ඔසප් වීම සිදුවන ඒ දින කිහිපය ගැන “ඇයට” ඇත්තේ සුවිශේෂී අත්දැකීම්වලියකි. එක් එක් කෙනාට විවිධ ආකාරයෙන් බලපවත්වන මේ වෙනස්කම් අතරේ ශාරීරිකව ඇතිවන ගැටළු මෙන්ම මනෝභාවයන්හී ඇතිවන සියුම් වෙනස්කම්ද පවතී.
මේ
අපහසුතාවයන්ගෙන් මිදෙන්නට ඔසප්වීම සිදුවන කාලයේදී නොකළ යුතු දේ ගැන වෛද්
ය පර්යේෂකයන්ගේ අවධානය යොමූ වී ඇත. ඇයට මේ කාලය තුළ සිදුවන හෝමෝනමය වෙනස්වීම් මෙන්ම ඒ ඇසුරේ ස්නායු සම්ප්
රේෂනයට සිදුවිය හැකි බලපෑම් හේතුකොටගෙන පහත විස්තර කරන චර්යාවන්ගෙන් වළකින ලෙස එම පර්යේෂකයන් උපදෙස් දෙන අතර ඇත්තෙන්ම එයට වෙසෙස් විද්
යාත්මක පදනමක්ද පවත්නා බව කිව යුත්තකි.
සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න එපා
කාන්තාවන් බොහෝ දෙනෙක් අද සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නට පෙළඹෙයි. ඔසප් කාලය තුළ වේදනාව හා ඔය සමහර විට සිරුර ඇල්ලුවත් රිදුම් දෙන ස්වභාවය වැඩිය. මේ නිසා ඔසප් කාලය තුළ පාද, සිරුරේ රහසඟ, කිහිල්ලේ ආදී වශයෙන් අනවශ්‍ය රෝම ඉවත් කිරීම නොකළ යුත්තකි.
අනාරක්ෂිත ලිංගික එක්වීම්
ඔසප් වීම සිදුවන කාලය තුළ ගැබ් ගැනීමක් සිදු නොවන නිසා ඒ ගැන අනියත බියක් ඇති නොකර ගත යුතු යයි බොහෝ කාන්තාවන් සිතති. මේ කාලය ලිංගික එක්වීම් වලට බාධාකාරී සමයක් වූවත් එම හැඟීම විසින් එම දින කිහිපයේ නිදහසේ, අනාරක්ෂිතව ලිංගික එක්වීම් ඇති කරගන්නා අඹුසැමියන් නැත්තේද නොවේ. අසාමාන්‍ය ලිංගික හෝමෝන ඝ්‍රාවයන් බොහෝ කාන්තාවන් මුහුණපාන පොදු ගැටළුවකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔසප් රුධිරය වෑස්සෙන අතරේම ඩිම්බ මෝචනයක් සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන් බැහැර කළ නොහැක.
ස්වයං පියයුරු පරීක්ෂාවක් මේ කාලයේ සුදුසු නෑ
ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් හෝමෝනයේ මේ දින කිහිපය තුළ ඇති වන වෙනස්කම් නිසා පියයුරු ඇල්ලීම පවා වේදනාකාරී වන්නට පුළුවන. එසේම මේ කාලය තුළ සිදුකරන පියයුරු පරීක්ෂාවකදී අතට හසුවන ඇතැම් වෙනස් ස්වභාවයන් හේතුවෙන් ඔබට අනවශ්‍ය බියක් වුවත් ඇති වන්නට පුළුවන. ඇත්තෙන්ම මාස්පතා පියයරු පරීක්ෂා කිරීම ආරක්ෂාව විෂයෙහි වටිනා පියවරකි. ඒත් ඔසප් රුධිරය වෑස්සෙන කාලය ඊට උචිත කාලය නොවේ. මේ දින කිහිපය මැමෝග්රම් පරීක්ෂාවටද සුදුසු නොවේ.
වැඩියෙන් කිරි හා කිරි නිෂ්පාදන අනුභවයත් සුදුසු නෑ
මේ කාලය තුළ ජීර්ණක පද්ධතිය තුළ ගෑස් නිපදවීම වැඩිය. මේ නිසා වැඩියෙන් කිරි, ආහාර අනුභවයෙන් ඒ තත්ත්වය තවත් වැඩි වර්ධනය විය හැක. එය සිරුරේ අනවශ්‍ය ජල පරිමාවක් රඳවා ගැනීමටද හේතුවක් විය හැක.
පෑඞ් එක, ටැම්පූන් එක පැය හතරකට වඩා ඇඳගෙන ඉන්න එපා
මුලින් වැඩියෙන් රුධිරය උරාගන්නා නිසා ඒවා ඉක්මණින් මාරු කරන්නට ඇය නිරායාසයෙන් උත්සාහ කළත් ගලන රුධිරය කෙමෙන් අඩුවන නිසා අවසන් දිනයේදී දෙකේදී පෑඞ් එක වැඩි වෙලාවක් ඇඳ සිටින්නට බොහෝ දෙනා පෙළඹෙයි. රුධිරය නැති වූවත් මේ අවස්ථවේද බැක්ටීරියාවන් බොහෝ තිබෙන්නට පුළුවන. මේ නිසා සෞඛ්‍යාරක්ෂාව පතා ඒ අවස්ථාවෙදීත්, සුදු පැහැය පෑඩයේ තිබුණත් එය මාරු කරන සිරිතක් පවත්වා ගන්න.
කෝපි නම් ඒ තරම් සුදුසු නෑ
ඔසප් දිනවලදී කෝපි පානය කිරීමෙන් සිරුරේ අපහසුතාවයන් වැඩි වන්නට පුළුවන. පීරියඞ් ක්රෑම්ප් ඇති වන්නට පුළුවන. උදරයේ අපහස්තා ඇති වන්නට පුළුවන. රුධිරවාහිනී මේ හේතුවෙන් සංකෝචනයට ලක්වීම ඉහතින් සඳහන් කළ වෙනස්වීම් වලට හේතුවයි.
රහසඟ ඩවුචින් එපා
Douche gels and soaps ආදී personal hygiene product මේ කාලය තුළ අත්හරින්න. මෙයින් menstrual cramp ඇතිවීම වඩාත් උත්සන්න වන්නට පුළුවන.
ආහාරයේ ලුණූ අඩු කරන්න
කිරි ආහාර මෙන්ම ඔසප් වෙන අවස්ථාවේදී ලුණූ අනුභවයද සීමා කළ යුතුය. ලුණූ සිරුර තුළ ජලය වැඩි වශයෙන් රඳවාගන්නා අතර එය බොහෝ අපහසුතාවයන්ට හේතුවක් වෙයි.
ඔසප් දින කිහිපය තුළදී ඔබ දැනටමත් අත්විඳින අපහසුතාවයන්ට ඉහත කී කාරණා හේතු වන්නට පුවන. මේ නිසා එයින් මිදෙන්නට මේ අවබෝධය නිසැකයෙන්ම ඔබට පහසුවක් වනු ඇත.