අදිසි රෝගයක් හඳුනාගත් ඉපැරණී ඊජිප්තු වැසියෝ
මීට වසර තුන්දහස් පන්සීයකට පමණ එපිටදී ඇතැම් ඊජිප්තු වැසියන් විසින් පෙළන ලද පිපාසාව, නිතරම මුත්‍රා පිට කිරීමට සිදුවීම හා සිරුරේ බර අඩු වීම රෝග ලක්ෂණ කරගත් අදිසි රෝගයක් සම්බන්ධයෙන් ලේඛන වල සඳහන් වේ. මෙය දියවැඩියාව රෝගය සම්බන්ධයෙන් ඉතිහාසයේ අනුදත් පැරණිම ලේඛනයකි.
Diabetes දියවැඩියාව හඳුන්වන්න සුලබ නාමයයි. මුලින්ම මේ නම යොදා ගත්තේ පැරණි ඊජිප්තුවේ මෙම්පිස් හී ඇපලෝනියස් නමැත්තෙකි.
ඉන්දියාවේදී කූඹියන් යොදා කළ දියවැඩියා පරීක්ෂණ
පුරාණ ඉන්දියාවේ දියවැඩියාව හඳුනාගැනීමට අපූරු උපක්‍රමයක් පාවිච්චි කළේය. ඒ කෙනකුගේ මුත්‍රාවලට කූඹියන් වහන්නේද යන්න සොයා බැලීමයි. යම් කෙනෙකුගේ මුත්‍රාවලට කූඹියන් වහන්නේ නම් ඔහුට “මධුමේහය” නොහොත් දියවැඩියාව ඇතැයි එකල රෝග විනිශ්චයක යෙදුනි.
එකල දියවැඩියාවත් ඉතා දුර්වල රෝගයක්
රෝමයේ විසූ Galan නමැති වෛද්‍යවරයෙක් දියවැඩියාව “ඉතා දුර්ලභ රෝගයක්” වශයෙන් හඳුන්වා දුන්නේය. යහපත් සෞඛ්‍යය ඇවතුම් පැවතුම් තිබූ එකල දියවැඩියාව දුර්ලභ රෝගයක් වීම පුදුමයක් නො වේ.
ග්ලූකෝස් මැන බැලීමේ පර්යේෂණාත්මක ක්‍රමවේදය හඳුනාගනී
18 වන ශතවර්ෂයේ දී ඉංග්‍රීසි වෛද්‍යවරයෙකු විසින් එය ප්‍රථම වරට අග්න්‍යාශයේ ඇතිවන රෝගයක් ලෙස නිවැරදිව හඳුනාගන්නා ලදී .Matthew Dobson නම් වෛද්‍යවරයකු විසින් 1776 දී Medical Observations and Inquiriesඟරාවට පර්යේෂණ ලිපියක් ලියමින් දියවැඩියාව සහිත පුද්ගලයින්ගේ මුත්‍රා තුළ පැණි රසක් පවතින බව ප්‍රකාශ කළේය. ඔහු විසින් මුත්‍රා තුල තුළ ග්ලූකෝස් මැන බැලීමේ පර්යේෂණාත්මක ක්‍රමවේදයක්ද ප්‍රථම වරට හඳුන්වා දෙන ලදී .
1889 වර්ෂයේ දී ජෝසප් වොං මෙරින් හා ඔස්කා මින්කොවුස්කි නමැති වෛද්‍යවරුන් දෙපලක් දෙපලක් විසින් අග්න්‍යාශය ඉවත් කිරීමෙන් පසුව සුනඛයන් මිය යන බව නිරීක්ෂණය කරන ලදී. ඒ අනුව රුධිරයෙහි සීනි යාමනයෙහි අග්න්‍යාශයට වැදගත් කාර්ය භාරයක් පවතින බව ප්‍රථම වරට හඳුනා ගන්නා ලදී.
