Key Points
ව්‍යඝ්‍රා භාවිත කළ යුත්තේ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන පුරුෂයන් පමණකි.
ලිංගික කටයුතුවල යෙදීමට තරම් ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමේ පසු නොවන පුද්ගලයන් එම උත්තේජකය භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුයි
පුරුෂ ලිංගයේ රුධිර වාහිනී සැහැල්ලු කර හොඳින් රුධිරය ගලා යාමට සැලැස්වීම ‘ව්‍යඝ්‍රා‘ මගින් සිදු කෙරෙයි
ව්‍යඝ්‍රා - තමන්ගේ ලිංගික අප්‍රාණිකත්වයට විසඳුමක් විදිහට බොහෝ පිරිමින් ඔසුසලෙන් ලබාගෙන පාවිච්චි කරන ඖෂධයක්. පොදු වහරේ ව්‍යඝ්‍රා යනුවෙන් හැඳින්වූවත් එය වෛද්‍ය විද්‍යාණුකූලව සිල්ඩෙනෆිල් යනුවෙන් හැඳින්වෙනවා.
ව්‍යඝ්‍රා එහෙම හිතුමතයේ පාවිච්චි කරන එක හොඳද? ව්‍යඝ්‍රා පාවිච්චි කරන විට ආරක්ෂාව පතා අනුගමනය කරන්නට ඕනි පියවර මොනවාද? අද අපි ඒ ගැන මේ ලිපියෙන් විස්තර කරනවා.
නිල් පාට පෙත්තක් විදිහට වෙළඳපොලේ තියන මේ ව්‍යඝ්‍රා ඖෂධය හිතුමතේට අරගන්න බොහෝ දෙනෙක් ටික කාලයක් යනකොට මේක හරියට ප්‍රතිඵල දෙන්නෙ නෑ කියන පැමිණිල්ල කරනවා. මුලින්ම සාර්ථක වෙලා, කාලයක් යන විට ඒ විදිහේ ගැටළු ඇතිවෙන්නේ ඇයි? ඒ විතරක් නෙමෙයි මේ ආකාරයෙන් තමන්ගේ හිතුමතේට ෆාමසියෙන් ව්යාඝ්රා ගන්න එක කොයිතරම් ආරක්ෂාකාරීද?
ව්‍යඝ්‍රා පාවිච්චි කරන්නේ පුරුෂයන්ට කාම සම්භෝගයේදී ඇතිවන ලිංගික අප්‍රාණිකත්වයට විසඳුමක් විදිහටයි. ලිංගික කටයුත්තෙහි යෙදෙන්නට ප්‍රමාණවත් විදිහට ශිෂ්ණය ප්‍රාණවත් නොවීම තියෙනවා නම් ඔහුට ව්‍යඝ්‍රා ගැනීමෙන් ලිඟුව ප්‍රාණවත් කරගත හැකි වෙනවා. එන්සයිමයක් අවහිර කිරිම මගින් ලැබෙන උත්තේජනයක් හරහා පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීම දීර්ඝ කිරීම තමයි සරලව කිව්වොත් මෙහිදි සිද්ධවෙන්නෙ.
ව්‍යඝ්‍රා ලිංගික එක්වීමට කොපමණ කලින් ගත යුතුද?
බොහෝ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ලිංගික සංසර්ගයට කොයි තරම් වෙලාවකට කලින්ද ව්‍යඝ්‍රා ගන්න ඕනි කියන ප්රශ්නය. මේ ප්රශ්නය හරි සාධාරණයි. මොකද? ඕනෑම ඖෂධයක් ක්‍රියාත්මක වන නිශ්චිත කාලයක් තිබෙනවා.
ව්යාඝ්රා ගත්තොත් එහෙම, තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පැය භාගයකට කලින් තමයි ගත යුත්තේ.
ව්‍යඝ්‍රා ක්ෂණික මෝචනයට විසඳුමක් නොවෙයි
සමහරක් දෙනා ක්ෂණික මෝචනයට පිළියමක් විදිහට මේ ඖෂධය යොදා ගන්නට පියවර ගන්නවා. ඇත්තෙන්ම, ව්යාඝ්රා ක්ෂණික මෝචනයට විසඳුමක් නොවෙයි. ඒ වගේමයි ලිංගේන්ද්‍රිය ප්‍රාණවත් වීම පටන් ගන්නත් ව්‍යඝ්‍රා වලින් බලපෑමක් නෑ.
මේ ඖෂධය කොයි විදියට ගත්තත්, තමන්ට ලිංගික උත්තේජනයක් ඇති වෙන්නේ නැත්නම්, එහෙම නැත්නම්, තමන්ගේ ලිංගික ආශාව අඩු වෙලා තියෙනවා නම්, ව්‍යඝ්‍රා ගැනීමෙන් ඔබට කිසිදු ප්‍රයෝජනයක් ලැබෙන්නෙත් නෑ.
ව්‍යඝ්‍රා ගන්නට ඕනි කෑමට පෙරද, කෑමෙන් පසුවද?
සමහරුන් අහනවා මේ ඖෂධය ගන්නට ඕනි කෑමට පෙරද, කෑමෙන් පසුවද කියලා. ඇත්තෙන්ම තමන් හිස්බඩ ඉඳගෙන ව්‍යඝ්‍රා ගැනීමෙත්, ආහාර අරගෙන ව්‍යඝ්‍රා ගැනීමේත් ව්‍යඝ්‍රා ඖෂධයේ ක්‍රියාකාරිත්වය වෙනස්. ව්‍යඝ්‍රා වල උපරිම ක්‍රියාකාරිත්වය ඇතිවෙන්නෙ ඇත්තෙන්ම, හිස්බඩ ඖෂධය ගන්නකොට.
