස්වාභාවික ලෙසටම ආර්තව චක්‍රය පවතින්නටද පුළුවන.ඩිම්බ සංචිතය අඩු වීමට හේතුබොහෝ අවස්ථා වලදී ඊට නිශ්චිත හේතුවක් කිව නොහැක. එය එක් එක් කාන්තාවගේ ජෛව වයස්ගතවීම හා ප්‍රවේණිය හා බැඳී පවතින්නකි. ඒ හැරුණූ විට ඩිම්බ සංචිතය හීන වීමට පහත සාධකවල බලපෑමක් ඇති බව හඳුනාගෙන තිබේ.* දුම්පානය* ප්‍රවේණික ගැටළු (Fragile X and other X chromosome abnormalities) ආදිය* පිළිකා වලට කරන ප්‍රතිකාර* එන්ඩොමෙටි්‍රයෝසිස් වැනි රෝග හා ඊට කරන ප්‍රතිකාරඩිම්බ සංචිතය අඩුවීම නිර්ණය සඳහා යොදා ගන්නා පරීක්ෂාමේ සඳහා සුලබව යොදා ගන්නා පරීක්ෂා කිහිපයකි. Basal antral follicle count ආර්තව චක්‍රයේ මුල් දින කිහිපයේදී යෝනි මාර්ගය හරහා සිදු කරණු ලබන අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවකින් කුඩා සහ විවේක අවස්ථාවේ පවත්නා කූප (Follicles) ගණනය කිරීමක් මෙහිද සිදුවේ. ඇයට විවේක අවස්ථාවේ පවත්නා කූප 8-9 (Resting follicles) වත් පවතින්නේ නම් එය සාමාන්‍ය ඩිම්බ සංචිතයකැයි සැළකේ. ඒ හැරුණූ විට ඇගේ ඔසප් වීම ආරම්භයෙනි දින 2,3 හා 4 දින වලදී සිදුකරන රුධිර පරීක්ෂණ Serum FSH and serum estradiol ද මෙහිදී භාවිතා කෙරේ. මෙලෙස හෝමෝනය වැඩි වන්නේ ඩිම්බ වයසට යාමේදී මොළය ඊට හැඩ ගැසීමට ගන්නා උත්සාහයෙ ප්‍රතිඵළයක් වශයෙනි. (The FSH level should be less than 10-12 miu/ml. An FSH greater than 18 miu/ml suggests a significant reduction in ovarian reserve with a corresponding marked reduction in the chance of achieving pregnancy, even with advanced fertility treatment.)ඩිම්බ සංචිතය හීන වූ කාන්තාවන්ටත් දරු සම්පත්Reproductive aging නොහොත් ජෛව වශයෙන් සාඵළ්‍යතාවය හීනවීමට සෘජුව නිර්දේශ කරන ප්‍රතිකාර නැත. එහෙත් මේ ගැටළුවට මුහුණපාන කාන්තාවන්ට ඇතැම් ප්‍රතිකාරාත්මක පිළියම් ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව හඳූනාගෙන තිබේ. Dehydroepiandrosterone (DHEA) ආහාර පදාර්ථයක් වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් මෙ වන විට සාර්ථකව පර්යේෂණ සිදුකෙරී ඇත. Dehydroepiandrosterone (DHEA) ඇන්ඩ්‍රජන් වලින් පිරිපුන්ය. මේවා ලබාදීමෙන් කාන්තාවන් රැසක් තමන්ගේම ජන්මාණූ ඇසුරේ ගැබ්ගත් බව අධ්‍යයන වලින් හෙළිදරව් වී තිබේ. මේ ඩිම්බ සංචිත හීනවීමේ ගැටළුව තිබෙන කාන්තාවන්ට තම ඩිම්බ උකහාගෙන ශීතන තත්ත්ව යටතේ සංරක්ෂණය කිරීම නිර්දේශ කෙරේ. Fertility preservation involves retrieving a woman’s eggs from her ovaries and freezing them for later use. ඒ හැරුණූ විට මේ ගැටළු ඇති කාන්තාවන් IVF නව්‍ය තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලැබීමට සුදුස්සන් වන අතර දරු සම්පතක් තමන්ගේම ජාන පසුබිමකින් ලබාගැනීමට මෙකල ඇයට වැඩි අවස්ථාවක් පවතී.නළ දරු තාක්ෂණය ඇසුරේ දරු සම්පත් ලබන්නද?එක් එක් අදියර වල ක්‍රම දොළහක් මේ වන විට භාවිතයට ගන්නවා. ICSI, IMSI/PICSI, Capsule Baby, Donor Embryo, Surrogacy PGD, PGS ආදී වශයෙන්. වැය වන මුදල තීරණය වන්නේ යොදා ගන්නා තාක්ෂණය අනූව. යොදාගත යුතු තාක්ෂණය තීරණය වන්නේ ඇයට... නැතහොත් අඹූසැමියනට පවත්නා ගැටළුව අනූව. නමුත් දළ අදහසක් ලබාගත යුතු නිසා කියන්නම්, පටන් ගන්නෙ ලක්ෂ දෙක හමාර තුනක විතර ඉඳන්. ඒ වුණත් නැවත පැවසිය යුතුයි, කෙනෙක් ආවට පස්සෙ ඇයගෙ වාර්තා සමාලෝචනයකින්, මූලික පරීක්ෂණ වලින් පස්සෙ තමයි ඇයට ගැලපෙන නළ දරු තාක්ෂණ ක්‍රමය තීරණය වන්නේ. සමහර විට සරළ මැදිහත්වීමක් ප්‍රමාණවත් වෙන්නත් පුළුවන්. ඇතැම් විට ටිකක් සංකීර්ණ තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නටත් වෙන්න පුළුවනි. ඒ අනූව වැය කළ යුතු වන මුදලත් වෙනස් වනවා.වඩා හොඳ පැමිණ සුදුසුම ක්‍රමය සැලසුම් කර ගැනීමයිමේ හේතුව නිසා වියදම් ගැන දැනගන්න වඩාත් සුදුසු වන්නේ අපට පැමිණ කතා කරන එක. මේකෙදි වියදම් පාර්ශ්වයේ ඇතැම් සහන සලස්වන්න ක්‍රම අප ළඟ සැලසුම් තියෙනවා. ඉතාමත් දුර්වල ආර්ථිකයක් තියෙන අයත් මේ නළ දරු තාක්ෂණයෙන් අපෙන් දරු සම්පත් ලබන බව මෙහිදී කියන්නේ ඔබට දිරියක් ලබා දෙන්නයි.අපට කතා කරන්න. මෙන්න අපේ දුරකතන අංකය:0779 728 799 / 077 3 273 866
Read more

LATEST

You magazine
Typically replies within an hour

Doctor magazine
Hi there 👋
How can I help you?
16:33
×
Chat with Us