ඉන්සියුලින් මුල් වරටසොයාගත් ශ්‍රීමත් එඞ්වඞ් ඇල්බට් ෂාපෙයිෂේපර්
ශ්‍රීමත් එඞ්වඞ් ඇල්බට් ෂාපෙයිෂේපර් නම් වෛද්‍යවරයකු 1910 වර්ෂයේදී අග්න්‍යාශයේ නිපදවන කිසියම් රසායනයක් හීනවීමෙන් දියවැඩියාව ඇතිවන බව හඳුනා ගන්නා ලදී. ඒ ආකාරයෙන් හඳුනා ගන්නා ලද රසායනයඨ “ඉන්සියුලින්” යන නම ලබා දුන්නේද මේ පර්යේෂකයා විසිනි.
ඉන්සියුලින් ප්‍රතිකාර ලෙස යොදාගත හැකි බව සොයාගත් ෆෙඞ්රික් බැන්ටින් හා චාල්ස් බෙස්ට්
1921 දී ෆෙඞ්රික් බැන්ටින් හා චාල්ස් බෙස්ට් යන පර්යේෂකයන් දෙපළ විසින් තවත් ඉතා වැදගත් සොයා ගැනීමක් කරන ලදී. සුනඛයන්ගේ අග්න්‍යාශයේ සෛල වලින් ලබා ගත් රසායනයක් දියවැඩියාව සහිත සුනඛයන්ට ලබා දීමෙන් එම සුනඛයන් සුවපත් වන බව ඔහු විසින් නිරීක්ෂණය කරන ලදී. මේ සොයාගැනීම් වලින් දිරිමත් වූ පර්යේෂකයින් දෙපළ විසින් තවත් විද්‍යාඥයින් දෙදෙනෙකු සමඟ එකතුව ගවයින්ගේ අග්න්‍යාශයෙන් ලබාගත් ඉන්සියුලින් ඇසුරේ දියවැඩියාව රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබීය. දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර සඳහා ඉන්සියුලින් හෝමෝනය සොයාගැනීම දියවැඩියා ප්‍රතිකාර ක්‍රියාවලියෙහි අනුස්මරණීය සංධිස්ථානයක් ලෙස අදද සැලකේ. “ලෝක දියවැඩියා” දිනය ලෙස ැලකෙන්නේ මේ පර්යේෂණ වල පුරෝගාමී වූ ෆෙඞ්රික් බැන්ටින්ගේ උපන් දිනයදායි.
මුලින්ම දියවැඩියාව රෝගයට ඉන්සියුලින් එන්නත් ලබා ගත් රෝගියා ගේ නම ද ඉතිහාසයට එක් වී තිබේ. එවකට දාහතර හැවිරිදි දරුවකු වශයෙන් 1922දී ඉන්සියුලින් හෝමෝනය ලබා ගත් ලබාගත් ලෙනාඞ් තොම්සන් එසේ ඉතිහාසගත වූ දියවැඩියා රෝගියායි. ඉන් පසුව වසර දහතුනක් ජීවත් වූ තොම්සන් මිය ගියේ නියුමෝනියා තත්ත්වයක්, එනම් දියවැඩියා රෝගයට සම්බන්ධ නොවන රෝගයක් නිසාවෙනි.
Sulfonylurea කාණ්ඩයට අයත් ඖෂධ
දියවැඩියාවට ලබා දෙන ඖෂධ අතරSulfonylurea කාණ්ඩයට අයත් ඖෂධ වලට ලැබෙන්නේ වැදගත් ස්ථානයකි. මේ සොයා ගැනීමට හේතු වූයේ 1942දී සිදුවූ අහම්බයකි. Marcel Janbon නම් වෛද්‍යවරයෙක් ටයිපොයිඞ් රෝගය සඳහා ලබා දුන් ප්‍රතිජීවක ඖෂධයක් නිසා එම රෝගියාගේ රුධිරයේ සීනි මට්ටම අනපේක්ෂිත ලෙස පහළට බසින බව නිරීක්ෂණය විය. මෙම සිදුවීම විපරමෙන් යුතුව පරීක්ෂා කිරීමේදී ඉහත ප්‍රති ජීවිතයේ තිබූ aryl SU සංයෝග මෙම සීනි මට්ටම පහළ බැසීමට දායකත්වය දුන් බව හඳුනා ගන්නා ලදී Sulfonylurea කාණ්ඩයේ ප්‍රථම ඖෂධයTolbutamide 1950 වර්ෂයේදී වෙළඳ පොලට නිකුත් කළේ ජර්මානු ඖෂධ සමාගමක් විසිනි. එතැන් පටන් පරම්පරා තුනක Sulfonylureaකාණ්ඩයේ ඖෂධ දියවැඩියා රෝගීන්ගේ රුධිර සීනි පාලනයට හේතු වී තිබෙන අතර ඒවා අදටත් ප්‍රමුඛ රුධිර සීනි පාලන ඖෂධ කාණ්ඩයක් සේ යොදාගනී. දැනට මෙම කාණ්ඩයට අයත් පහත ඖෂධ අපේ රටේද සුලබව භාවිතා වේ. මෙම ඖෂධ ගැනීමේදී ඇති විය හැකි අන්තරාය නම් අධික වශයෙන් රුධිරයේ සීනි මට්ටම පහත බැසීමට ඇති හැකියාවයි. මේ නිසා රෝගීන් තමන්ට නියම කරන ඖෂධ මාත්‍රාව පමණක් පාවිච්චියට ගැනමටත් අධික මාත්‍රාවන් අවදානමට ලක් වෙමින් ගැනීමෙන් වළකින ලෙසත් උපදෙස් ලබා දෙමි.