කෙනෙක් පුරුදු වෙලා ඉන්නට පුළුවන් හොඳට කාලා බීලා ඉවර වෙලා මේ ඖෂධය ගන්න. ඉන් පස්සේ කාම සම්භෝගයේ නිරත වෙන්න. එහෙම උනාම මේ ඖෂධයේ ක්‍රියාකාරිත්වය උපරිමව ලැබෙන්නෙ නෑ. එහි ප්‍රතිඵලයක් විදිහට එක්වීමට අවශ්‍ය ලිඟුවේ ප්‍රාණවත් බව අවශ්‍ය ආකාරයෙන්ම නොමැති වෙන්න පුළුවන්. ඒකට හේතුව මෙහි තියෙන ක්‍රියාකාරී සංයෝග ලේ වලට උරා ගැනීම තරමක් දුර්වල වෙනවා.
අරක්කුත් එක්ක ව්‍යඝ්‍රා? හොඳද?
මද්‍යසාර අරගෙන මේ ඖෂධය පාවිච්චි කරන්නට පුළුවන්ද කියන ප්රශ්නය බොහෝ දෙනා මතු කරනවා. මද්‍යසාර සමඟ මේ සිල්ඩෙනෆිල් කියන ඖෂධයේ සෘජු අන්තර් ක්‍රියාවක සම්බන්ධතාවයක් නම් හෙළිදරව් වන්නේ නෑ. හැබැයි ලිංගික සම්බන්ධතාවයකදී මධ්‍යසාර ලබා ගැනීම එතරම් සුදුසු දෙයක් විදිහට අපි දකින්නේ නෑ. මද්‍යසාර වලින් ලිංගික සම්බන්ධතා වලට තියෙන්නෙ සෘණාත්මක බලපෑමක්. මේ නිසා අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබී යන්නට ඉඩ තිබෙනවා.
ව්‍යඝ්‍රා ඖෂධය ලබා ගැනීමේදී ගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු මොනවාද?
1. ඖෂධ - ඖෂධ අතර අන්තර් ක්‍රියා ගැන මේ වන විටත් ඔබ අසා තියෙනවා. මේ ඖෂධ - ඖෂධ අතර තිබෙන අන්තර් ක්‍රියාවල අහිතකර බලපෑමක් විදියට ඇතැම් වෙලාවට මරණය පවා සිද්ධ වෙන්නට ඉඩ තිබෙනවා. ඒකට තියෙන හොඳම උදාහරණයක් තමයි මේ ව්‍යඝ්‍රා නොහොත් සිල්ඩෙනෆිල් කියන ඖෂධය හෘදයාබාධ වලට ගන්න ඖෂධ විශේෂයෙන්ම නයිටේ්රට් කාණ්ඩයේ ඖෂධ සමඟ ඇති කරගන්නා අන්තර්ක්‍රියාවන් නිසා රුධිර පීඩනය ඉතා සීඝ්රයෙන් පහත වැටෙන්නට පුළුවන්. ඒ නිසා මරණයට වුණත් පාර හැදෙන්න පුළුවන්. Tamsulosin කියන ඖෂධය ගන්නව නම් එයත්, ව්‍යාඝ්‍රයා ගන්න අවස්ථාවත් අතර අවම වශයෙන් පැය හයක වත් කාල පරාසයක් පවතින්නට ඕනි.
2. සිල්ඩෙනෆිල් කියන මේ ඖෂධය ලබාගන්නා විට ශරීරය අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් ඉන්න ඕනි. වකුගඩු රෝග, අක්මාව දුර්වල කම් ආදී වශයෙන් ඉන්ද්රිය ක්‍රියාකාරිත්වයේ අඩපණ වීමක් සිද්ධ සිද්ධ වෙලා තියෙනවා නම් ඔබ ලබාගන්නා සිල්ඩෙනෆිල් මාත්‍රාව වෙනස් කිරීමට අවශ්‍ය වෙන්නට පුළුවන්. ශරීරයේ තියෙන සුවිශේෂී තත්ත්වයන් ඇසුරේ මේ ඖෂධය ගැනීමෙන් කිසියම් අන්තරායක් ඇති නොවන විදිහට ඒ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කර ගැනීම තමයි මේකෙ අභිමතාර්ථය වන්නේ. ඒ විදිහේ ප්‍රශ්න තියෙනවා නම් මේ ඖෂධය ලබා ගන්නට පෙර වෛද්‍ය උපදෙස් පැතීම සිද්ධ කරන්න.
ඔබේ අවධානයට යොමු විය යුතු වැදගත් කරුණූ කිහිපයක්
ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා නම් ඒකට පාදක වෙලා තියන හේතුව සම්බන්ධයෙන් සොයාබලා ඊට පිළියමක් යෙදීම නිසැකයෙන් ම කළ යුත්තක් වෙනවා.
තවත් කාරණයක් තමන්ට ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා නම් එය ඉදිරියේදී තමන්ට හැදෙන්න තියෙන රෝගයක පෙරනිමිත්තක් වෙන්නටත් පුළුවන්. ඉතින් මේ ගැන ගැනත් අවබෝධයෙන් කටයුතු කරන්නට වෙනවා.
තමන්ගේ තාවකාලික අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ කර ගන්නට සිල්ඩෙනෆිල් ලබා ගන්නවා වගේම තමන්ගේ සමස්ත ශාරීරික සෞඛ්‍ය සම්බන්ධයෙනුත් කටයුතු කරන්නට ඔබට සිද්ධ වෙනවා. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මුණ ගැහිලා තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු වෙනවා.
Watch it;