Glibenclamide
Glimepiride
Glipizide
දියවැඩියාවට ප්‍රතිකාර පිණිස ලොව පුරා වැඩියෙන්ම භාවිතා වන ඔසුව මෙට්ෆොමින්
1922 වර්ෂය වන විට French lilac නම් සපුෂ්ප ශාකයකින් උකහා ගන්නා කොටස් දියවැඩියාව රෝගයට ප්‍රතිකාරයක් බව සොයා ගන්නා ලදී. එළුවන් මෙම ශාඛයට දැඩි අකැමැත්තක් පෙන්වූ නිසා එය Goat's rue (Galega officinalis) යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනු ලැබීය. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක අධ්‍යයන එකල සිදු වූයේ නැත.
මෙය පළමුකොටම විද්‍යාත්මක අවධානයට යොමු වූයේ 1800 ගණන් වලදීය. එහෙත් එතැනින් එහාට සිදුවූ යමක්ද නොවිණ. නැවතත් මේ පැළෑටිය ගැන අවධානයට යොමු වූයේ ඊට දශක හතරකට පමණ පසු 1923 වර්ෂයේ මහා බි්‍රතාන්‍යයේ එඩින්බරෝහී පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵළයක් වශයෙනි. මෙහි ඇති Galegine නොහොත් Isoamylene guanidine නම් රසායනයක් රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමට හේතු වන බව ඔවුන් විද්‍යාත්මකව සොයා ගන්නා ලදී.
1927 වර්ෂයේදී Muller හා Reinwein නම් පර්යේෂකයන් දෙපලක් උකහාගත් ගැලෙජින් සල්පේට් ද්‍රාවණය ලබාගෙන රුධිරයේ ග්ලූකෝස් වල හැසිරීම සටහන් කරගන්නා ලදී. වෙනත් නිරෝගී අයටද අවසානයේ දියවැඩියා රෝගීන්ටද මේ රසායන ලබා දෙමින් මේ පරීක්ෂණ තවදුරටත් මෙහෙයවමින් එහි ඇති රුධිර සීනි අඩු කරන හැකියාව තහවුරු කරගන්නා ලදී.
ඉන් අනතුරුව උදා වූ දශකයේ මේ සම්බන්ධයෙන් විසල් පර්යේෂණ සිදුවිය. විශේෂයෙන්ම Leclerc හාarturier and Hugonot විසින් සිදු කළ පර්යේෂණ දියවැඩියාවට ඔසුවක් සොයා ගැනීමෙහිලා සාර්ථක උත්සාහයන් විය. 1950 දශකයේදී ප්‍රංශයේ මේ සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යන සිදු කෙරිණ. ඒ වන විට භාවිතයේ පැවතී දියවැඩියා ඔසුව සල්ෆොනිල්යූරියා හා සසඳන කළ අක්මාවෙන් ග්ලූකෝස් මුදාහැරීම අඩු කිරීමේ විභව්‍යතාවය සම්බන්ධයෙන් තොරතුරු හ=ූනාගැනීමට ප්‍රංශයේ පර්යේෂණ වලින් හැකි විය.
මේ තදාසන්නයේම ඇමෙරිකාව මීට සමාන ඔසුවක් වූ phenylethyl biguanide භාවිතාව සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළේය. මෙම ඖෂධය නිෂ්පාදනය කළ Ciba-Geigy සමාගමට මතුව ආ ගැටළුව වූයේ ලැක්ටික් කොටස් සිරුරේ තැන්පත් වීමෙන් ඇතිවන ලැක්ටික් ඇසිඩෝසියාව නම් වූ තත්ත්වයට මේ රෝගීන් පත්වීමේ අවදානමයි. මේ නිසා මරණද සැළකිය යුතු ප්‍රමාණයක් ඇති වූ අතර 1977දී ඔවුන්ට phenformin වෙළඳපොළෙන් ඉවත් කරගන්නට සිදුවිය.
ප්‍රංශ ජාතික පර්යේෂකයෙකු වූ Jean Sterne මේ සම්බන්ධයෙන් මුල් වරට පර්යේෂණ සිදු කරන ලද අතර 1957 වර්ෂයේදී එය ප්‍රංශයේ දියවැඩියා ඔසුවක් ලෙස භාවිතයට එක් විය.
මුලින්ම එවකට ඉසුරු පිරි රටවල් ලෙස පැවැතී ප්‍රංශයේ හා ස්කොට්ලන්තයේ පමණක් දියවැඩියා රෝගීන්ගේ භාවිතයට යොදාගත් මෙට්ෆොමින්යොදා ගන්නා ලදී. එය භීෂග්වේදයේ අත්පොත සේ සැළකෙන The British National Formulary හී සඳහන් වූයේ 1958 වර්ෂයේදීය.
වරක් ඕස්ටේ්‍රලියාවේ ඖෂධ ඇගයීම් කමිටුවක් විසින් Phenformin හා metformin යන ඖෂධ දෙකම තහනම් කිරීමට නිර්දේශ කරන ලද්දේ ලැක්ටො ඇසිඩෝසියා අවදානම ගැන පවසමිනි. කෙසේ වෙතත් මේ නිර්දේශයේදී ඖෂධ වල ක්‍රියාකාරිත්වය සමබන්ධයෙන් නිවැරදි ඇගයීමක් කරන්නට ඔවුන්ට මග හැරින. Phenformin පරිවෘත්තීය සිදු වන්නේ අක්මාවේදීය. ඇතැම් පුද්ගලයන්ගේ ඉඳුරන් තුළ විශේෂයෙන්ම ප්‍රවේණික ආබාධ ආදිය ඇති විට ලැක්ටික් අංශු සිරුරේ තැන්පත් වීමෙන් ජීවිත අවදානමක් බලගැන්වීමට ඉඩක් තිබුණි. කෙසේ වෙතත් Phenformin වකුගඩු වලින් පරිවෘත්තීයට ලක් කරන නිසා මේ ලැක්ටොඇසිඩෝසියා අවදානම බලගැන්වෙන්නේ ඉතාමත් කලාතුරකිනි.
1995 වර්ෂය සුවිශේෂී වර්ෂයක් වූයේ Metformin වල ඇති වටිනාකම වඩාත් තහවුරු වීම නිසාය. රුධිරයේ සීනි පාලනය කිරීමේ සුවිශේෂී හැකියාව හැරුණූ විට හෘදය හිතැති බව මෙන්ම එහි ඇති මරණ වැළැක්වීමේ හැකියාව ලෝකයාට පෙන්වා දීමට එම අධ්‍යයන සමත් විය.UK Prospective Diabetes Study පර්යේෂකයින් දස වසරක් පුරා පුද්ගලයන් 3867ක් යොදාගෙන සිදු කළ පර්යේෂණ සම්බන්ධයෙන් මෙහිදී වෛද්‍යවරුන්ගේ විශේෂ අවානය යොමු විය.
අද ලෝකය පුරා වෛද්‍යවරුන් දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කිරීම සඳහා මෙට්ෆෝමින් (ඩිමෙතිල් බිගුවනයිඞ්) පළමු පෙළ ඖෂධය වශයෙන් යොදා ගනී. එය ඉතා ආරක්ෂාකාරී හා වඩාත්ම ප්‍රචලිත දියවැඩියා ඔසුව වශයෙන් සැළකෙණ අතර සෙසු ඖෂධ වලට සාපේක්ෂව ඊට වැය වන්නේද සාපේක්ෂව ඉතා අඩු මුදලකි. Today, metformin is the only clinically significant biguanide and is the most widely used antihyperglycemic agent in the world.
මෙට්ෆොමින් ගතහොත් ඇති විය හැකි සංකූලතාවයක් වෙතොත් එය අවම කරගනු පිණිස ආහාරයෙන් පසු ලබා ගැනීමට උපදෙස් දෙනවා.Immediate-release හා Extended-release ආකාර වලින් මෙට්ෆොමින් ලබාගැනීමට අවස්ථාව තිබෙනවා. දැනට භාවිතයේ පවතින මෙට්ෆොමින් වලින්ද ලැක්ටික් ඇසිඩෝසියාව ඇතිවීමේ ඉතා සුළු අවදානමක් පවතී. මෙම නිසා දීර්ඝකාලීනව මෙම ඖෂධය ලබා ගන්නා රෝගීන් වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය ඇතිව ඖෂධ ලබා ගැනීම සුදුසුය.
වකුගඩු වල ක්‍රියාකාරිත්වය අඩු රෝගීන් හට මෙට්ෆොමින් ලබා දෙන්නේ නෑ. ක්‍රියැටිනින් අගය වැඩි වීම (පිරිමින්ගේ නම් 1.4 mg/dL හා කාන්තාවන්ගේ නම් 1.4 mg/dL ඉක්මවීම) එසේම GFR අගය 60 mL/min ට වඩා අඩු වූ විටද මෙට්ෆොමින් ප්‍රතිකාර පිණිස ලබා දෙන්නේ නෑ.
එසේ නමුත් මෙට්ෆොමින් ඖෂධය නිසා වකුගඩු නරක් වෙන බවට ඇති මතයෙහි කිසිදු සත්‍යතාවයක් නොමැත.
දියවැඩියාවට දෙන ඖෂධ ආකාර
පසුගිය වසර දහයක පමණ කාලය තුළ දියවැඩියාව සම්බන්ධ ඖෂධ ප්‍රභේදත් ඒ ප්‍රභේද වලට අයත් නව ඖෂධත් විශාල වශයෙන් හඳුන්වා දුන්නා. මේ නිසා එක්ව යොදාගත හැකි ඖෂධ පංතියක පිහිට ලබා ගන්නට රෝගීන්ට හැකියාව ලැබී තිබෙනවා. විශේෂයෙන්ම හොඳ රුධිර සීනි පාලනයක් හා සංකූලතා අවම කිරීමේ අවස්ථාවක් මේ නිසා ඇති වී තිබෙනවා.
Agents used in diabetic therapy
දියවැඩියා ඖෂධ කාණ්ඩ
දැනට පහත කාණ්ඩ වල ඖෂධ මූලික වශයෙන් දියවැඩියාව රෝගීන් හට ප්‍රතිකාර පිණිස යොදා ගන්නවා.
Biguanides
Sulfonylureas
Meglitinide derivatives
Alpha-glucosidase inhibitors
Thiazolidinediones (TZDs)
Glucagonlike peptide–1 (GLP-1) agonists
Dipeptidyl peptidase IV (DPP-4) Inhibitors
Selective sodium-glucose transporter-2 (SGLT-2) inhibitors
Insulins
Amylinomimetics
Bile acid sequestrants
Dopamine agonists
කෙසේ වෙතත් දියවැඩියා පාලනයෙහි මූලිකාංගය ලෙස ආහාර වෙනස්කම් ඇති කර ගැනීමෙහි වැදගත්කම මෙහිදීද විශේෂයෙන් අවධාරනය කෙරෙනවා.
දියවැඩියා රෝගය හැදුණූ අළුත බර අඩු කරගන්නා උත්සාහය රෝගයට හොඳම ප්‍රතිකාරයක්. මේ නිසා දියවැඩියා රෝගයට අලුතින් මුහුණ පෑ අය තම බර අඩු කර ගැනීමට විශේෂ අවධානයක් යොමු කරගත යුතුයි.